
(ප්‍රේමතිලක ද සිල්වා)
කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ තවත් ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් අද (13) සවස නිකුත් වූ පී.සී.ආර්. වාර්තාවලට අනුව තවත් කෝවිඩ් ආසාදිතයන් සිව් දෙනෙක් සහ මීට කලින් කෝවිඩ් ආසාදිතයන් හමුවූ ඇඟළුම් කර්මාන්ත ශාලාවෙන් එක් ආසාදිතයෙක් සමගින් අද (13) දිනයේදී කර්මාන්ත පුරයෙන් නව කෝවිඩ් ආසාදිතයන් පස්දෙනෙක් වාර්තා වූ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පැවසීය.
මෙම කෝවිඩ් ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ගාල්ල මහමෝදර ශික්ෂණ රෝහලේදී සහ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛරස වේද රසායනාගාරයේ දී සිදුකළ පී.සි.ආර්. පරීක්ෂණ වලට අනුව ය.
මෙම ආසාදිත එයින් රජ්ගම කහඳ බද්දේගම සහ කඹුරුපිටියේ යන ප්‍රදේශවල ස්ථිර පදිංචිකරුවන් බවද වෛද්‍ය සිරිවර්ධන වැඩිදුරටත් කීය.
මෙම රෝගීන් සියලුම දෙනා කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කළ බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා පැවසීය.
ඒ අනුව මේ වන විට ඉකුත් සතිය තුළ කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්තශාලා දෙකකින් කෝවිඩ් ආසාදිතයන් 11 ක් සොයාගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 04
695
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොග්ගල තවත් ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් ආසාදිතයන් හමුවේ
chandima Wednesday, 13 January 2021 05:50 PM
පැණිය දීලාවත් බැරිවෙයිද?