IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කැබිනට් රැස්වීමේදී රවී කරුණානායකගෙන් විරෝධයක්

(අජන්ත කුමාර අගලකඩ)

විදේශ ණය ගෙවීමට සංවර්ධන බැදුම්කර හරහා රාජ්‍ය බැංකුවලින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 1600ක් ගැනීමේ යෝජනාවට තමා දැක්වූ විරෝධය කැබිනට් තීන්දු වල සඳහන් නොවීම සම්බන්ධයෙන් විදුලිබල බල ශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අද (07) පැවැති කැබිනට් රැස්වීමේදී විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ.

විදේශ ණය ගෙවීමට රාජ්‍ය බැංකුවලින් මුදල් ගැනීම සම්බන්ධයෙන් රවී කරුණානායක මහතා ගිය සතියේ පැවැති කැබිනට් රැස්වීමේදී දැඩි විරෝධය පළ කර තිබිණි.

තමාගේ විරෝධය කැබිනට් සටහන්වලට සඳහන් කරන්නැයි කරුණානායක මහතා ගිය  සතියේ පැවැති කැබිනට් රැස්වීමේදී ඉල්ලීමක් කර තිබිණි.එහෙත් එය කැබිනට් සටහන්වල සඳහන් වී නොමැති බව පවසමින් අද (07) පැවැති කැබිනට් රැස්වීමේදී ද ඔහු විරෝධය පළ කර තිබිණි.

එහිදී අදහස් දක්වා ඇති සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කැබිනට් මණ්ඩලයේ දී දක්වන විරෝධය කැබිනට් සටහන් වල සඳහන් කරන ක්‍රමවේදයක් නොමැති බව පවසා ඇත.



අදහස් (12)

කැබිනට් රැස්වීමේදී රවී කරුණානායකගෙන් විරෝධයක්

ajith Monday, 07 January 2019 01:44 PM

යහපාලන ආණ්ඩුව අවුරුදු තුනහමාරක් කරද්දීත් අනුන්ගේ ණය ගෙව්වා මිසක් කරපු දෙයක් නැහැ. නව රනිල් රජයත් නැවතත් ණය ගෙවනවා. ණය ගෙවනවා මිසක් වෙන කිසිම වැඩක් නම් කරන බවක් පේන්න නැහැ. මෙහෙම ගියොත් ඉදිරි මැතිවරණවලදී ජනතාව ඕවා අහන එකක් නැහැ...

:       1       128

PriyaTuesday, 08 January 2019 06:06 AM

ලබන මැතිවරණෙන් අනිවාර්යෙන් රනිල් ගෙදර.

:       105       164

JayatissaTuesday, 08 January 2019 10:27 AM

කුමන ආණ්ඩුවක් ආවත් පහුගිය ණය ගෙවිය යුතුයි. මහින්ද හෝ චන්ද්‍රිකා ගත්ත කියා ණය නොගෙවා ඉන්න බැහැ. දැන් ණය ගෙවාගන්නත් බැරි තත්වයක් තිබෙන්නේ. ඉතින් අලුත් වැඩ කරන්න සල්ලි කොහෙන්ද. රවී කවුරු වුනත් මේ කියනදේ ඇත්තයි. බැංකු හරහා ණය ගත්තම එයට ගෙවන්න වෙන පොලිය ඉතා ඉහලයි. නමුත් එයට විකල්පයක් ඔහු යෝජනා කල බවක් මෙම වාර්තාවේ නැහැ.

:       0       3

iron Monday, 07 January 2019 01:46 PM

හැමදාම .යූ.එන්.පී. යත් රටත් අවුල් කළේ මෙයා තමයි ඉක්මණින් මෙයා ගැන හිතන්න..

:       3       197

Raveendra Monday, 07 January 2019 01:48 PM

හරි හරි... දැනුයි අපට තේරෙන්නේ මෙයා අවංකයි බව පෙන්නන්න විරුද්ධ වෙලා ඒක පත්තරේ වැටිලා නැහැ.. අර පිනට ලැබුණු ගේ ගැන නම් මතක නැහැ. විරුද්ධ වුණු එක අඬබෙර ගහලා නැහැ කියලා මතකයි. අනේද කියන්නේ අපි නොදන්න අවංකයි.. නොදකින්...

:       208       3453

DarshanaTuesday, 08 January 2019 05:15 AM

ඔබ කියා ඇති දේට කොහොම හිනා වෙන්නද මන්දා....

:       3       33

RaveendraTuesday, 08 January 2019 06:18 AM

Darshana මයා වෙත, අපගේ අදහස් වල " සිනාසීමට" කිසිවක් ගැබ්ව නැති බවට කාරුණික දැන්වීමට කැමැත්තෙමු. නමුත් මේ හොර තක්කඩි ගේ බොරු විරෝදය පෑම නම් අප සියල්ලෝටම හාස්‍ය උපදවන්නක් බව පැහැදිලිය. තවද අප කිසිවිට 225 ක් වූ "දේශපාලුවන් " දෙස පාට කන්නාඩි පැළද නොබලන බවත් දැන්වීමට කැමැත්තෙමු.

