(අජන්ත කුමාර අගලකඩ)
ගල්, වැලි සහ පස් ප්‍රවාහනයේදී ක්‍රියාත්මක වූ බලපත්‍ර ලබාගැනීමේ ක්‍රමය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය අද (4) තීරණය කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර එය හෙට (5) සිටම ක්‍රියාත්මක විමට නියමිතය.
ගල්, වැලි සහ පස් ප්‍රවාහනයේදී ජනතාව මුහුණ දෙන දැඩි අපහසුතා සැලකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගත් බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් ප්‍රකාශ කළේය.
මෙම අමුද්‍රව්‍ය ප්‍රවාහනයේදී සාමාන්‍ය ජනතාව මුහුණ දෙන ගැටළු අද පැවති කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවත් ඒ අනුව බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමටත් තීරණය කළ බව හෙතෙම කීවේය.
ගල්, වැලි සහ පස් ලබා ගන්නා ස්ථාන සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා පරිසර අමාත්‍යාංශයේද සහභාගීත්වය ඇතිව කමිටු කිහිපයක් පත්කිරීමටද තීරණය වූ බව ඔහු පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳම තීරණයක්. නියමයි
කමිටු පත් කර නැත. පස් ලබා ගන්නා ස්ථාන තවම තෝරා ගෙන නැත. එසේ තිබියදී මෙය පාලනය කර ගත නොහැකි පාරිසරික අවදානමකි. ගෝල බාලයන් පස් කපා ඉවර කරාවි,කමිටු එන්නට පෙර. හිටපු පරිසර ඇමති තුමනි, ඔබ මෙහි දී නිහඬ බව රකිනවාද?
ඉතාමත් හොඳ කාලෝචිත තීරණයක්. වැලි, ගල් ආදියේ මිල ගණන් අහපුවහම මිනිසුන් මේවා මිලදී ගන්නේ මෙම දේවල් නැතිව ඉදිකිරීම් කටයුතුකල නොහැකි නිසාමයි.
විල්පත්තුව කැපුවට වඩා වැඩි විනාසයක් මෙයින් පරිසරයට ඇතිවීම වලක්වනු නොහැකිය.
පස් මාෆියාකාරයෝ කිරිබත් උයනවා ඇති..
නැවත වැඩ පටන් ගනීවි. බොන්න තියෙන වතුර ටිකත් ඉවරෙටම ඉවර වේවි.
මෙයනම් ඉතාමත් නරක තීරණයකි. කරුනා කර නැවත වරක් මෙය අවලංගු කරන්න.
මීට වඩා වැදගත් දේවල් තීරණය කරන්න වෙනවා. ලංකාවේ ඉන්න රාජ්‍ය හොරු ටික අල්ලන්නේ නැතුව මොනවා කලත් වැඩක් නැහැ. අපි මෙතුමා ව පත් කරගත්තේ මීට වඩා දෙයක් බලපොරෝත්තුවෙන්.
දැන් කිසිම ඉවක් බව නැතුව හිතුන හිතුන තැන් වල හාර හාර පස් වැලි ජාවාරම් ජයටම කෙරේවි. පාරෝභෝගිකයට පස් සහ වැලි වල ගාන අඩුවෙයි සැපයුම වැඩි වෙන හින්දා හැබයි මුළු රට පුරා සිදුවිය හැකි පරිසර විනාශය මිල කල නොහැකි අන්දමකට සිදුවේවි. ඒවා ගැන කීයෙන් කී දෙනාද හිතන්නේ. ලබන ඡන්දෙට රට විනාශකරලා හරි 3/2 බලය ගන්න ඡන්ද ආකර්ෂණය කරගන්න පුළුවන් නියම ක්‍රමවේදයක්.
පස්කඳු ටික ඉක්මනින් ඉවර කරන වැඩක්. වැලි ලොරි වල අනතුරු වැඩිවෙයි. මොකද ලොරිවලට ඕන තැනකින් පටවන්නත් පුළුවන්, සීමාවක් නැතුව අදින්නත් පුළුවන්.
