(විනීතා එම් ගමගේ)
රටේ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු සියලු දෙනා ඉකුත් 9 වැනිදා අරලිය ගහ මන්දිරය වෙත කැඳවුවත් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි ද එය අනිවාර්යයෙන් සම්මත කළ යුතු යැයි ද කියමින් කිසිවෙකුටත් අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා නොදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කියයි.
මෙම තත්ත්වය මත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය අදහස් පිටු 9 කින් යුත් දිර්ඝ ලිපියකින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යැවීමට විජේදාස රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.
විජේදාස රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය පහත දැක්වේ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැති කමක්වත් දීලා නිශ්ශබ්ද කරන්න වෙයි මගේ හිතේ...
තමන්ගේ මඩිය තර කරගන්න බලන්නේ, මේ අයගෙන් නිසැක ජනතා සේවයක් බලාපොරොත්තු විය නොහැක.
මේකෙන්ම තේරෙනවා ආණ්ඩු පක්ෂයේ ඉන්න පිරිස දැනටමත් විරුද්ධ මත නොයිවසන බව, රටේ ඉන්න ඕන එහෙයියන් විතරද.?
මේයා තමයි මේ ඔක්කොටම මුල...
ඔහුට එකට වැඩ කිරීමට නොහැකි නම්. විනය ක්‍රියාමාර්ග ගෙන පක්ෂ සාමාජිකත්වයෙන් හා පාර්ලිමේන්තුවෙන් ඉවත් කරනු ලැබේ.
මේ 20ක් නිසා ආයෙත් 2015 කලින් ඇතිවූ තත්වය ඇති වෙලා.
කඩේ ගිහිල්ලා ගිහිල්ලා මල්ල ඉරුණාට පස්සේ දැන් දාඩිය පිහිනවා.
නමුත් මේවා නිෂ්ඵල දේවල්නේ..
ජනාධිපතිතුමනි, මෙන්න මේ විජේදාසට කැබිනට් ඇමතිකමක් දීල දාන්න. එතකොට අර ජී.එල්. පීරිස්ටත් වඩා හොඳට 20 ඉතාම අත්‍යාවශ්‍ය වැදගත් සංශෝධනයක් බව පැහැදිලිකර දෙයි. මොකද ඕනෑම දෙයක් තමන්ට අවශ්‍ය විදියට විශ්ලේෂණය කරමින් අවශ්‍ය නම් ඇති දෙයක් නැති විදියටත්, නැතිදෙයක් ඇතිවිදියටත් පෙන්වීමේ සහජ කුසලතාවක් මෙයා සතුව තිබෙනවා.
වැඩිපුර ඉන්නේ හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන එකේ දිග හා වට මනින එහෙයියෝ පිරිසක්..
ඔය ලියනවා විතරයි. පාර්ලිමේන්තුවේදී ඕකට පක්ෂව ඡන්දෙ දීලා කියයි සාමූහික වගකීම ඉෂ්ඨ කරා කියලා.
ලව් ලෙටර් ලියන්නෙත් ඔහොම හිතේ තියෙන දේ කියාගන්න බැරි වුණාම තමයි.
පෙර වැරැදි කෙසේ වෙතත්.., මේ අවස්ථාවේදී හරි නියම බයියෙක් වීම අගය කළ යුතුයි.
මන්ත්‍රීවරයෙකුගේ ප්‍රධාන කාර්යභාරය වන්නේ නීති සම්පාදනයයි. මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදද්දී, “තියෙන්නේ මොනවා වුණත් කට වහන් අත උස්සන්න“ කියලා කියනවා නම් මරේ මරු...
ජනාධිපතිතුමනි, විජයදාස මහතාගේ පිටු 9කින් යුත් මෙම ලිපියට ඔබ පිළිතුරු දක්වන්නේ නම් මැනවි.
ඉතා සංක්ෂිප්ත හා කරුණු ඉදිරිපත් කිරීම. ජනාධිපතිවරයා සහ පාලක පක්ෂය මෙම සංශෝධන අධ්‍යයනය කරනු ඇතැයි මම දැඩි ලෙස බලාපොරොත්තු වෙමි. ව්‍යවස්ථාව වෙනස් කිරීමට මෙතරම් ඉක්මන් වන්නේ මන්දැයි මට තේරුම් ගත නොහැක.
