(ඩයනා උදයංගනී)
කළුතර මහ රෝහලේ දී මළ සිරුරු 05 ක් මාරු වී ඥාතීන්ට බාරදීමේ දී සිද්ධිය පිළිබදව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට අද නියෝග ලබා දී තිබේ.
මෙම මළසිරුරු 05 ඥාතීන්ට බාරදීමේ දී මාරුවීමක් සිදුවීම හෙතුවෙන් කළුතර මහ රෝහල් භූමියේ ඊයේ (18) පස්වරුවේ නොසන්සුන්කාරි තත්ත්වයක් ද ඇති වී තිබිණි.
මේ පිළිබදව ප‍්‍රදේශවාසීන් විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කරන තිබී ඇති අතර සෞඛ්‍ය අමාත්‍යවරයා රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් කරුණු විමසා බැලීමෙන් අනතුරුව මෙම පරීක්ෂණය සිදු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසියම් සෞඛ්‍ය සේවකයෙක් වරදකරුවෙකු වුවහොත් විනයානුකූල පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
COMMENTS
මළසිරුරු 5 ක් මාරුවුනේ කොහොමද? ඒවා අයිතිකරුවන් කිසිවෙකුටවත් තමාගේ ඥාතියාගේ සිරුරු හඳුනාගන්න බැරිවිය හැකිද? මගේ නම් අදහස මෙහි වරද ඇත්තේ මළසිරුරු අයිතිකරුවන්ගේ බවයි.
කොච්චර නම් පරීක්ෂණ, කොමිෂන් සභා පත්කරලා ඇතිද අද වෙනකම්...
මෝචරියේ වැඩ කරන බොහෝ අය ඉන්නේ බීලා...
චමින්ද, ඔය හරි ඔයාගේ හිතවතෙක් හරි තමයි ඔය මාරුවට වග කියන්න ඕනේ... චමින්දගේ හිතවතෙක් හොස්පිටල් එකේ ඉන්නවද කියල මුලින්ම පරීක්ෂා කරන්න.
මල මිනි වුනත් රාත්තල් ගානට පිට රටවල් වලට විකුණාගෙන කන්න පුලුවන් වර්ගයේ සෞඛ්‍ය ඇමතිකෙනෙක් අපේ රටට ලැබීම ගැන අප සතුටු විය යුතුයි.