(දිල්රුක්ෂි ග්‍රේරු)
කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලුම තැපැල් හා උප තැපැල් කාර්යාල නැවත දැනුම්දෙනතුරු තාවකාලිකව වසා දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
කුරුනෑගල ප්‍රාදේශිය තැපැල් අධිකාරී කාර්යාලයේ හා කුරුනෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 14 දෙනකුට කොරෝනා අසාදිත වී යැයි හඳුනා ගැනීමත් සමඟ මෙම පියවර ගෙන තිබේ.
ඇතැම් නිලධාරීන් තැපැල් බෙදීම් හා ඖෂධ බෙදාදීමේ රාජකාරී සඳහා අනෙකුත් තැපැල් හා උපතැපැල් කාර්යාලවෙත ගොස් ඇති නිසාත් සෞඛ්‍ය අංශ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
මේ හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඖෂධ බෙදීමේ රාජකාරීද නැවත දැනුම්දෙනතුරු නවත්වා තිබේ.ඖෂධ බෙදා හැරීම සඳහා සෞඛ්‍ය අංශ හා එක්ව කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය කටයුතු සුදානම් කරමින් පතින බවද තැපැල් දෙපාර්තමේන්තව කියයි.

2025 දෙසැම්බර් මස 30
11
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් සේවා තාවකාලිකව නවත්වයි