කොළඹ ප්‍රදේශයේ කලාප 13 කට හෙට (14) පස්වරු 8 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි.
කොළඹ 01,02,03,04,07,08,09,10,11,12,13,14 සහ 15 යන ප්‍රදේශ වලට ජල සැපයුම කප්පාදු කරන බව එම මණ්ඩලය සඳහන් කරයි.
කොළඹ 05 සහ 06 යන ප්‍රදේශවලට අඩු පීඩන මට්ටමකින් ජලය සැපයීම සිදුකරනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාන්න ගියොත් වතුර නැත. කන්න ගියොත් ලයිට් නැත. ගමනක් යන්න ගියොත් පාරෙම ඉන්න වෙන ලෝකෙම්ම සුන්දර රට ශ්‍රී ලංකාවයි. කන්න ගන්න ගියොත් වසවිස ගන්න වෙන අපුරු රටකි. බෝට්ටුවක නැගලා හෝ වෙන රටකට පැනපු එකා වාසනාවන්තයෙකි. පිංවන්තයිනි, ගිය දිසාවකම ඉන්න. අත්දුටුවයි සත්‍යයි. ශ්‍රී ලංකාවේ දේශපාලකයෙක් හෝ ඔහුගේ කිට්ටුවන්තයෙක් වෙන්න හැකි නම් පමණක් ඔබ සුන්දර රටේ ජීවත් වෙන්න සිතන්න.
මෙයාලා මාසෙට වෙනස්වෙලා තියෙන තරමක්... පව් ඉතින්...
මොකද... " සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියවූ අන්තිම සටනට එක්වෙයව්" කියන්නේ?
මෙච්ච්චර දොරේ ගලන්ඩ වැහලත් වතුර කපන්නේ ඇයි. වර්ණකුලසූරිය කියනවා වගේ ලංකාවේ සාස්තර කාරයන් කියනවා කේන්දර බලල පිට රට යන්න වාසනාව තියනවා කියල . මං හිතන්නේ මේ කැපිලි නිසා වෙන්න ඇති. පසු ගිය දවස් වල ඡන්දෙට ඇවිත් කෑ ගහපු සමහරු පිට රට වල ඉන්න අය තමයි . අපිට ආරංචි වුණා සමහර සිවුරුදැරූ අයත්. ඒම රට වල සියලු නිදහස භුක්ති විඳිමින් යසට ජීවත් වෙනවලු. ඒ ගොල්ලන්ට පිනටත් මුදල් ලැබෙනවලු. ඒ ගොල්ලන්ගේ කේන්දර හොඳ ඇති.
මල්වානේ ජල සැපයුම නම් ඉතාම දුර්වලයි. පුර්ව දැනුම් දීමක් නැහැ, ඒගොල්ලන්ට හිතුනද කපනවා. නාලා සබන් ගාල බලන කොට වතුර කපල. පසුගිය පෝය (11)දවසෙත් වතුර නැහැ. වතුර කපන්නේ නිවාඩු දිනවලටමයි. ඇහුවහම හදිසි අලුත්වැඩියාවක් කියනවා. එවුණාට වතුර බිල අඩුවෙන්නේ නැහැ. මොකද හුලන් අදිනවිටත් වතුර මීටර් එක කැරකෙනවනේ.
එහෙම නම් ඉතින් වැසිකිළි යන්නට වෙන්නේ පරණ පුරුදු විදියට මුහුදු වෙරළටයි.
71 වසරක් ඔහොම දිව්වනේ තව 5 කුත් දුවලම බලන්න
ඔය අල්ල පනල්ලේ වතුර බිල වැඩි කරන්න ඕනේ කියලා බෙරිහන් දෙනවා. නමුත් මණ්ඩලේ අනවශ්‍ය වියදම් අඩුකරන්න කියලා මොර දෙන්නේ නැහැ.
කවුරුත් වතුර කපනවා/වතුර නෑ කියලා වෝටර් බෝඩ් එකට බනිනවා මිසක් තාම අපි සුද්දගේ කාලේ දාලා ගියපු වතුර පයිප්ප වලින් වතුර බිබී, සුද්ද හදපු කෝච්චියෙන් ගිහිල්ලා කතිරේ ගහලා අවුරුදු 70 ක් රට පාලනය කරන්න දුන්න අයගෙන් අහන්නේ නෑ අපිට බොන්න වතුර දෙන්න මොනවද කරේ කියලා............වෝට බෝඩ් එක පට්ට ගේමක් දීලා කැඩිච්ච පයිප්ප වලින් වතුර දෙද්දී ඒවා හදන්න සල්ලි නැති උනාට ඡන්දෙට නම් මිලියන් ගණන් වියදම් කරනවලු. ඒවා ගැන මිනිස්සු නිහඩ වෙලා අපිට වතුර නෑ කියලා වෝටර් බෝඩ් එකට බැනලා වැඩක් තියනවද ?