(දසුන් රාජපක්ෂ)
මාසයක් සදහා ප්‍රමාණවත් ඉන්ධන තොග ගබඩා කර තැබිය හැකි නව ටැංකි පද්ධතියක් ස්ථාපනය කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින සති දෙකක් සඳහා ප්‍රමාණවත් ඉන්ධන ටැංකි ප්‍රමාණවත් නොවන බැවින් අලුතින් ඉන්ධන ටැංකි ස්ථාපිත කිරීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති, මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අප කළ විමසිමකදී අද (13) පැවසීය.
එමෙන්ම කොළඹ වරායේ සිට ඉන්ධන රැගෙන යාමට නව නල මාර්ගයක් ඉදි කිරීමට සැළසුම් කර තිබෙන බවද මහින්ද අමරවීර අමාත්‍යවරයා සදහන් කළේය.
ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් නිසා මාර්ග තදබදය වැඩි වී තිබෙන බැවින් බවුසර් වෙනුවට දුම්රිය සේවාව යොදා ගැනීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට උපදෙස් දී තිබෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඒ සඳහා දුම්රිය එන්ජිමක් විදේශීය රටකින් මිලදී ගැනීමට කටයුතු යොදා ඇතැයිද ඔහු කියා සිටියේය.
පාරිභෝගිකයන් සඳහා ගුණාත්මක බැවින් ඉහළ ඉන්ධන පමණක් සැපයීමට සිය අමාත්‍ය ධූර කාලය තුළ පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS
ත්‍රිකුණාමලයේ තියෙන ටැංකි ටිකට හෙන ගහලද අලුතින් හදන්නේ? අහ.. අහා.. මට අමතක වුණා. ඒවා ගත්තොත් කොමිස් නැහැනේ...
කොහොම කොහොම හරි හැකි ඉක්මණින්ම කොමිස් වැඩේ පටන්ගන්න වගේ හදන්නේ? ත්‍රිකුණාමලේ තියන තෙල් ටැංකිවලින් වැඩිකොටසක් අලුත්වැඩියා කළහැකි ඒවා නොවේද? අලුත් නළ මාර්ගයක අවශ්‍යතාවය දැන් දිගුකලක් පවතින්නක්... මතක හැටියට නම් 2011වගේ හෝ ඊට පෙර ඉඳන් තියෙන ප්‍රශ්නයක්... තවමත් උත්තර නැද්ද? නැතිනම් ඉල්ලන කට්ටියට හම්බවෙන කුට්ටියේ මදිකමක්ද?
පහුගිය දවස්වල ත්‍රිකුණාමලේ ටැංකි ටික ඉන්දියාවට විකුණනෝ කියලා මොරදුන්නු කට්ටිය දැන් අලුතෙන් ටැංකි හදන්න හදනවා. වැඩේ තේරෙනවා නේද? අර ඛනිජතෙල් සංස්ථාවේ සූරවීර වෘත්තීය සමිතිනායකතුමාලා එහෙම දැන් වර්ජනය කරනවද? නැත්නම් අලුතෙන් ටැංකි ලබාගැනීම ඉතාම කාලෝචිත පියවරක් වශයෙන් දකිනවද?
බලයට පත්වුණු ගමන් කල ප්‍රදානම වැඩ - ගිය ආණ්ඩුවෙන් වරායෙන් හොරබඩු පිටවීම වැලක්වීමට ගෙන ක්න්ටේනර් ස්කෑන්කරන යන්ත්‍රය ගැනීමට මුල්‍ය අක්‍රමිකතා වූ බව පවසා එම යන්ත්‍රය භාවිතය නැවත්වීම. දැන් එතනෝල් ඇතුළු හොරබඩු පහසුවෙන් ගෙනව හැකියි. වැලි ප්‍රවාහනය සදහා බලපත් අත් හිටවීම මගින් වැලි හා පස් හොරුන් රජකරවීම. - විද්‍යාත්මක ඇමති මණ්ඩලය- කලින් එවුන්ගේ ඇමති මණ්ඩලයට හිනුන මුන් පත්කළ ඇමති මණ්ඩලය මාරම විද්‍යාත්මකයි. කොහොමද හොරු රජ වුණම වෙනස. වෙනස මාරයි, මර සැපයි. වෙනස දැන් නම් මර සැපයි නේද. දෙගොල්ලටම පවු,
මේ මොකද මේවට තියෙන හදිස්සිය. ඉදිරි මැතිවරණෙට වියදම් කරන්න හොඳ කොමිස් පාරක් දාන්න වගේ කියල ජනතාව සැක කරනවා.. ඇමතිතුමා,මේවා නොවෙයිනේ මතිවරනේදී කිව්වේ. කියපුවයින් එකක් දෙකක් හරි කරන්න. සරසවි දරුවන්ගේ මහපොළ වැඩි කරන්න.වැඩිහිටි දීමනාව වැඩි කරන්න, රුපියල් 3000/- පෝෂණ මල්ල, මවුවරුනට දෙන පෝෂණ මල්ල වටිනාකම වැඩි කරන්න. ගොවියන්ට පොහොර නොමිලේ දෙන්න. ජනතාවට සහනයක් වෙන විධියට බදු මිල අඩු කරන්න. කොපමණ දේවල් තියෙනවද කියපු ලැයිස්තුවෙ පෙට්රෝල් ටැංකි සති දෙකටයි තියෙන්නේ කිව්වට මෙපමණ කලක් එක ප්‍රශ්නයක් වුණේ නැහැනේ?.
මෙයාලා ගෝඨාභය මහත්තයාටත් විනකටියි වගේ...
අපේ රටේ ඉතින් ජනතාව හොරුන්ට රටම බාරදීලා 71 වසරක් ම බැන බැන ඉන්නවා. මේ දෙගොල්ලම රට මෙච්චර කාලත් මේ බත් කන හරක්ට නොතේරන හැටි. ඇස්පනාපිට අපිට අමිල වූ සම්පතක් වන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය............අනේ දෙවියනේ ! කාට කියන්නද ? රට හදන්න පුළුවන් ඒ වගේම අවංක මිනිසුන්ට බලය නොදී හොරුන්ටම කාලා විනාශ කරන්න බලය දෙන නරුම ජනතාවක් ඉන්න රටක්.