
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ඊ.ටී.අයි හා ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් වන නාලක එදිරිසිංහ , ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ හා අසංක එදිරිසිංහ යන අය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
එම ආයතන වල හිටපු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට සිදුකර තිබූ නියෝගයක් අනුව අද දිනයේ දී ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ඊ.ටී.අයී ආයතනයේ තැම්පත් කර තිබූ රුපියල් බිලියන 13.7 ක මුදලක් නීති විරෝධී ලෙස ලබා ගැනීම හා මුදල් විශුද්ධිකරණ චෝදනාව ඔවුන්ට එල්ල වී තිබූ චෝදනා වේ.


ඡායාරූප - ළහිරු හර්ෂණ
COMMENTS
රජකම් කළත්, කළකම් පළදේ කියන්නේ මෙන්න මේ වගේ දේවල් වලට තමයි. මේ අය මහේශාක්‍ය ලීලාවෙන් දිවි ගෙවලා තියෙන්නේ තැන්පත්කරුවන්ගේ සල්ලිවලින්...
බිය නොවන්න මේ තක්කඩි හොරුන්ට හෙට දින වෙනකොට අසුහාරදාහේ ලෙඩ මෙන්ම ඔන්න පණ යනවා මෙන්න පණ යනවා... එබැවින් අපගේ දෙවිවරු වන අපගේ සේවාදායකයින්ට "ඇපල්" ලබාදෙන මෙන් ඉල්ලා සිටින්නෙමු. මීට... සුදු කබා ඇඳගත් ගම් කබරයින්...
සුදු කරපටි හොරු, මේක විකට රංගනයක්, මොනවත් වෙන්නේ නැහැ. රාජ්‍ය බැංකුවක නොදා වැඩි පොලිය බලාගෙන වක්කඩේ හකුරු හංගපු අය ගැන දුකයි.
බය වෙන්න එපා !!! ටක්ගාලා ඇප ලැබිලා!!! ඔක්කොම නීති පොඩි මිනිහාට විතරයි. බොරු මාධ්‍ය දර්ශන...
හොර රැල......නොදෝමකින් විතරක්.
ප්‍රවෘත්තියේ රස්නෙ යන්නත් කලින් අන්න එළියේ ...