
(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම නිර්දේශ කිරීමට පක්ෂ කළමනාකරණ කමිටුව අද (23) තීරණය කළේය.
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාරගන්නා ලෙස පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ අත්සන් සහිතව ලිපියක් ද බාරදෙනු ලැබීය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ කළමනාකරණ කමිටුව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පෙරවරුවේ රැස්විය. එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග යන මහත්වරුන් විසින් ජාතික මන්ත්‍රී ලැයිස්තු ධුරය සඳහා මෙයට පෙර යෝජනා කර තිබූ රනිල් වික්‍රමසිංහ මහතාගේ නම කළමනාකරණ කමිටු රැස්වීමේදී දීර්ඝව සාකච්ඡාවට ගැණිනි.
රැස්වීමට පැමිණි සියල්ලන්ම එම අදහසට විරුද්ධ නොවූ අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාර ගන්නැයි ඉල්ලා සියලු දෙනාගේ අත්සන් සහිත ලිපියක් රනිල් වික්‍රමසිංහ මහතාට භාර දීමට ද එම කමිටු සාමාජිකවරු කටයුතු කළහ.
මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ
COMMENTS
එජාපය බිමට හාන්සි කරපු කෙනාම පාර්ලිමේන්තු එවනවා. විලිලැජ්ජාවේ බැහැ.
මෙයාට ලැජ්ජාව ගෑවිලාවත් නැහැ.
දශක දෙක තුනක්ම පිනටම ගිල ගිල සියලු සැපසම්පත් විදිමින් හිටපු මම කොහොමද එකපාරටම රොටියක් පුච්චගෙන ලුණුමිරිස් ටිකක් එක්ක පැල් කොටේට කොටා බාන්නේ අප්පා.... මේ මිනිස්සුන්ට එක නොතේරෙන හැටි....අනික මගේ පිඟානයි, කෝප්පෙයි දියවන්නාව පට්ටියෙන් යනකොට අරගෙන යන්නත් බැරිවුණා..
යාලු ප්‍රජාව කිව්වද... ආයෙත් උත්සාහ කරන්න උදව් කරන්න කියලා. අනේ මන්දා අපේ ටොමියත් ඔයවගේ වැසිකිළියට වහවැටිලා.
අපි හිතුවේ මෙයා නැහැයි කියලා... අපි මෙයා වෙනුවෙන් දන්සැලකුත් දුන්නනේ..
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා බරගතයුතු සැමදෙනාගේම මතය වේ. නමුත් පක්ෂයේ අනාගතය සහ රට තුළ තිබෙන්නා වූ සියලු කරුණු කාරණා පමණක් නොව 2/3 රජයේ ව්‍යාකූලත්වය හොඳින් විශ්ලේෂණය කළහොත් එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හිස්ව තිබීම වඩා සුදුසු වේ. නීත්‍යානුකූලව අසුන පිරවිය යුතුනම් එසේ කළයුතුවේ. එසේ නොමැති නම් අවශ්‍ය නොමැත. රනිල් වික්‍රමසිංහ යනු YES සහ NO යන වචන දෙකෙහි නිවැරදි තේරුම අනුව ප්‍රතිපත්තියක් මත සිට දේශපාලනය කරන නායකයෙකි. යථාර්තය පෙන්වාදීමට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු හෝ රනිල් වාදියකු වීමට අවශ්‍ය නැත..
නැති දාට නම් පාර්ලිමේන්තුවේ දින 7ක් පිරිත් කියන්න වෙනවා.
කවුරු කොහොම මොනවත් කිව්වත්, රනිල් මැතිතුමා මැති සබයේ සිටිය යුතුම චරිතයක්... හැම තැනක වගේම... දේශපාලන ජීවිතයේත් ජය පැරදුම් ඇතිවීම ස්වභාවික දෙයක් බව සමහරුන්ට අමතක වීම විමතියට කරුණක්... පාර්ලිමේන්තුවේ අසුනක් එතුමාට පිදුවත්, යළිත් එජාපය නැවත ගොඩනැංවීමේ බහුතර කටයුත්ත පක්ෂයේ තරුණ මන්ත්‍රීන්ට භාරදී එතුමා එහි කෘතහස්ත අනුශාසකයෙක් හැටියට කටයුතු කරනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි. රනිල් මැතිතුමාටත්, පක්ෂයටත් ජයවේවා... !!!
