IMG-LOGO

ක‍්‍රිකට් විධායක කමිටුවේ හිටපු සාමාජික ගොඩලියැද්දගෙන් පැය 5ක ප්‍රකාශයක්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයේ ලිපිගොනු කීපයක් අස්ථාගතවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුවේ හිටපු සාමාජික සුජීව ගොඩලියැද්ද මහතාගෙන් ක‍්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ විමර්ෂන පොලිස් ඒකකය අද  පැය පහක පමණ කාලයක් ප‍්‍රකාශයක් සටහන් කරගත් බව එම ඒකකයේ ප‍්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා පවසයි.

අදාල ලිපිගොනු අස්ථානගත වීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය වාර්තාවක් පදනම් කරගනිමින් පරීක්‍ෂණ ක‍්‍රියාත්මක කරන බවත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සී.සී.ටී.වී. දර්ශන පරීක්‍ෂාවේදී ගොඩලියැද්ද මහතා අදාල සිද්ධිය වූයේ යැයි කියන දිනයේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයට දෙවරක් පැමිණෙන ආකාරය දැකගත හැකි වූ බවත් ෆොන්සේකා මහතා කියයි.

ගොඩලියැද්ද මහතාගෙන් අද පෙරවරු 10.00 සිට පස්වරු 3.00 පමණ තෙක් ප‍්‍රකාශය සටහන් කරගත් බවත් පරීක්‍ෂණ ඉදිරියටත් ක‍්‍රියාත්මක බවත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

 



අදහස් (2)

ක‍්‍රිකට් විධායක කමිටුවේ හිටපු සාමාජික ගොඩලියැද්දගෙන් පැය 5ක ප්‍රකාශයක්

kamal Friday, 07 May 2021 11:24 AM

ලියද්ද ගොඩ වුණත්, මඩවුණත් ඉඩම් කෑල්ල නම් මරු..

:       0       0

Asanga Friday, 07 May 2021 12:30 PM

හොරුන්ට උපරිම දඬුවම් දෙන්න. මොකද මේගොල්ලෝ ඔක්කොම වගකියන්න ඕනෑ... පසුගිය කාලයට..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 20 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 601 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site