
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් සිදුවන මරණ බැහැර කිරීමේ ක්‍රම අධ්‍යනය කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව අවසන් වාර්තාවක් ඉදිරිපත් කර තෙක් ආදාහනය කිරීම දිගටම කරගෙන යන ලෙස එම කමිටුව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා ඇත.
එම ඉල්ලීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දැනුම් දී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද (22) පැවසීය.
මින් පෙර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයන් භූමදානය කිරීම සම්බන්ධයෙන් විශේෂඥ කමිටුව සිය අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුව තීරණයක් ගන්නා බවය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.