
(අජන්ත කුමාර අගලකඩ)
කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වහාම නතර කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා ප්‍රවාහන අමාත්‍යාංශයට දැනුම් දී ඇත.
එම ව්‍යාපෘතිය වහාම නතර කර එහි ව්‍යාපෘති කාර්යාලයද වසා දමන ලෙස ජනාධිපති ලේකම්වරයා ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් එන්.බී මොන්ටි රණතුංග මහතාට ඉකුත් 21 වැනිදා ලිපියක් යවමින් දක්වා ඇත.
එම ව්‍යාපෘතිය වෙනුවට සුදුසු වැඩපිළිවෙළක් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශයේ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව සමඟ එක්ව සකස් කරන ලෙසද එම ලිපියෙන් දැනුම් දී ඇත.
කොළඹ නගරය හා ඒ ආශ්‍රීතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස කොළඹ සිට මාලඹේ දක්වා මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉදිකිරීමට සැලසුම් කර තිබූ අතර ඊට වැය වන මුදල ඇමෙරිකානු ඩොලර් කෝටි 185 ක් ලෙස ඇස්තමේන්තු කර තිබිණි.
එම මුදල ජපන් ණය ආධාර යටතේ ලබාගැනීමට එකඟතාව පළවී තිබණි.
COMMENTS
ඔන්න දැන් පූසා මල්ලෙන් එළියට පැන්නා. ජයිකා එකෙන් 0.1% ට දෙන ණය ආධාර වලින් ගසාකන්න බැරිබව දන්නා නොම්මර එකේ මනුස්සයා තමයි පීබී ජයසුන්දර කියන කෙනා. එදා මිනිහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වෙලා හිටපුකාලේ ජයිකා එකෙන් දෙන අඩු පොලී ණය ගත්තේ නැහැ. හේතුව ඒ ණය දුන්නම "පසු විපරම්" කරනවා. ප්‍රොජෙක්ට් එකක් කොටස් කීපයකට බෙදලා පළවෙනි අදියර සාර්ථකව, නියම ප්‍රමිතියට කරලා නම් තමයි දෙවන කොටසට මුදල් නිකුත් කරන්නේ... ශ්‍රී ලංකාවේ සිටින ජයිකා නියෝජිතයින් නිතරම පරීක්ෂාවෙන් සිටින්නේ. ඒ සල්ලි හොරාකන්න බැහැ. කීයටවත් බැහැ. ඒ නිසා පී.බී කලේ පසු විපරම්නොකරන 6% හෝ 7% වැනි අධික පොලියකට ණයදෙන ආයතනවලින් අපේ රටට අවශ්‍ය ණය ලබාගැනීමයි. ඒ නිසා තමයි අපේ රට ණය උගුලට හිරවුණේ. දැන් මිනිහා ජනාධිපති ලේකම්. දැන් ඉතින් කාට බයද? අර වටිනා, මහජනතාවට අඩු පොලියට කරගන්න තිබුණු ප්‍රොජෙක්ට් එක අවලංගු කරලා... වෙන ලොකු පොලි අනුපාතයකට සල්ලි දෙන කළුකඩ කාරයෙක්ගෙන් සල්ලි " හිඟාකාවි ". බුද්ධිමත්, උගත්, අවංක, පාලකයිනුත් නැති, නීතියත් නැති රටක ආර්ථික ඝාතකයා තමයි රජා...!!! 69 ලක්ෂයක්වූ අයගේ සිහින කුමාරයා තව වැඩ පෙන්වයි 20 සම්මත කරගත්තට පසුව....
දවසින් දවස මොකක්හරි කඩා වැටෙනවා. ළඟදිම මැතිවරණයක් තියයි වගේ.
ජය වේවා..!!!
විදේශ මාධ්‍ය වාර්තා කරලා තිබ්බේ මෙය චීනයේ බලපෑම් මත සිදුවූවක් කියා.., බලමු දැන් ඊළඟට ඕකම චීනය සමග පටන් ගන්න ගියොත්... ඔක්කොම ටික තේරුම් ගන්න පුළුවන්..
මා සිතන්නේ මීට හේතුව පසුගියදා අග්‍රාමාත්‍යවරයා විසින් විදේශීය රටවලින් ගත් ණය ආපසු ගෙවීම සඳහා විරාමයක් ඉල්වා සිටීමයි. එවැනි පසුබිමක් තුළ, මේ ණය දීම නතර කලේ ජපානයේ JICA ආයතනයයි.
දේශීය ආර්ථිකයක් ගොඩ නගන්න උත්සාහ කරන නිසා ඉවසගෙන ඉන්න. මේ මනුස්සයා මොනවාහරි කරන්න යනකොට බනින්න එපා... කාලය ලබාදෙන්න.
කොමිස් කේස් ...!!!
තාම පටන් ගත්තා විතරයි. ඉස්සරහට ගොඩක් දේවල් සිද්ද වෙයි. අපි බලාගෙන ඉම්මු.
කොමිස් ගන්න පුළුවන් ඒවාට තැන දෙන්න කියලා මහ තැනගෙන් නියෝගයක් ලැබුණා. 20 සම්මත වුණාම කෑලි ටික තියෙන්නේ. විගණනය කරන්නත් බැරි නිසා කල්ල මරේ...