ජනාධිපති තුමාගේ "රට හදන සෞභාග්‍ය දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 64 වෙනි පිටුවේ කියල තිබෙන විදියටද කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙන්නේ? එහෙම නැත්නම් 'කියන කොට එක විදියක් කරන කොට එක විදියක්' ක්‍රමය යටතේද?
හොඳ තීරණයක්. මේ බලපත්‍ර ක්‍රමය මගින් ඇති හැකි අයට පමණි වැඩක් කරගන්න පුළුවන් උනේ.
මේ කැබිනට්ටුවටත් ජාවාරම්කාරයෝ රිංගලා වගේ! මේක හරිම භයානක දෙයක්. මහා මැතිවරණයේදී ඡන්ද නැති වෙයි.
අලුතින් පත්වෙච්ච මැතිඇමතිලා තමන්ගේ හිතවත් අයට දුන්න මැතිවරණ පොරොන්දුවක්ද දන්නෙ නෑ නේද ?
අපි අලුත් ජනාධිපතිතුමන්ගෙන් බලාපොරොත්තු නොවුන දේවල් ලබාදීමෙන් වෙන්නේ මහින්ද මහත්තයට වුන දේ එතුමාටත් වීමයි.
මෙච්චර කදු නායයෑම් වෙනවා. මේවා හොද වැඩ නොවේ. පරිසරයට සංවේදී නැති මිනිස්සු. කවුරු ආවත් එකයි බලන් ගියහම. පස් මුදලාලිලා ඇතුලෙම ඇති..
බලපත්‍ර ක්‍රමයක් තිබිලත් වනාන්තර, ගංගා ඉවුරු වනසන හැටි දැක්කහම බලපත්‍ර ඉවත් කලහම සිද්දවෙන දේ ගැන හිතා ගන්න පුළුවන්. ඉස්සරවෙලා විකල්ප ක්‍රමයක් ස්ථාපිත කරලා ඊට පස්සේ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීම නේද කල යුත්තේ? ඒත් ඡන්දෙට වියදම් කල කොන්ත්‍රාත් කරන අය සතුටු කරන්නත් එපාය.
හොඳ තීරණයක් නමුත් ගල් , වැලි , පස් කියුබ් එකක විකිණිය හැකි උපරිම පාලන මිලක් සදහන් කරන්න, නැතිනම් මෙම තීරණයේ වාසිය ලබන්නේ වැලි සහ පස් මාෆියාව.
මහජනතාවට තියෙන අපහසුව ගැන කියලා තියෙන්නේ.
රටටම හානිකර තීරණයක්. ඉවත් කරන්න.
දැන් ඉතින් හෙන්චයියන්ට ගංගා හාරලා ලොකු පරිසර විනාශයක් කරන්න හැකි වේවි.
අනුන්ගේ ඉඩම්වලින් බලෙන් පස් කැපීම, කුඹුරු ගොඩ කිරීම ආදියට හොරුන්ට බලපත්‍රයක් දීලා. ඉස්සර චන්ද්‍රිකා මැතිනිය රජ කරපු කාලේ ටික කාලයකට කොස් ගස් කැපීම සහ ප්‍රවාහනය සඳහා තිබුණු නීතිය අයින් කල හැටි මතක නේද?
කොහොමත් මේ අය ලග වැලි පස් ජාවාරම්කාරයෝ ඉන්නවා ඔය දිවුලපිටිය පැත්තේ එහෙම. වාසිය කාටද කියලා දැන් තේරෙනවනේ.
පුළුවන් නම් සීගිරියත් කඩලා අදිනවා
ඉතාම හොද තිරනයක්. හරියට කියවන්නෙ නැතිව මොඩ කතා කියන්නෙ ඇයි. මෙක අදාල ප්‍රවාහනයට පමනයි. පස් කපන්න, ගල් කඩන්න නොවේ. ප්‍රාවහනයෙදි විශාල ලෙස පොලිසියට දේශපාලකයන්ට පගා ගෙවන්න සිදුවිමෙන් විශාල ලෙස මිල වැඩි උනා. මිලට උපරිම මිලක් පැනවිම කල යුතුයි.