:       0       124

Bamunuarachchi Monday, 07 January 2019 02:14 PM

තව මොන මගඩියක් කරන්න හිතේ තියාගෙන ඉන්නවද දන්නේ නැහැ. මේ ගොයියා ගැන පරිස්සමින්... අන්තිමට ගෙදර උන්දෑගෙන් අහන්න කියාවි...

:       0       132

tommy Monday, 07 January 2019 05:39 PM

විදේශ ණය ගෙවීමට සංවර්ධන බැදුම්කර හරහා රාජ්‍ය බැංකුවලින් මුදල් සොයනවා යයි කියන්නේ, දැනට තියෙන නය ආපසු ගෙවීම සඳහා නැවත ණය ගන්නවා කියන එකයි. මේ විදියට දැන් කරන්නේ ණය රෝල් කරමින් ආර්ථිකය ඉදිරියට ගෙන යන අතර, සංවර්ධන කටයුතු සඳහා මුදල් හිඟ වීමයි. මේ තත්වයට එක් ප්‍රධාන හේතුවක් නම්, අපේ ඇති ආනයන/අපනයන පරතරයයි. අද අපි රටක් හැටියට උපයනවාට වඩා වියදම් කරන ජාතියක්. මෙයට රජය මෙන්ම මහජනයාත් වග කිව යුතුයි. උදාහරණයක් ලෙස, මේ තත්වයෙන් ගොඩ ඒමට නම් අපි ලෝක වෙළෙඳපොලින් ඉන්ධන ආනයනය කරන මුදලට සරිලන සිල්ලර මිලක් ගෙවීමට පුරුදු විය යුතුයි.

:       0       3

sathya liyanage Monday, 07 January 2019 10:13 PM

පෙර ග්‍රහ මණ්ඩලයේ වැදගත් තැනක් වූ ධනස්ථානය බාරව සිටියේ රවී ග්‍රහයාය. ග්‍රහයා ගෙන් සිදුවූ යම් හේතුන් නිසා රවී ග්‍රහයා ග්‍රහ මණ්ඩලයෙන් එලියටම විසිවී අසරණවිය. පසුගිය ඔක්තෝබර් අවසානයේ අනපේක්ෂිතව හදිසියේ සිදුවූ සිදුවූ ප්‍රබල ග්‍රහ සලිත වීමත් සමග ග්‍රහ මණ්ඩලයෙන් විසිවිගිය රවී ග්‍රහයාට වෙනත් තැනක් ලැබිණි. ධනස්ථානය බාරව කටයුතු කිරීමට ඔහු හැර වෙනත් අය සිටින අවස්ථාවක නැවත නැවත ධනස්ථානයටම ඉල්ලා සිටින්නේ ධනය බලය වේ යයි කියා සිතාගෙන විය යුතුය. කෙසේ වෙතත් ලද දෙයින් සතුටු නොවන රවී ග්‍රහයා විසින් කරනලද, කියනලද බොහෝ දේවල් ග්‍රහයාටම අමතකවී තිබු බව මුළු රටටම පෙන්වා ඇති නිසා නැවත ධනස්ථානය නම් ඔහුට නොලැබෙනු ඇත.

:       0       43

RaveendraTuesday, 08 January 2019 08:24 AM

sathya liyanage මයා වෙත, ඔබගේ කාලෝචිත අදහස් සමග අපද සිටින්නෙමු. උපන් දා සිට හොරකමටම පුරුදු පුහුණුවී ඇති මහජන නියෝජිතයන් යයි කියා ගන්න මෙවන් අයගෙන් රටක් කුමක් බලාපොරොත්තු වන්නද ? හොරකම, වංචාව, විනයක් නැත්තේ කොතනද එතන කිසිම දියුණුවක් නොමැත.

:       0       5

casmir Tuesday, 08 January 2019 09:28 AM

වැඩිම විදේශ විනමය අපිට අහිමි වෙන්නේ අධ්‍යාපන කටයුතු වලට. අන්තරේට පින්සිද්ධ වෙනඩ උසස් අධ්‍යාපනය ලංකාවේ දෙමව්පියන්ට සහ ළමයින්ට එපා කරවලා තියෙන්නේ. පිටරටවල ඉදලා මිනිස්සු සල්ලි එවන්නේ නැහැ. කෙලින්ම සල්ලි ළමයින්ගේ අධ්‍යාපනයට වෙන රටවලට යවනවා. තවත් දෙමව්පියි දේපල විකුණලා ළමයින්ව වෙනරටවලට යවනවා. මේවට ප්‍රයිවට් කැම්පස් එපා කියන අමනයෝ වගකියන්ඩ ඕන ...

:       1       203

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31141 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13275 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10954 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 887 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site