(රොමේෂ් මධුෂංඛ)
වව්නියාව ඊච්චන්කුලම් ප්‍රදේශයේදී කොටි සංවිධානය විසින් වල දමනලද රන් ගොඩ ගැනීමට උත්සහ කළ සැකකරුවන් 05 දෙනෙකු අද (18) දින වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන අප්‍රේල් මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස වව්නියාව මහේස්ත්‍රාත් නස්මීන් ෆවුසර් මහත්මිය නියෝග කළාය.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඊච්චන්කුලම් පොලිස් ස්ථානාධිපතිවරයාට හා තවත් කොස්තාපල්වරයෙකුටද සැකකරුවන්ට සහාය දුන්නේ යැයි චෝදනා එල්ල වී ඇති අතර එම චෝදනාව සම්බන්ධයෙන් පොලිස් විනය පරීක්ෂණයක් පැවත්වීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
මේ වන විට පොලිස් ස්ථානාධිපතිවරයාට මුලතිව් කොට්ඨාසයටත් කොස්තාපල්වරයාට මන්නාරම් කොට්ඨාසයටත් ස්ථාන මාරුවීමක් ලබා දී ඇත.
ජංගම දුරකතන 09 ක්, මෝටර් රථයක් සහ රත්තරන් ගොඩ ගැනීම සඳහා යොදාගත් උපකරණ කිහිපයක් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ රත්තරන්?
කොටි රත්තරන් සියල්ලම ඒ කාලයේ රට පාලනය කල අය ඉන්දියාවට ගෙන ගොසින් විකුණු වග ද්‍රවිඩ මිතුරන් පවසන්නෙ. ලකාවේ රත්තරන් හොයල කලේ නාස්ති කරන්න එපා.
නැහැ හමුදාවෙන් එද්දි බයේ හංගපු ඒවා ගොඩක් තව තියෙනවා.ගොඩක්ම ලිඳවල් අස්සේ තියෙන්නේ, හංගපු අය තමා දන්නේ. සමහර ඉඩම් වලට අයිතිය කියාගෙන එන්නෙත් පොලව යට එක එක ඒවා හංගපු නිසා.