
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අද (5) දිනයේ කොරෝනා ආසාදිතයින් 725 දෙනෙකු හා ආසාදිත මරණ 15 ක් වාර්තා වී තිබේ.
ඒ අනුව කොරෝනා වයිරසය ඕස්ට්‍රේලියාවේ වැඩිම පැතිරීමක් පෙන්නුම් කළ දිනය අද බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.
මියගිය පුද්ගලයින් අතර 30 හැවිරිදි තැනැත්තෙක් ද වෙයි.
වයිරසය පැතිරීම වැළැක්වීම සඳහා ප්‍රාන්ත අගුළු දැමීමේ සීමා වඩාත් දැඩි කිරීමෙන් දින කිහිපයකට පසු මෙම තත්ත්වය වාර්තා විය.
ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ඩැනියෙල් ඇන්ඩෘස් පසුගිය ඉරිදා ප්‍රාන්තයේ ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කළේය.
කෙසේ වෙතත් මෙම තත්ත්වය හේතුවෙන් අද (5) මධ්‍යම රාත්‍රියේ සිට අගුළු දැමීමේ සීමා පැනවීම තවත් අදියරකින් ක්‍රියාවට නැංවෙනු ඇත.
මේ අතර අසල්වැසි නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සමඟ ප්‍රාන්ත සීමා වසා දමන බව ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය අද නිවේදනය කළේය.
වෛරසය පැතිරීම ආරම්භයේදී පැනවූ සීමා හේතුවෙන් වෙනත් රටවලට වඩා ඕස්ට්‍රේලියාවේ යහපත් තත්ත්වයක් දක්නට ලැබුණ ද ජූනි මාසයේ සිට වෛරසය එරට තුළ වැඩි පැතිරීමක් පෙන්නුම් කර තිබේ.
-226-
(බීබීසී ඇසුරෙනි)
2025 දෙසැම්බර් මස 30
140
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
758
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඕස්ට්‍රේලියාවෙන් වැඩිම කොරෝනා ආසාදිතයින් අදින් වාර්තා වෙයි