(පද්මා කුමාරී කංකානම්ගේ)
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා තලවිල ශාන්ත ආනා දේවස්ථානයට අද (22) පැමිණ දේවාශිර්වාද ලබා ගත්තේය.
දේවස්ථානයේ පාලක පියතුමන් වන ලයිලි ප්‍රනාන්දු පියතුමන් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස උණුසුම් අයුරින් පිළිගත් අතර පැයකට ආසන්න කාලයක් ගෝඨාභය මහතා දේවස්ථානයේ පියතුමන්ලා සමඟ සාකච්ඡාවක නිරත වූහ.
අනතුරුව ශාන්ත ආනා දේවස්ථානය තුළ ආශිර්වාදාත්ම දේව මෙහෙයක් ද පවත්වමින් පාලක පියතුමන් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ආශිර්වාද ගන්වන ලදී.
මෙම අවස්ථාවට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත, ප්‍රියංන්කර ජයරත්න, අරුන්දික පෙරේරා ඇතුළු පිරිසක් සහභාගී වූහ.




COMMENTS
හරිම අපූරුයි. කලින් හලාවත මුන්නේශ්වරම කෝවිලේ. ඊට පසු තලවිල මරියාගේ ආශීර්වාදය... ඊට පස්සේ දළදා මාලිගාවේ. දිනුවොත් එහෙම මේ දෙවිවරු ගහගනියි. ඔක්කෝටම කලින් මමයි දිනෙව්වේ... මමයි දිනෙව්වේ කියලා.
දැන්ද දෙයියන්, බුදුන් මතක් වෙලා තියෙන්නේ? හොඳට යාඥා කරන්න මහත්තයෝ. මොකද අර ඇමෙරිකන් පුරවැසි අවුල ආයෙත් මතුවෙනවා වගේ පෙනෙන්න තියෙනවා.
මම මෙතෙක් කලක් හිතාගෙන හිටියේ කතෝලික පල්ලිය දේශපාලකයින්ට ආවඩන ස්ථානයක් නොවන බවයි. එ්ත්, දැන් ඒ තත්වය වෙනස් වෙලා. කතෝලික සභාව, මේ රටේ සිටින සියලුම කතෝලිකයින්ගෙන් සමාව ගත යුතුයි. ඒ වගේම කතෝලික පල්ලිය දේශපාලන වේදිකාවක් කල පූජකවරුන්ට අපගේ බලවත් අප්‍රසාදය!! මේ කාරණාව එක දේශපාලකයෙකුට පමණක් නොවේ, සියලුම පක්ෂවල දේශපාලකයින්ට අදාලයි. ලැජ්ජයි!!
පල්ලියත් පන්සලගානට වැටිලා අනේ කතෝලික සභාවට ජේසුපිහිටයි.
දේශපාලකයින්ට පල්ලියේ විශේෂ පුටු තියලයි සලකලා තියෙන්නේ. අපි දන්නා කතෝලික දහමේ නම් පල්ලියට ඔය කවුරුත් එකයි. ඒ මදිවාට, ආරක්ෂකයෝ වෙන්න ඇති, අල්තාරය දෙසට පස්ස හරෝගෙන. දේශපාලකයින්ව පල්ලියට ලංකරගෙන කතෝලිකයින්ව පල්ලියෙන් ඈත් කිරීමටද පියතුමන්ලා මේ උත්සහ කරමින් සිටින්නේ?
ලැජ්ජා නෑනේ වද්දගන්න ... !
දේව ආශීර්වාදය කෙසේවෙතත් දෙවියන්ගෙන් සමාව ඉල්ලුවොත් හොදයි.
කියපු , හිටපු විදියට දැන් මෙහෙම නම්.. ඉස්සරහට මක්කමත් යයි වගේ..
මටනම් පෙනෙන්නේ මේ ඔක්කොම ටික වැලිකඩ තුල රැඳවියන් වෙලා ඉන්නවා වගෙයි . මොන කරුමයක්ද මන්දා ? .
නොපෙනෙන දෙයියන්ගෙන්ම ඡන්දෙත් දිනවල දෙන්න ඉල්ලන්න. මේ වගේ පන්සල් පල්ලි කෝවිල් ගානේ කන්නලව් කරන් කොහොමද රටක් හදන්නේ.
පන්සල් වනදනාවේ ගිහින් පන්සලුත් දේශපාලන මඩු ගරාගෙන දැන් පල්ලි යත් දේශපාලන මඩුවලට පත්කර ගෙන.
මේ මහත්තයත් පන්සල් පල්ලි කෝවිල් දේවාල ගානේ ඇවිදිනවා හැම දාම. ඡන්දෙ කෙසේ වෙතත් ලංකාවේ සිද්දස්ථාන ටික නම් දෙවියනේ කියල වැඳ පුදා ගන්නවා. එකටම හරියන්න අපේ හෙන්චෙයල ටික.... දෙවියන්ටත් උබතෝකෝටික ප්‍රශ්නයක් වෙලා ඇති ලංකාවේ ප්‍රශ්න විසදන්නේ කොහොමද කියල හිතල...
දැන් ඉතින් රටේ තියෙන පන්සල් පල්ලි ඉවර කරයි.
ලංකාවම ඉල්ලන අපේ නායකයාට ජය වේවා!
පල්ලිය වඳින්න ආපු අහිංසක මිනිස්සු මැරුණට දුක නොහිතුන අයට දැන් ගොටාභය දැක්කම තරහ ගිහින්. හැබැයි ඒවාට වගකිවයුතු අය ළඟින් තියාගෙන දැන් අරය ඉන්නේ අපිත් එක්කයි එයා ඉන්නේ අපිත් එක්කයි කියන කොට සතුටට අප්පුඩි ගහනවා.
කෝ අපේ කාදිනල්තුමා? එහෙම නැත්නම් කොහේවත් ගිහිල්ලා වත්ද?
පියතුමන්ලා දෙපලගේ අසරණ මුහුණු දෙක අපට ගොඩක් දේ කියාදෙයි.
ගෝඨා දින්නොත් බලගතු ඇමති කෙනෙක් ඉන්නවා කථානායක ලෙසත් බොරුවට රඟ පෑව....
ඔන්න දැන් පන්සල් වගේ, පල්ලිත් දේශපාලන ප්‍රචාරණ මධ්‍යස්ථාන වෙමින් යනවෝ..!!!
පන්සල් විනාශකරලා දැන් පල්ලිත් විනාශ කරන්න වගේ යන්නේ..