පාර්ලිමේන්තුවේ ඉන්න අනිකුත් දුෂිත දේශපාලුවෝ සෙට් එක දිහා බැලුවාම රනිල් වගේ කෙනෙක් ගන්න එකේ ඇති වැරැද්දක් නැහැ. පවුල් පාලනේ අයට වඩා රනිල්ට පිලිගැනීමක් තියෙනවා.
රටක් පාලනය කරපු පක්ෂයක් එකට බස්සලා රෙද්දක් ඇඳගෙන කවුන්සලේට යන්න ඇහැකැයි ආයිබොවං?
ඩී. එස් සේනානායක හිටියා නම් මේ මනුස්සයා එලවලා ගොඩක් කල්.
පාලිතට ඇමැතිකමක් දෙන්න.
ඉතා විශිෂ්ඨ තීරණයක්. ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික සහ දේශපාලනික දිශානතිය නිර්ණය කිරීම සඳහා ඉදිරි දශකයක කාලය තුළ ගරු රනිල් වික්‍රමසිංහ ශ්‍රීමතාණන්ගේ මාර්ගෝපදේශක නායකත්වය ඉතා ගෞරව බහුමානයෙන් යුතුව අපේක්ෂා කොට සිටින්නෙමු. චිරං ජයතු, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමනි.
කට්ටඩියට කට කැඩෙනකල් කිව්වා කුප්පිය ඈත මුහුදටම දාපන් කියලා. කුප්පිය වෙන වලකට වැටිලද කොහෙද? කුප්පියෙන් පැනගෙන වගේ.
ඔන්න ඕක තමයි ලංකාවේ දේශපාලනය සහ රට නන්නත්තාර වන හේතුව....
ජාතියටවත්, ආගමටවත් ලෙන්ගතුකමක් නැති, මේ රට, ජාතිය නිවට තත්වයට පත්කරමින් තමන්ගේ පක්ෂය බින්දුවටම පහත හෙළලා තවත් ලැජ්ජාවක් නැහැ. කූඩැල්ලා වගේ එල්ලිලා ඉන්නවා මෙයා පාර්ලිමේන්තු යවන එක පක්ෂයේ ඉතුරු ටිකක් විනාශ වෙන්න හොඳ වැඩක්...
සමහර දේවල් පුද්ගලිකව අපි කැමති වුවත්, අකමැති වුවත් පොදු යහපත උදෙසා සහ ඒ ගැන සිතා කල යුතුමයි. එක්සත් ජාතික පක්ෂය නමැති ඉතිහාසගත අතීතයක් ඇති පක්ෂයක් එසේමෙසේ නිකම් විනාශ මුඛයට යන්නේ නැත. එයට මුල් ඇත, කඳක් ඇත, අතු පතර විහිදී ගිය කොළ අතු ඉති මිනිසුන්ට සෙවන දෙමින් තව දුරටත් පවතිනු ඇත. රනිල් නොව ඕනෑම කෙනෙකු තමන්ගේ කාලය ඉකුත්වූ පසු යා යුතුයි. එය රනිල්ට පමණක් නොව මහින්දටද පොදුයි. මහින්ද අතීතයේ යුද්ධය අත නොහැර රට ජයග්‍රහණය කරා ගෙන ගියේය. රනිල් යනු ආර්ථික යුද්ධය ජයගත හැකි අත්දැකීම් සහිත නායකයාය. ඔහු එකම මන්ත්‍රී ධුරයට නම් කළා හෝ නොකලා වුවද එදා පාර්ලිමේන්තුවෙන් එලවා දැම්මේ මාධ්‍ය සමග ජාතිවාදී නඩය මිස ජනතාව නොවේ. ඔහු පාර්ලිමේන්තුවේ නොසිටීමෙන් පාඩු වූයේ එක්සත් ජාතික පක්ෂයට නොවේ. ජනතාවටය. ආණ්ඩුවටය. ණය බරෙන් කරවටක් ගිලී සිටින ජාතියක් එයින් මුදවා ගත හැක්කේ බොක්කේ දඩමස් තබාගෙන හක්කෙන් බුදුරැස් විහිදෙන හොරුන්ට නොව... දැක්මක් ඇති නායකයෙකුටයි. එනම් දැනට රනිල්මයි.
