IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


උතුරට යන එන වාහන පූර්ණ පරීක්ෂාවට

(රොමේෂ් මධුෂංඛ)

උතුරු පළාතට පිට පළාත්වලින් ඇතුළුවන සහ උතුරෙන් පිට පළාත්වලට පිටත්වන සියලුම රථවාහන පූර්ණ පරීක්ෂාවකට ලක් කිරීමේ මෙහෙයුමක් යුද හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව අද (26) උදෑසන ආරම්භ කර ඇත.

ඒ අනුව උතුරු පළාතට ඇතුළු වන සහ උතුරෙන් පිටවන සීමාව පිහිටි වව්නියාව දිස්ත්‍රික්කයේ විශේෂ සෝදිසි මුරකපොළු 5 ක් පිහිටුවා යාපනය මහනුවර ඒ-9 මාර්ගයේ ධාවනය කෙරෙන සියලුම රථ වාහන පූර්ණ සෝදිසි කිරීමකට ලක්කෙරෙනු ඇත.‍

එහිදී පුලියන්කුලම, ඕමන්ත, තාණ්ඩික්කුලම, තේක්කවත්ත හා ඉරට්ටපෙරිය කුලම් යන ස්ථානයන්හි මෙසේ හදීසි සෝදිසි මුරපොළවල් පිහිටුවා වාහන පරීක්ෂාවකට ලක් කෙරෙන අතර අතුරු මාර්ගයන්හිද යුද හමුදාව හා පොලීසිය එක්ව සෝදිසි පරීක්ෂාවන්ට ලක්කිරීමට පියවර ගෙන ඇත.

ඕනෑම අවස්ථාවක කිසියම් පුද්ගලයෙකු හෝ ස්ථානයක් පිළිබඳව සැක පළවන්නේ නම් ළගම පිහිටි ආරක්ෂක අංශ වෙතට දැනුම් දෙන ලෙසටද උතුරේ ආරක්ෂක අංශ විසින් මහජනතාවගෙන්ද ඉල්ලීමක් කර ඇත.


 



අදහස් (3)

උතුරට යන එන වාහන පූර්ණ පරීක්ෂාවට

සමන් Friday, 26 April 2019 08:20 AM

ඒ මොකද උතුරට වෙනම ආරක්ෂාවක්... දෙමළ සංධානය දැන් මොකද මේ යුද හමුදා ආරක්ෂාව ඉල්ලන්නේ? කඳවුරු අඩු කළ නිසා දෙන්න අමාරුයි කිව්වා නම් හරි. ආ... සංහිඳියාවනේ. ඔහොම යමු.

:       0       3

suresh hewapathirana Friday, 26 April 2019 08:46 AM

මේ වගේ තොරතුරු මහජනතාවට ලබා දීමෙන් මෙවන් මොහොතක බලාපොරොත්තු වන්නේ කුමක් ද? මේවත් තොරතුරු දැනගැනීමෙන් එම මාර්ග බාධක ඇති ස්ථාන මග හැර යාමට අවස්ථාවක් සැලසෙනවා නොවේද?

:       0       0

Bamunuarachchi Sunday, 28 April 2019 01:07 PM

උතුරට යන වාහන නොවෙයි පරික්ෂා කළ යුත්තේ... උතුරෙන් එන ඒවායි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site