(නිමල කොඩිතුවක්කු)
චීනයෙන් ගෙන් වු ගැන්ට්‍රි දොඹකර 3 ක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි නොකිරීම හේතුවෙන් වෘත්තීය සමිති 23කට අයත් කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව අද(2) දිනයේ කෑම පැයේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කළේය.
වරාය හා නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමග වෘත්තීය සමිති නියෝජිතයන් ඊයේ පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙම වැඩ වර්ජනය ආරම්භ කළ බව වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති සංජය කුමාර වැලිගම මහතා ලංකාදීපයට පැවැසීය. වර්ජනය හේතුවෙන් ජයබහාලුම් පර්යන්තයේ කටයුතු සම්පූර්ණයෙන්ම ඇන හිට ඇති බැවින් වරාය කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බවද ඔහු සඳහන් කළේය.
මෙම ගැන්ට්‍රි දොඹකර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි නොකිරීම හේතුවෙන් වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති සංජය කුමාර වැලිගම මහතා ඇතුලු වෘත්තීය සමිති ක්‍රියාකරුවෝ තුන්දෙනෙක් කොළඹ වරාය පරිශ්‍රයේ, මීටර 50ක් උසැති ගැන්ට්‍රි දොඹකරයකට නැඟී ඊයේ(1) දහවල් 12.00 පමණ සිට විරෝධයේ නිරත වූහ. ගැටලුවලට විසඳුම් ලැබෙනතෙක් ඊයේ දිනයේ සිට ආහාර වර්ජිතව අඛණ්ඩව මෙම විරෝධයේ නිරත වන බවද වැලිගම මහතා සඳහන් කළේය.
ඉකුත් ජූනි මස 20 වන දින චීනයෙන් මෙරටට ගෙන්වා ඇති ගැන්ට්‍රි දොඹකර 3 ක් තවමත් කොළඹ වරායේ නැංගූරම්ලා ඇති නෞකාවක ඇති බවටත් ඒවා නැගෙනහිර පර්යන්තයේ සවි කරන ලෙසටත් බල කරමින් මෙම විරෝධතාව ආරම්භ කළේය.
මෙම ගැන්ට්‍රි දොඹකර නවතා ඇති නැවට එක් දිනකට ඇමරිකානු ඩොලර් හැටදහසක මුදලක් ගෙවීමට සිදුවන බැවින් විශාල මුදල් නාස්තියක් සිදුවන බවද ඔහු සඳහන් කළේය.
බලධාරීන් සමග දින ගණනක් මේ පිළිබඳ සාකච්ඡා කළ බවත් ඒ සම්බන්ධයෙන් බලධාරීන් අවධානය යොමු නොකිරීම හේතුවෙන් මෙම විරෝධතාවය ආරම්භ කළ බවත් ඔහු පැවසීය.
වරාය මුදල් කොට්ඨාසයේ ස්වාධීන සේවක සංගමයේ ලේකම් හර්ෂණ මදුරංග සහ ස්වාධීන ටජ් යාත්‍රා සේවක සංගමයේ සභාපති නුවන් රූපසිංහ යන මහත්වරුද මෙම විරෝධතාවයට එක්ව සිටිති.
2025 නොවැම්බර් මස 04
399
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2177
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1652
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොළඹ වරායේ වෘත්තිය සමිති එකමුතුව වර්ජනයක