එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ ජනතාවට අඩු මිලට බෙහෙත් පෙත්තක් මිලදී ගැනීමට පුළුවන් වූ බවත් රජයේ සේවකයන්ගේ වැටුප් රුපියල් 10,000 කින් වැඩිකර, යුද හමුදාවේ,පොලිසියේ වැටුප් මෙන්ම විශ්‍රාම වැටුපත් වැඩිකළ බවත් එක්සත් ජාතික පක්ෂ රජයේ හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි. විජයවර්ධන මහතා මේ බව පැවසුවේ මෙවර මැතිවරණය එක්සත් ජාතික පක්ෂයට මොකක් වෙයිද යන පැනයට පිළිතුරු දෙමිනි.
එම පැනයට පිළිතුරු දෙමින් රුවන් විජයවර්ධන මහතා මෙසේ ද පැවසීය.
“අවුරුදු හතර හමාරක් තිස්සේ අපි ආණ්ඩුවක් හැටියට විශේෂ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කළා. 1990 සුවසැරිය පටන්ගත්තා. ගැබිනි මව්වරුන්ට පෝෂණ මල්ලක් ලබාදුන්නා.
සෞඛ්‍ය අංශය පැත්තෙනුත් ජනතාවට අඩුමිලට බෙහෙත් පෙත්තක් ගන්න ඉඩ සලසා දුන්නා. රජයේ සේවකයින්ගේ පඩි රුපියල් 10,000 කින් වැඩි කළා. හමුදාවේ පොලිසියේ පඩි වැඩිකළා.පෙන්ෂන් එක වැඩි කළා. ජිඑස්පි අපි ආපහු ලංකාවට ගෙනවා.
ධීවරයන්ගේ මාළු යුරෝපයට විකුණන්න ඉඩ ප්‍රස්ථාව ලබාදුන්නා. නිදහස් මාධ්‍යයක් ලබා දුන්නා. මාධ්‍යයට ඕන විදියට ආණ්ඩුව විචේචනය කරන්නත් එයාලාගේ අදහස් ප්‍රකාශ කරන්න නිදහස ලබාදුන්නේ අපේ ආණ්ඩුව කාලේ.
පාසල් දුදරුවන්ට රක්ෂණයක් ලබා දෙන්න අපි වැඩසටහන් ක්‍රියාත්මක කළා. අධ්‍යාපනය පැත්තෙන් ළඟම පාසල හොඳම පාසල ලෙස ගෙනල්ලා ගමේ පාසල්වලට අවශ්‍ය ගොඩනැගිලි ලබා දුන්නා.
මේ සියලු දේ මතක් කරලා මේ රටේ ජනතාව මහමැතිවරණයේ දී හරි තීරණයක් ලබා දෙයි කියලා හිතනවා. අලුත් ආණ්ඩුවක් ඇවිත් තියනවා. ඇවිත් මාස 8 ට 20,000 පෝෂණ මල්ලටත් පයින් ගහලා තියෙන්නේ. රජයේ සේවකයින්ගේ වැටුප් කප්පාදු කරලා තියෙන්නේ. ආර්ථික අර්බුදයක් දැන් ටික ටික රටේ ඇති වෙලා තියෙන්නේ.’
COMMENTS
නමුත් අවසාන කාලේ ගෙනාපු විනාශකාරී බදු ප්‍රතිපත්තිය මතකද? ව්‍යාපාරවලට ගහපු විශාල වැට් අගය මතකද? ඔන්න ඔය දෙක නිසා තමයි පාවෙන ඡන්ද විශාල ගාණක් ඈත් වුනේ... ඒවා ගෙනාවේ නැත්නම් ජනපතිවරණයේදී ප්‍රතිඵල වෙනස් වෙන්න ඉඩ තිබුණා.
අනේ අපි නොදන්න ගණන් අඩු කිරිල්ල. ඉන්දියාවේ බිමදාගෙන පාගාගෙන කිසිම ප්‍රමිතියක් නැතුව හදන බෙහෙත් පෙති සත 50ට ගෙනැල්ලා රාජිත රුපියල් 15ට විකුණපු එක සිරිකොතේ ඉඳුල් කන අයයි, අලියගෙ නැට්ටෙ එල්ලිලා ඉන්න 3 සීනු කාරයෝයි දන්නෙ නැති වුණාට රටේ බහුතරයක් දන්නවනේ...
ඔව්, ලක්ෂ 14 අකාර්යක්ෂම රජයේ සේවකයින්ට පඩි වැඩිකරලා අනිකුත් වැඩ කරන ජනතාවට සහ ස්ථිර තැන්පතු පොලියට බදු පිට බදුගැහුවා.
ලංකාවට OBAMA කෙනෙකු පත්කර ගැනීමට පසුබිම සකස් කර ගත යුතු කාලය පැමිණ ඇත. මේ වනවිට එක්සත් ජාතික පක්ෂය තුළත් නුදුරු අනාගතයේම රටේත් එ් සඳහා පරිසරය නිර්මාණය වෙමින් පවතින නිසා ශක්තිමත් පදනමක් දමාගැනීමට කටයුතු කළ යුතුවේ. ඒ සඳහා අවංක විශ්වසනීය, ප්‍රතිපත්තිගරුක පක්ෂය ආරක්ෂා කරමින් ඉදිරියට ගමන් කරන කණ්ඩායමක් පක්ෂය තුළ බිහිකළ යුතුව ඇත...
වැට් බදු සහ අනිකුත් බදු වැඩි කරපුවා ලිව්වාට වැඩක් නැහැ..