බොරුව සිය වතාවක් කිව්වම ඇත්තක් වෙනවා කියන කාරණය දැන් හොඳටම ඔප්පු වෙනවා. ගොබෙල්ස් නියමය ලංකාවේ යහපත් දේශපාලන සංස්කෘතිය විනාශයට මූලිකම හේතුවයි. දේශපාලුවන් හා මාධ්‍ය මෙය තම අරමුණු වෙනුවෙන් මෙය හොඳින්ම භාවිතා කරනවා. මෙතුමා පිළිබඳව කොතරම් මඩ ගැසුවද, එතුමාගේ ඇති දැනුම සහ වැදගත් පවුල් පසුබිම නිසා එවා නිහතමානීව අලුයම ලූ කෙල පිඩක් සේ ඉවත දැමිමට සමත් වුණා. දැන් මෙතුමාගේ අවශ්‍යතාව සමාජය විසින්ම හඳුනාගෙන තියනවා. හිස් මිනිසුන් දේශපාලනයට වැඩි වැඩියෙන් එන විට, මෙතුමා වැනි විශිෂ්ඨයින්ගේ අඩුව තදින්ම දැනෙනවා.
දැන් රටට මෙයා විතරයි අඩු. දැන් ගොඩක් උදව් කරන්නත් කට්ටිය ඉන්නවනේ. මම කියන්නේ ලංකාවේ විතරක් නොවේ. බටහිරත් ඉන්නවනේ...
නිවැරදි තීරණයක්. ඔහු ලඟ යම්යම් දුර්වලකම් තිබුණත් ඔහු තක්කඩියෙක් හෝ හොරෙක් නොවේ. දැන හෝ නොදැන රනිල් අතින් වරදක් වී ඇති බව සැබෑය. නමුත් ඔහු හොරෙක් බව පෙන්වීමට කවුරුන් හෝ කොතෙක් උත්සාහ කළත් අද වනතුරුත් කිසිවෙකුටත් එය කළ නොහැකි වී ද නැත. රනිල් වික්‍රමසිංහ යනු මුලු ලෝකයම පිළිගත් නායකයෙකි. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් රනිල් පාර්ලිමේන්තුවේ අද වාඩිවිය යුතු නායකයෙකි. තවමත් රට වෙනුවෙන් කල හැකි දේ බොහෝය. අද වැනි කාල වකවානුවකදී රනිල් වික්‍රමසිංහ යන සලකුණ පාර්ලිමේන්තුවට අත්‍යාවශ්‍යය.
මේක අපිට නම් ප්‍රවෘත්තියක් නොවේ. මොකද ඡන්දෙ දාට පසුදින ඉඳලා අපි දන්නවා. ඔය මන්ත්‍රීකමට එන්නේ... මෙයා කියලා...
ලැජ්ජා භය කොහේද? තුට්ටුවක වැඩක් නැති හාල්පාරුවෙක්...
මෙයා පාර්ලිමේන්තු යන්නේ කාව නියෝජනය කරන්නද?
මෙය බාර ගන්නවා කියන්නේ ඉතාම ලජ්ජා විය යුතු දෙයක්. මුළු රටේම ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙද්දී යූ.එන්.පී එකත් නැත්තටම නැති කරපු කෙනෙක් යෝජනා කරන එකත් ලැජ්ජා විය යුතු දෙයක්...
දැන් ඉතින් රට දියුණු කරන්නට තිබුණු එකම අඩුපාඩුවත් හරි...
පිං මාමා ලෙස නම් පටබැදුනේ කාටද.. පරාදයේ ලෝක වාර්තා තැබුවේ කව්රුන්ද... හමුදාවන් පාවාදුන්නේ "කවුද"... වෙන කව්රුත් නොව මේ මම ඇම්ඩන්නේ......
ජනතාව ප්‍රතික්ෂේප කළ අය පාර්ලිමේන්තු නොයැවිය යුතු ක්‍රමයක් නැද්ද? මොකද මේක අපේ ඡන්ද අයිතියටත් කරන නිගාවක්.. කොච්චරවත් ලැජ්ජාවක් නැති හැටි... අපේ රට තව අවුරුදු 50ක් ගියත්... මේ රටාව වෙනස් නොවෙයි වගේ. මොකද 2/3 බලය දීලත් මොවුන් කරන්නේ එකම දේනේ...