ඇත්තටම මේක හොඳ ව්‍යාපෘතියක්. මාලඹේ ඉඳලා කොළඹ එන මිනිස්සු දන්නවා විඳින දුක. මේක හැදුවා නම් ඉතාම පහසුවෙන් කාලය ඉතුරු කර ගෙන ගමන් කරන්න තිබුනා. මේක පටන් ගත්තේ කවුද කියන එක වැදගත් නැහැ. අවාසනාවට අපේ රටේ දේවල් සිදු වෙන්නේ මහජනතාවට ප්‍රයෝජනවත් වෙන විදියට නොව පාලකයන්ට ප්‍රයෝජනවත් වෙන විදියට.
කපිල වගේ අය වැඩි වැඩියෙන් ලංකාව තුළ පහළ වේවායි යන්න ලාංකීය දේශපාලුවන්ගේ නිමල පැතුමයි..
ඔය දුම්රිය දකුණට සැලසුම් කරලා තිබුණා නම් කොහොමහරි හදනවා. බස්වල යන අයගේ අමාරුව ලොක්කන්ට තේරෙන්නේ නැහැ.
ඔය දුම්රිය දකුණට සැලසුම් කරලා තිබුනානම් කොහොමහරි හදනවා, බස්වල යන අයගේ අමාරුව ලොක්කන්ට තේරෙන්නේ නැහැ.
මේක නවත්වන්න හේතුව කියන්න. අනික මේකට වියදම් කරපු මුදලට වගකියන්නේ කවුද.?
මේක නවත්වන්න හේතුව කියන්න.
මේ වෙනුවට ජනතාව අවදානම් දුම්රිය මාර්ග ගාලු පාර සිට වේයන්ගොඩ දක්වා මෙට්‍රෝ ව්‍යාපෘතියක් කරන්න පුලුවන්.
පහුගිය අවුරුදු 5 ණය බර වැඩි වෙලා ආර්ථිකය යටටම ගියා.
මේක ලොකු ගානක් වැයවන අනවශ්‍ය ප්‍රොජෙට් එකක්.
මට තේරෙන විදිහට නම් ජපන් ආධාර ගිවිසුම යටතේ මෙම සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය කළහොත් ලැබෙන කොමිස් මුදල අඩුවන අතර වැඩි පොලියට ණය ලබා ගත හොත් වඩා වැඩි කොමිස් කුටිටියක් ලබාගත හැක. රජයේ සේවය සඳහා නුසුදුසු පුද්ගලයෙක් බවට අධිකරණය මගින් දන්වා ඇති කෙනෙක් නියෝග කරන විට තවත් කවර කතාද..?
පොර්ට් සිටිය දෙක. එකෙක් පටන් ගන්නවා අනිකා නවත්තනවා. කොන්ත්‍රාත්කාරයින් නිකන් යන්නේ නෑ.. සල්ලි අරන් යන්නේ..
චීනයත්, ජපානයත් අතර ජාතික වෛරයක් සහ තරගයක් තියෙනවා. ජපානය, චීනය සහ කොරියාව යටත් කරගත්ත නිසා... කිසිම හේතුවක් නැතිව මේ වගේ වැදගත් රටට මහත් ප්‍රයෝජනයක් වන යහපත් ව්‍යාපෘතියක්, හේතුවක් නැතිව නැවැත්තුවේ ඇයි කියලා හිතාගත හැකියි.
මොනවා වුණත් වටපිටාවෙන් අප ලැබූ අත්දැකීම්වල හැටියට විජිත් මහත්තයාගේ අදහස පිළිගන්නට පිළිවනි. ඒකම තමයි මේ වෙන්නේ. 01% පොලියට වඩා අඩුවට මේ ව්‍යාපෘතියට ණය ගන්නවාද කියලා අපි බලාගෙන ඉමු. ඩොලර් ට්‍රිලියනයක් වන ණය වාරිකය ට්‍රිලියන 2ක් වුණත් කමක් නැහැ. ඒ මහත්වරු කොහොම ණය ගත්තත් ගෙදර සැපෙන් ඉන්න අයනේ. ගෙවන්න අපි ඉන්නවානේ..
20 නැතුව මෙහෙම නම් ?
මදැයි 69 ලක්ෂයක් ඡන්දෙදීලා කරගත්ත අපරාධයක්... පොලියක් නැතුවම වගේ දෙන ණය මුදලකින් ප්‍රයෝජනයක් ගන්න බැරිතරමට අපි අවාසනාවන්තයින් වෙලා.
ඕකේ මුළු ගාණට පොලියත් එකතු කරලා තියෙන්නේ. බොරුවට චීනයට බැන්නට වැඩක් නැහැ. දෙකම එකයි. මෙලෝ දෙයක් දන්නේ නැතිව චීනයට බැන බැන ඉන්නවා.
කෝටි 34000ක් කියන්නේ ලොකු ගාණක්. පොඩි පිරිසකට සෙත සලසනවාට වඩා ඕක ජාතික රෝහල්වලට වියදම් කළා නම් දුප්පත් මිනිස්සුන්ට සෙතක් වෙයි.
මේක නවත්තපු එක හොඳ තීරණයක්. ගිය ආණ්ඩුව කාලේ මම මේ ව්‍යාපෘතිය හුඟක් විවේචනය කළා. කොළඹ ඉඳන් මාලබේට කිලෝමීටර 17ක් වගේ කුඩා දුරක ට්‍රැෆික් නැති කරන්න ඇමරිකන් ඩොලර් බිලියන් 2.2ක ණයක් !!! සිහි බුද්ධියෙන් කල්පනා කරන ඕනෑම කෙනෙකුට තේරෙනවා, මේ ණය මුදල මහා අපරාධයක් කියලා.