IMG-LOGO

ගාල්ල බන්ධනාගාරයේ සුළු වැරදි සම්බන්ධ සිරකරුවන් 28 කට ඇප

(ඩී.ජී.සුගතපාල)
 
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය අද(26) 10 ක් ඇප මත මුදා හැරියාය.
 
ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (25)  රැදවියන් 18 ක්  ඇපමත මුදා හැරියේය.
 
බන්ධනාගාරවල පවතින තදබදය අඩු කිරිම සඳහා  සුලු වැරදි සම්බන්ධයෙන් සහ දඩ මුදල් ගෙවා ගත නොහැකිවද ඇප තැබිමට නොහැකිවද  දිර්ග කාලිනව බන්ධනාගාර ගතව සිටි රැඳවියන් ඇප මත මුදා හැරිමට රජය විසින්  ගෙන ඇති තීරණය අනුව මෙය සිදු කෙරිණි.
 
 
ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රැඳවියන් අධිකරණය වෙත කැඳවිමකින් තොරව  නිල මැදිරියේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ බන්ධනාගාර අධිකාරි මගින් රැඳවියන් ගැන තොරතුරු ලබා ගැනිමෙන් පසු මෙසේ ඇප මත මුදා හැරිමට නියම කලේය.
 
ඒ අනුව සුලු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින අය ශරිර ඇප මත මුදා හැරිමටත් ඇප තැබිමට නොහැකිවිමෙන් බන්ධනාගාර ගතව සිටින අය පුද්ගලික ඇප මත මුදා හැරිමටත් මහේස්ත්‍රාත්වරයා නියම කලේය.
 
අතිරේක මහේස්ත්‍රාත්වරිය නඩු වාර්තා පරික්ෂාකර බලා බන්ධනාගාරයෙන්ද තොරතුරු ලබාගෙන ඇපදිය හැකි වරදවල් සඳහා බන්ධානාගර ගතව සිටි දස දෙනෙකු ඇප මත මුදා හැරිමට නියෝග කළාය.

 



අදහස් (1)

ගාල්ල බන්ධනාගාරයේ සුළු වැරදි සම්බන්ධ සිරකරුවන් 28 කට ඇප

Mano Friday, 27 March 2020 04:19 AM

විශිෂ්ඨ තීරණයක්...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 451 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 888 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site