ගරු පාහියන්ගල ආනන්ද සාගර හිමිපාණන්ගේ ව්‍යයාමය සාර්ථකවී ඇතිබව පෙනේ.
කුමාර මහත්තයෝ අපිට තේරෙනවා ඒ වගේම මේකත් මතක තියාගන්න මේක ලංකාවනේ පටන්ගන්නේ ඔහොම තමයි ඊළගට වෙනදේත් අපි අත්විදලා තියෙනවනේ නේද? අපි ගැන හිතුවානම් ඔයිට වඩා ඉක්මනින් විසදිය යුතු අන්වාර්ය දේවල් කොපමණ තියෙනවාද එකයි ඔතන තියෙන ගැටලුව. මමත් වැලි ප්‍රශ්නෙට ගොඩාක් මුහුණ දීපුකෙනෙක් මං ගැන විතරක් හිතල හරියන්නේ නැහැ රටේ පරිසරයත් රකින්න ඕන නේද? සමහර දේශපාලකයෝ තමයි මේ බිස්නස් එක කරන්නේ. අපිට ආදරේනම් මේ ටික නවත්වන්න මගී ප්‍රවාහනයට සුදුසු නැති බස්, අදික වේගෙන් මිනිස්සු යටකරගෙන යන වාහන ඔයවගේ කොපමණ තියෙනවාද ඉතා වැදගත් වගේම අනිවාර්ය ඒවා. එයාලට වාසියක් වෙන අපිට තියෙන ප්‍රශ්න විතරයි එයාලට මුලින්ම පෙන්නේ.
ගල්, වැලි සහ පස් ප්‍රවාහනය සඳහා වූ බලපත්‍ර ක්‍රමය ආණ්ඩුව විසින් අහෝසි කළේ තාවකාලිකව බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි. මෙම තීරණය හේතුවෙන් ගල්, වැලි, පස් මිල පහළ වැටිය යුතු බව පැවසූ අමාත්‍යවරයා එම සහනය ජනතාව වෙත ලැබෙන්නේද යන්න මෙන්ම මින් අයහපත් ප්‍රතිඵල ඇතිවේද යන්නත් පරීක්ෂා කිරීම සඳහා විශේෂඥ කමිටුවක්ද පත්කර තිබෙන බවයි සඳහන් කළේ... එම කමිටුව විසින් ලබාදෙන වාර්තාව අනුව මෙම බලපත් අහෝසි කිරීම දිගටම ක්‍රියාත්මක කරන්නේද.., නැද්ද යන්න පිළිබඳ ඉදිරි කැබිනට් රැස්වීමකදී තීරණය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
කුමාරි නෝනා ඕවත් කෙරෙන්න ඕනෑ රටේ ඉදිකිරීම් වැඩිකරලා රස්සා වැඩි කරන්න. මේකෙන් පරිසරයට වෙන හානිය වැඩිවෙන විදිහ කියන්නකෝ... දේශපාලුවට තියෙන්නේ කපන ලැයිසන්... ප්‍රවාහනය අසරණ දුප්පත් ලොරිකාරයා. එයාට තමයි ඔක්කොම එන්නේ මේ ලයිසන් එක නිසා... ඉතින් මේකෙන් වාසි වෙන්නේ අපිටයි, දුප්පත් ලොරි කාරයටනේ..
ඉතින් මේ ආණ්ඩුව ගෙනාවේ මේවට තමයි. දැන් සනීපද කියලා අහන ගමන් කියන්න ඕනේ ඕවට විසදුම අනෙක් තක්කඩීන්ව ගේන එක නොවේ රටට ආදරය කරන මිනිස්සු බලයට ගේන එක කියන එක.