(හල්දුම්මුල්ල පාලිත නානායක්කාර)
අධික වැසි මධ්‍යයේ බණ්ඩාරවෙල ඔබඩඇල්ල ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට කඩාවැටුණු විශාල පස්කන්ද දින 3ක මෙහෙයුමකින් ඉවත් කර අද (07) පස්වරු 2.30ට පමණ වනවිට උඩරට දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත්කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
අඩි 25ක් පමණ උසින් යුතුව අඩි 150ක් පමණ දිගට දුම්රිය මාර්ගය පස් කන්දකින් වැසීගියේ ඉකුත් 4 වැනි දින රාත්‍රියේය. දුම්රිය මාර්ග සේවකයින් බැකෝ යන්ත්‍ර ද ආධාරයෙන් අද (7) සවස 2.30ට පමණ මෙම මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම නිසා උඩරට මාර්ගයේ සියලු දුම්රිය යථා පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd