(ඉන්දිකා රාමනායක)

මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා අද (1) සිට කටුනායක ඡාත්‍යන්තර ගුවන්තොටුපලේ මත්ද්‍රව්‍ය නාශක අංශයට රොබෝ යන්ත්‍ර දෙකක් යොදවා ඇත.

මෙම නව රොබෝ යන්ත්‍ර දෙක චීන රජයෙන් පරිත්‍යාග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොලිසිය රොබෝ යන්ත්‍ර භාවිතා කරමින් මත්ද්‍රව්‍ය වැටලීම් කරන ප්‍රථම අවස්ථාව මෙය වේ.

(ඡායාරූප සහ වීඩියෝ - ටී.කේ.ජී.කපිල)