මගේ අදහසට බොහෝ අය අකමැති වෙයි. මෙතුමා හවුල් ආණ්ඩුවක් කරන්නට ගොස් අමාරුවේ වැටුණට... මෙවැනි උගතුන් කී දෙනෙක්ද පාර්ලිමේන්තුවේ ඉන්නේ? ජනාධිපතිතුමා මෙතුමාව හවුල් කරගෙන යම්කිසි හොඳ වැඩ පිළිවෙළක් කරනවා නම් ඉතාම අගෙයි. මෙතුමා බුද්ධිමතෙක්. ගුණගරුක මහත්මයෙක්. බොරු වාමාංශිකයා එක්ක පාඨලීට පැරදිලාම ගියේ. මොනවා නැතත් නීතියේ ආධිපත්‍යය රැකිය යුතුයි.
ලෝකයේ හිනස්සන දේවල් නොකර ... එජාපය සජිත්ට දීලා ගෙදරට වෙලා පින් අතේ වැඩක් කරගෙන ඉන්න. සජිත් එජාපය හොඳට පණගහලා ගනීවි.
මෙයාට කියන්න ඇත්තේ මහින්ද...
මෙයා එන්නේ මහින්දගේ දෑත ශක්තිමත් කරන්න.
හොඳම දේ තමයි සජිත්ට එජාපය දෙන එක..
පක්ෂය බිංදුවටම දාලා, ලැබුණු පිං මන්ත්‍රී ධුරයත් අරගෙන... දැන් ඉතින් හිතන්නකෝ පින්පියා වගේ...
මිනිස්සු වස්තරයත් නැතිව ගෙදර යැව්වට පස්සේ පින් ටිකට් එකෙන් පාර්ලිමේන්තු ඇවිත් දැන් පටන්ගනීවි රට හදන හැටි.. විදේශ ප්‍රතිපත්ති හදන හැටි.. ආණ්ඩුවට කියලා දෙන්න. මාලු කඩේට කොරෝනා එවලා හරි නොගිය දේ කරගන්න නූල අදින අදින ගානේ නටන්න කෙනෙක් පාර්ලිමේන්තුවට එවන්න යනවා වගේ. අපේ රටට තවත් අවුරුදු ගණනාවකට දෙවියන්ගේම පිහිටයි.
හුරේ ... අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා... !!!
ඒක රටටත් පක්ෂයටත් ජාත්‍යන්තරවත් දේශපාලන වටපිටවාටත් ඉතා හොඳ තීන්දුවක්.
ලියනගේ, සජිත්ට දෙනවට වඩා හොඳයි හම්බන්තොට කුඹුරක ඉන්න පඹයෙක්ට දුන්නානම්.
මේ වෙලාවේ ඉතා හොඳ තීන්දුවක්.
සුපිරි තීන්දුවක්.
අපි කැට තියලා මේ කියන්නේ තව ටික දිනකින් මේ ආණ්ඩුවේ විදේශ කටයුතු පිළිබඳ ඇමැති... රනිල් වික්‍රමසිංහ බව මම යෝජනා කරනවා.
මේ රට වැටී ඇති තත්වය මත ලෝකයම පිළිගත් එකම දේශපාලනඥයා තමයි රනිල්... එමනිසා රනිල්ට විදේශ ඇමැතිකම දුන්නොත් රට ගොඩගන්න පුළුවන්.
විදෙස් ආධාර, ආයෝජන, දශම ගණන් වලට මුදල්, රටට පොම්ප කරගන්න නම් රනිල්ව විදේශ ඇමැති කළ යුතුමයි. මහින්ද අගමැතිතුමා හා ගෝඨාභය ජනාධිපතිතුමන්ලා මේ මොහොතේ ඒ බුද්ධිමත් තීරණය ගනීවි කියා අපි සිතමු.
ගරු ජනාධිපතිතුමනි, රට ගොඩගන්න නම් රනිල්ට විදේශ ඇමැතිකම බාරදෙන්න මේ වෙලාවේ රට ගැන හිතන්න.
සර් රට ගොඩගන්න රනිල්ව විදේශ ඇමැති කරන්න.. ඒක සජිත්ටත් හොඳ ටොක්කක්...
ලෝකෙම පිළිගත් රනිල්ට විදේශ ඇමැතිකම දීලා රට ගොඩගන්න.
මේ පත්වීම මහින්දගේ පත්වීමක් බව නිසැකයි...