අඛණ්ඩව නවවැනි දිනටත් ඉන්දියාවෙන් පැය 24ක් ඇතුළත වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද (28) හයදහස ඉක්මවා ගියේය.
ඉන්දියාවෙන් අද (28) පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 6,566කු හඳුනාගෙන තිබූ අතර ඒ අනුව එරට කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 1,58,333ක් දක්වා ඉහළ ගියේය.
ඉන්දියාවෙන් මැයි මස (21) වැනිදා සිට දෛනිකව වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 6,000 ඉක්මවීය.
ඉන්දියාවෙන් අවසන් පැය 24ක කාලයේදී කොරෝනා ආසාදිත මරණ 194ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් අද (28) පස්වරු 6.12 වනවිට වාර්තා වූ කොරෝනා ආසාදිත සමස්ත මරණ ගණන 4,531ක් ලෙස දැක්විණි.
ඉන්දියාවේ කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබා පිට වී ගිය සංඛ්‍යාව 67,692ක් විය. කොරෝනා වයිරසය ආසාදනය වී ඉන්දියාවේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන 86,110කි.
කොරෝනා ආසාදිතයන්ගේ පනස් දහස ඉක්මවූ පළමු ප්‍රාන්තය බවට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය පත්ව ඇති අතර එම ප්‍රාන්තයෙන් අද (28) පස්වරු 6.12 වනවිට වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 56,948ක් විය.
ඉන්දියාවේ මූල්‍ය අගනගරය හෙවත් මූල්‍ය කේන්ද්‍රස්ථානය වන මුම්බායි නුවර පිහිටා ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ය.
එන්.ඩී.ටීවී.
055
COMMENTS
ඕක ඔච්චර ගණන් ගතයුතු තත්වයක් නොවේ... විශාල වශයෙන් කොරෝනා පැතිරිලා ඉවර වුණාම රටතුළ හර්ඩ් එමියුනිටි නම් ස්වයන් ප්‍රතිශක්තීකරණයක් නිර්මාණය වෙනවා.
එහෙම වුණාම දුර්වල මිනිස්සු මැරිලා ප්‍රතිකරන ශක්තිය ඇති පුද්ගලයන් පමණක් ඉතුරු වෙනවා. ඕක අද, ඊයේ පමණක් සිදුවුණු දෙයක් නොවේ... අවුරුදු දසදහස් ගණනක් පුරා මනුෂ්‍ය ඉතිහාසය පුරා වසංගත රෝගවලදී සිදුවුණු දෙයක්... ඕක තමයි, ස්වභාවධර්මය, තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න ඕනේ නම් සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම පිළිපදින්න... අනවශ්‍ය දේවල් නොකර ඉන්න. එන්නතක් නොමැති වුණත් අනිවාර්යයෙන්ම තව අවුරුද්දක් දෙකක් යනකොට ඕක සාමාන්‍ය තත්වයට පත්වෙනවා..