IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


උතුරේ විදුලි බලාගාර ව්‍යාපෘතියේ ඉදිකිරීම් චීන සමාගමට

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ඉදි කිරීමට නියමිත කුඩා විදුලි බලාගාර ව්‍යාපෘතිය ජාත්‍යන්තර ලංසු කැඳවීමක් කළ බවත් ඒ අනුව නියමිත පරිදි අදාළ ව්‍යාපෘතිය හිමි කරගත් බවත් චීනයේ සිනෝ සෝර් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

උතුරු පළාතේ ඩෙල්ෆ්, අනලතිව් සහ නයිනතිව් දූපත්වල මෙම කුඩා විදුලි බලාගාර ව්‍යාපෘතිය ඉදි කිරීමට නියමිත අතර ඒ සඳහා නියමිත ටෙන්ඩර් පටිපාටිය යටතේ ව්‍යාපෘතිය හිමි කරගත් බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

මෙම ව්‍යාපෘතිය චීන සමාගමකට ලබාදීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් තෙවැනි පාර්ශව අසත්‍ය චෝදනා එල්ල කර ඇති බවත් එවැනි චෝදනා හේතුවෙන් ශ්‍රී ලංකාවේ විශ්වාසනීයත්වයට සහ ප්‍රතිරූපයට ද හානි වනු ඇතැයි අදාළ නිවේදනයේ දැක්වේ. එවැනි අසත්‍ය ප්‍රකාශ සහ චෝදනා හේතුවෙන් විදේශ ආයෝජකයන් සහ කොන්ත්‍රාත්කරුවන් ශ්‍රී ලංකාවට ආකර්ශනය කරගැනීමේ ක්‍රියාවලියට ද බාධා එල්ල වනු ඇතැයි එහි සඳහන් ය.

ඉකුත් රජය 2015 වසරේ සැප්තැම්බර් මාසයේදී ආසියානු සංවර්ධන බැංකුවට මෙම දූපත්වල පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා ණය යෝජනාවක් ඉදිරිපත් කළ බවත් ආසියානු සංවර්ධන බැංකුව ඊට අනුමැතිය දුන් බවත් එහි සඳහන් ය.

ඒ අනුව 2017 වසරේ නොවැම්බර් මාසයේදී මේ ව්‍යාපෘතියට අදාළව දැන්වීම් පළ කළ බවත් ඉකුත් ජනවාරි මාසයේදී ඊට අදාළ කැබිනට් අනුමැතිය හිමි වී බවත් අදාළ නිවේදනයේ සඳහන් ය.

මෙම ව්‍යාපෘතිය වසර දෙකක් තුළ අවසන් කෙරෙන අතර ලංකා විදුලිබල මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන බවත් ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසුව එය ලංකා විදුලිබල මණ්ඩලයට පවරන බවත් එම නිවේදනයේ තවදුරටත් සඳහන් ය.

055



අදහස් (1)

උතුරේ විදුලි බලාගාර ව්‍යාපෘතියේ ඉදිකිරීම් චීන සමාගමට

නන්නාදුනන හාදයා Monday, 22 February 2021 05:17 PM

විදුලිබල මණ්ඩලයට පවරලා මදි. වැඩේ අවසන් වූ වහාම චීන්නු ලංකාවෙන් යා යුතුයි. දැනටමත් මෙහෙ පවුල් වෙන්න පටන් අරන්. මේ විදිහට ගියොත් තව අවුරුදු 10න් මේ රට චීනයක් වේවි... ඒ වගේම කොළඹ අවට තැන් තැන්වල ඇති චීන අකුරින් ලියූ බෝඩ් කඩා දැමිය යුතුයි. මේ රටේ භාවිතා වන්නේ භාෂා 3 යි. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි පමණයි. චීන්නු දැනටමත් හිතාගෙන ඉන්නේ මේ රට මේ රටේ හොර දේශපාලුවන් විසින් ඒ අයට විකුණලා කියලා. සිංහල මිනිස්සුන්ට දවසක තර්ජනයක් වෙන්නේ දෙමළ මනුස්සයාගෙන් වත් මුස්ලිම් මනුස්සයාගෙන්වත් නොවෙයි.. මේ හොර චීන්නුන්ගෙනුයි... ඉන්දියන් කල්ලතෝනින්ගෙනුයි. එදාට සිංහල දෙමල මුස්ලිම් අපි ඔක්කෝම එකතුවෙලා චීනාටයි ඉන්දියන් කාරයාටයි පහර දෙමු...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 238 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2093 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1596 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site