
කොරෝනා ප්‍රතිරෝධි එන්නත ඉන්දියාවෙන් ලබාගැනීමේ පළමු පියවර ලෙස ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත් කුප්පි 600,000 ක් ජනවාරි 27 වනදා ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පැවසීය.
එන්නත් ඉක්මනින් ලබා දීම සඳහා ඉන්දීය බලධාරීන් ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරන බව කොළඹ පිහටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඊයේ තහවුරු කළේය.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ කොරෝනා ප්‍රතිරෝධි එන්නත් සඳහා හදිසි භාවිත අනුමැතිය ශ්‍රී ලංකා රජය විසින් දැනටමත් ලබා දී ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කුඩා බෝතලයකින් එන්නත් 10ක් සකස් කරගන්නට පුළුවන්. එය දෙවතාවක් ලබාදිය යුතු වෙනවා. මුල් වතාවේ එන්නතේ ප්‍රති ශක්තිකරණය ක්‍රියාත්මක වෙන්නේ එය ලබාදී සති තුනකට පමණ පසුවයි. නමුත් දෙවන එන්නත ලබාදෙනතෙක් දැන් වගේම සම්පූර්ණයෙන්ම ප්‍රවේසම් විය යුතු වෙනවා. මුල් වතාවෙන් සති 12කට පසු දෙවන වතාවට එන්නත ලබාදුන් පසුව පූර්ණ ආරක්ෂාව ලැබෙනවා. එන්නත ඉතාම කුඩා එකක් නිසා එය අතට විදින බවක් දැනෙන්නේවත් නැහැ. ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත් බෝතල් සාමාන්‍ය ශීතකරණයක තියාගන්නට හැකිවීමත් එන්නත විදිනය තුළට ලබාගත් පසුව සාමාන්‍ය කාමරයක පැය 24ක් ආරක්ෂා සහිතව තබාගන්නට හැකිවීමත් විශේෂත්වයක්. 22 වැනිදා මෙම එන්නත මා ලබාගත් නිසයි මෙම තොරතුරු මට දැනගන්නට හැකිවූයේ. එන්නත් ලබාදීමේදී රෝගය බෝවීමේ ප්‍රවණතාවය වැඩි වයස 70ට වැඩි පුද්ගලයින්ට මුලින්ම ලබාදීම සුදුසු බවයි කියන්නේ. හැකි ඉක්මණට එන්නත් ලබාදීම ක්‍රියාත්මක කළොත් වටිනවා.
මේ ගේන එන්නත් ටික මුලින්ම දෙන්නේ කාටද?
නැගෙනහිර ජැටියේ ගැටලුව දැන් ඉවරයි, ඈවරයි, දෑවරයි, ඉන්දියාව ගත්තා, ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත් කුප්පි 600,000 දුන්නා. එ්කත් බලන්නකෝ..
දැන් ගෙනෙයි එනනත් බොහොම ඉක්මණට... මීටත් වැඩිය ඉක්මණට ගේන්න තිබුනා ඉහළ උදවිය වේලාසන විදගෙන තිබුණේ නැතිනම්..
එන්නත් කුප්පි ලක්ෂ 6 දෙන්නේ වරාය ලියලා දෙන්න කියලද.? ඒවා බැහැ මේ සැරේ. වරාය 100%ක්ම අපේ. වරාය ඉන්දියන් කල්ලතෝනින්ට දුන්නොත් එදාට ලංකාවේ ඉන්න ඉන්දියන් කාරයින්ටත් දෙවියන්ගේම පිහිටයි. කොන්ද කෙලින් තියාගෙන බුද්ධිමත්ව රට පාලනය කරන්න බැරිනම් " රට විනාශ නොකර " කරුණාකරලා ඔය පවුලම වහාම ඉල්ලා අස්වෙලා මැතිවරණයක් තියන්න. ඔබ මේ රට " තාවකාලිකව " බාරගත්ත දා සිට මේ රට විනාශ වුණා.
ලක්ෂ 6 දඹානේ ඇත්තෝලාටවත් මදි...
මේ අස්සේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ආරක්ෂා කරමු.
එන්නත හොඳටම ෂුවර්ද? අන්තර්ජාලයේ බැලුවොත් බොහෝ බෙහෙත්වලට අතුරු ආබාධ තිබෙනවා. මෙම බෙහෙත අවුරුදු ගණනාවක් අත්හදා බැලීම්වලට ලක්වූවක් නොවෙයි. මෙයද අත්හදා බැලීමක් විය හැකියි. එම නිසා කෝවිඩ් වලින් පරිස්සම් වෙමු. එන්නත පරක්කු කරමු. එන්නත නිසා අං ආවොත් මොකද කරන්නේ?