( ඉන්දිකා රාමනායක )

කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ  ගින්නක් හටගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

 අද (12) පෙරවරුවේදී  මෙම ගින්න හටගෙන ඇති අතර මේවන විටත් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරමින් සිටින බවද  මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ගින්න  ඇති වූයේ කෙසේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතරසිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාසභාර පොලිස් අධිකාරීවරයා යටතේ පරීක්ෂණ අරඹා ඇත.

පරීක්ෂණ සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් සිද්ධිය වූ ස්ථානයට  පිටත් කර ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. 

(ඡායාරූප  - කුෂාන් ජයවර්ධන)