ජනාධිපතිගේ මුක්තිය ඉවත් කරනවා නම් පාර්ලිමේන්තුවේ කරන කියන දේට තියෙන වරප්‍රසාද ඉවත් කළ යුතුයි.
උඩ අදහස් දාලා තියන අය මිනිස්සුද කියලා මට සැකයි. මොකද අපිට මිනිස්සු කියන්නේ මනසින් උසස් නිසා. මට මෙතුමාගේ දේශපාලනය අදාල නෑ. නමුත් මේ ලිපිය ඉතා වැදගත් එකක්.. ඒත් උඩ අදහස් දාලා තියන අයගේ වහල්භාවය කොච්චරද කියනවා නම් ඒකට මෝට්ටපාලලා වගේ අදහස් දාලා. මම හිතන්නේ පිටු 9ක් නිසා කියවන්නේ නැතුව මෙහෙම අදහස් දානවද මන්දා. මොකද මෙතුමාගේ දේශපාලන භාවිතාවන් එච්චරම හොඳ නෑනේ...
රටම වහන්න පුලුවන් කුණුගොඩක ප්‍රශ්න සම්භාරයක පැටලී අතරමන් වුණි. උගතුන්, බුද්ධිමතුන්ගේ තර්ක හමුවේ මහජනයාද අතරමන් වෙති. සරලව කිව්වොත්. උදාහරණයක් ලෙස, 'තාක්ෂණ අංශයෙන් උපාධියක් ගත් පුද්ගලයෙක්ව "කුඹුරු සංවර්ධනය කිරීම" සම්බන්ධව පාලකයකු කිරීමෙන්, කුඹුරු සංවර්ධනය කිරීම සම්බන්ධව ඔහු තුළ පවතින දැනුම පිළිබඳ ගැටලු ප්‍රශ්න නිර්මාණය වේ..' එවැනි වැරදි පටිපාටියකින් පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන සඳහා ජනතා පරමාධිපත්‍යයෙන් පත් වී එන අමාත්‍ය, මැති ඇමති හා මන්ත්‍රීවරුන් සඳහා පත්වීම් ලබාදීමෙන් ඉහත මා කී පරිදි රටම වහන කුණු ගොඩවල් වැනි ප්‍රශ්න නිර්මාණය වේ. ඒ නිසා ජනතා පරමාධිපත්‍යයෙන් පත් වී එන අමාත්‍ය, මැතිඇමති, මන්ත්‍රීවරුන් සඳහා යම්කිසි ප්‍රභේදයක පාලනයක් ලබා දිය යුත්තේ, ඔවුන් තුළ එම ප්‍රබේධය සඳහා පවතින හැකියාව, කුසලතාව සහ ඒ හා සම්බන්ධ ප්‍රවීණත්වය සලකා බලමින්ය. මෙවැනි හේතු කාරණාවන් නිසා තවමත් රට තුළ අධ්‍යාපනය, සෞඛ්‍ය හා පරිසර යන ක්ෂේත්‍රයන් සඳහා ඇතුළතින් ප්‍රගතියක් දක්නට නැත.
බයියොයි, ටොයියොයි, ඔක්කෝටම ඉන්න රටක් තියෙන්න ඕනෑනේ. ඒක නිසා විජේදාස මහත්තයගේ ලිපිය හොඳට කියවලා අදහස් පලකළා නම් තමයි හොඳ. නැත්තම් බයියන්ටයි, ටොයියන්ටයි කාටත් ඉන්න වෙන්නේ වහල්ලු වගේ තමයි.
ලොකු ටෝක් දුන්නට මොකද 20ට පක්ෂව ඡන්දෙ දීලා. අනේ මෙහෙමත් දිව දෙකේ මිනිස්සු..
වැඩක් නැහැ. අත ඉස්සුවානේ.
මෙවැනි කරුණු පැහැදීමක් කල යුත්තේ ඡන්දය දීමට පෙරයි. පස්සේ කරුණු දක්වා වැඩක් නොමැත. කලින් ලිපිය යවා ඡන්දය දීමෙන් වැලකී සිටියානම්, ලිපියේ අන්තර්ගතය පිළිගත හැකිය.
දේශපාලකයෝනම් විශ්වාස කරන්න බැහැ.
විජයදාස රාජපක්ෂ කවුදැයි දැන් අප තේරුම් ගත යුතුය.