ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොවපුරා මියගිය ගණන 21,000 ඉක්මවා ගොස් ඇත.
 
 ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම දත්තවලට අනුව සමස්ත කොරෝනා මරණ ගණන 21,152කි.
 
 ලොවපුරා සිටින සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 451,355 යැයිද කොරෝනා වයිරසය ආසාදනය වූ 112,982 මේ වනවිට සුවය ලබා ඇතැයිද  එම විශ්වවිද්‍යාලය තවදුරටත් සඳහන් කරයි.
 
 
("ද ගාඩියන්")