(ටී. කේ. ජී. කපිල)
මැදපෙරදිග සේවය කරමින් සිටියදී, ඝාතනය කරන ලද තිදෙනකුගේ සිරුරු තුනක් ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත අද (7) රැගෙන විත් ඇති බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රකාශකයෙක් පැවසීය .
එහෙත් මෙම ප්‍රවෘත්තිය පළවීමත් සමගින් ලංකාදීපයට කතා කළ සෞදි අරාබියේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති මධූක වික්‍රමාරච්චි මහතා එම මළ සිරුරු සෞදි අරාබියෙන් එවා නැති බව තහවුරු කර සිටියේය.
වික්‍රමාරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේ අද දින (7 වැනිදා) ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් යානයෙන් සෞදි අරාබියේ සිට ශ්‍රී ලංකාවට එවා ඇත්තේ මළ සිරුරු 4 ක් පමණක් බවත් එයින් එක් අයකු සියදිවි හානිකරගත් පුද්ගලයකුගේ බවත්ය.
මිය ගිය දියණිය ප්‍රේම සබදතාවක් පවත්වාගෙන ගිය කටාර් රාජ්‍යයේ සේවයේ නියුතු විවාහක පුද්ගලයකු සමඟ ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුවී ඇතැයි වාර්තා වේ. පසුගිය මාර්තු මස 1 වැනිදා මෙම ඝාතනය සිදුව තිබී ඇති අතර කොරෝනා වයිරසය ව්‍යාප්තිය හේතුවෙන් සිරුරු දිවයිනට ගෙන ඒමට ප්‍රමාද වී තිබේ.
කෙසේ වෙතත් අද (7) සෞදි අරාබියේ රියාද් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 266 දරන විශේෂ ගුවන් යානයෙන් මෙම මළ සිරුරු තුනත් සමග තවත් මළ සිරුරු 4 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබූ අතර , ඒ අනුව එම ගුවන් යානයෙන් මළ සිරුරු 7 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබූ බවත්, ඔවුන් අතුරින් සිව් දෙනකු වෙනත් හේතු මත මිය ගොස් සිටි අයගේ මළ සිරුරු බවත් ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රකාශකවරයා පැවසීය .
ගෙල කැපීමෙන් මිය ගිය තිදෙනා කැළණිය , බියගම පාරේ , පන්සල අසළ ප්‍රදේශයේ පදිංචිකරුවෝ පිරිසකි. එමෙන්ම ඔවුන් එකම පවුලේ සාමාජිකයන් තිදෙනකු බවට තොරතුරු ද වාර්තා වේ. මෙම තිදෙනා දරුණු අයුරින් කපා කොටා , පසුව ගෙළ සිද මරා දමා ඇති බව මෙම මළ සිරුරු සමග තිබූ ලිපි ලේඛන වලින් අනාවරණය වන බව පැවසේ .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඝාතනය කරන ලද තිදෙනකුගේ සිරුරු තුනක් කටුනායකට
eresh S kumara Tuesday, 07 July 2020 10:10 AM
විඩිමත් පරීක්ශනයක් කර සෞදී රජයට ඉතා දැඩි ක්‍රියමර්ග ගතයුතුයි.
thilak Tuesday, 07 July 2020 10:15 AM
මැද පෙරදිගට කුලීකරුවන් යැවීමේ ආදීනව.
wedage Tuesday, 07 July 2020 10:37 AM
මේ අපේ රට විරුවෝ නේද.?
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 07 July 2020 10:49 AM
මේ ආකාරයට අමානුෂික වද දී කපා කොටා ගෙල සිඳ මරා දැමීමට මේ අය කළ වරදවල් කුමක්ද යන්න විදේශ කටයුතු අමාත්‍යාංශය වහා දැනගෙන රටට හෙළි කිරීම වැදගත්. ලිපි ලේඛන තිබීමෙන් පෙනී යන්නේ මෙය එම රටේ නීත්‍යානුකූල මැරීමට භාජනේ කිරීමක් බව නොවේද? කෙසේ වුවත්, මෙසේ මලමිනි එවීමට රටකට පුලුවන්ද?
sam Tuesday, 07 July 2020 10:54 AM
සංහිඳියාව තියෙන රටක් වගේ...
wimal Tuesday, 07 July 2020 11:39 AM
කවුද මේවට වග කියන්නේ.
Sanath Dubai Tuesday, 07 July 2020 12:24 PM
ඒ කියන්නේ මේ සිද්ධිය අපේ තානාපති කාර්යාලය දැනගෙන ඉදලත් නෙ.
Prabha Tuesday, 07 July 2020 01:09 PM
මේ තානාපති කාර්යාලය සේවය කරන්නේ ලංකාවටද.?
Wasantha Tuesday, 07 July 2020 01:36 PM
මෙය වහාම පරීක්ෂණ කර රටට හෙළිකළ යුතුයි. එම්බසිවල ඉන්නේ අපේ රටේ මිනිස්සුන්ට උදව් කරන අය නොවේ.
saman Tuesday, 07 July 2020 01:52 PM
අවුරුදු 10 කට පෙර මම සෞදි අරාබියේ සේවය කළෙමි. ඒ දවස්වල බොහෝ සෞදි ජනයාට සාමාන්‍ය බුද්ධියක් නැත. සෞදි යනු මා මෙතෙක් සිටි වඩාත්ම මෝඩරටයි.. කෙළින්ම ඔවුන් අසන්නේ “ඔබ මුස්ලිම් ද?” නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් නිවාඩුවක් සඳහා රටින් පිටව ගොස් බීම, සමාජ ශාලාව ඇතුළු සෑම දෙයක්ම කරති. නිරාහාර කාලවලදී පවා බොහෝ සෞදි පුරුදු වී සිටියා... අපේ තැනට ඇවිත් කන්න බොන්න. කෙසේ හෝ මම නැවත කිසි දිනෙක සෞදි අරාබියට නොයමි.
fairoos Wednesday, 08 July 2020 07:51 AM
එතකොට තානාපති කාර්යාලවලින් පරීක්ෂණයක් කරන්න නැතිවද එවලා තියෙන්නේ?