IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරිකිරීම් සහනය ඉහළට

(රංජන් කස්තුරි)

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් ගිණුම්හි පොලිය මත අයකළ රඳවා ගැනීමේ බදු සීමාව ඉහළ නංවා තිබේ.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරිකිරීම් ගිණුම් වලට ලැබෙන මාසික පොලී ආදායම රුපියල් 125000 දක්වා වන තෙක් රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කර තිබූ අතර එය පොලී ආදායම රුපියල් 250,000 දක්වා දෙගුණයක් බවට පත්කර තිබෙන බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් ගිණුම්වලට සියයට 5 ක් වන රඳවා ගැනීමේ බද්ද අයකරනු ලබන්නේ මාසික පොලී ආදායම රුපියල් 250,000 වඩා වැඩි වුවහොත් වැඩිවන ප්‍රමාණයට පමණක් වන බවද එම අමාත්‍යාංශය කියයි.

ඇතැම් රාජ්‍ය ආයතන වල හා පෞද්ගලික ආයතන වල සේවකයින් විශ්‍රාම යෝජනා ක්‍රම යටතේ විශ්‍රාම ගන්නා අතර එහිදී ඔවුන්ට ලැබෙන මුදල් ඉතිරිකිරීමේ ගිණුමක තැන්පත් කිරීමට වැඩි අවස්ථාවක් සලසාදීමේ අරමුණින් එම පියවර ගත් බවද මුදල් අමාත්‍යාංශය කියයි.

රඳවා ගැනීමේ නව බදු සීමාවන් අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කෙරේ.



අදහස් (17)

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරිකිරීම් සහනය ඉහළට

sudath Friday, 11 January 2019 06:19 PM

මැති ඇමතිවරුන්ගේ ජෝගි නැටුම් වලට බදු මංගලගෙන් බදු මුදල්...

:       475       254

පෙරෙරාFriday, 11 January 2019 11:46 PM

මෝඩ ප්‍රතිචාරයෙන් බදු ලිහිල් කිරීම නොතේරෙන බව පෙනෙන්නට තිබේ...

:       3       196

rasikaSaturday, 12 January 2019 04:41 AM

මේ කියලා තියෙන්නේ බදු අඩුකරල කියලයි. ආයේ හොඳට කියවලා බලන්න.

:       2       119

athuraSaturday, 12 January 2019 04:44 AM

මට තේරෙන්නේ නැත්තේ ඔබතුමා මේක කියවලද ඔය අදහස දැම්මෙ කියලයි..

:       2       82

ලසන්ත Saturday, 12 January 2019 05:31 AM

අවුලක් නෑ, ලංකාවේ බොහොමයක් තම ප්‍රතිචාර දක්වන්නේ අවබෝධයෙන් නොවේ.

:       2       127

sam Friday, 11 January 2019 09:53 PM

මාසික පොලී ආදායම 250,000 කියන්නේ වසරකට 3,000,000 ක්. බැංකු පොලිය 10% කියා සැලකුවත්, ඒ මුදල වාර්ෂික පොලිය වශයෙන් ලැබෙන්න නම් ගිණුමේ 30,000,000 ක් තිබිය යුතුයි. මෙවැන්නන් විශ්‍රාමික වුනත්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වුනත් රටේ ඉහළ ආදායම් ලබන්නන් හැටියට සැලකීම වරදක් නොවේ.

:       13       101

BamunuarachchiSaturday, 12 January 2019 02:06 PM

ඔය හදන්නේ 2020 දී අපි යවන ඇමතියන් ළඟ තිබෙන පොලී සල්ලි බේරාදෙන ක්‍රමයක් නේ.

:       2       51

සමන්ත Saturday, 12 January 2019 08:57 AM

අමතකද මේ බද්ද ඉවත් කලා කියලා.. ආයේමත් ගෙනාවා ඔන්න..

:       21       7

nishantha Saturday, 12 January 2019 01:31 PM

පළමුවෙන්ම ප්‍රතිචාර දැක්වූ සුදත් මහතා හිතාගෙන ඉන්නේ දැන් මේ බදු අයකරන ඛාණ්ඩය සීමාව ඔබ හෝ ඔබගේ හත්මුතු පරම්පරාවේ කෙනෙක්වත් මාසිකව ගන්නේ නැති ආදායමක් ගැන බව දන්නේ නැතුව නේද ??

:       0       2

Bamunuarachchi Saturday, 12 January 2019 02:01 PM

ඔය දේ තමයි මම මුල සිටම කීවේ. යාන්තම් ඇති

:       3       1

jagathSunday, 13 January 2019 05:17 AM

යන්තම් ඇති කියන්නේ ඔයාට මීට ඉස්සෙල්ලා බදු ගැහුවද? දැන් ඔයාගේ බැංකු පොතේ කෝටි එකහමාරත් තුනත් අතර ප්‍රමාණයක් තියනවද?

:       0       1

BamunuarachchiSunday, 13 January 2019 05:05 PM

කෝටි එකහමාරත් මහා ගානක්ද හලෝ? කූඹියට අර මොනවද ටික මහා ගාණක් කීවලු. අහන්න කෝටි පහක් හයක් තියනවද කියලා...

:       2       0

gunasena Saturday, 12 January 2019 03:18 PM

ගැසට්ටුව දකින තෙක් විශ්වාස නොකරමු.

:       1       3

Nuwan Sunday, 13 January 2019 11:00 AM

දේශපාලනික මෝඩ වහල්ලුන්ට මේක ලොකු නිව්ස් එකක් වුණාට හරියට බැලුවොත් මේ වත්මන් ආණ්ඩුව මාස ගණනකට කලින් ඔවුන් විසින්ම පනවපු බදු වර්ග ඉවත් කිරීම සහ වෙනස් කිරීම තමයි වෙලා තියෙන්නේ... එහෙම නැතුව අනාදිමත් කලක ඉඳන් තිබ්බ දෙයක් නැති කරලා ජනතාවට දීපු සහනයක් නෙමේ මේක... නමුත් එක දෙයක් පැහැදිලියි... ඡන්දයක් ළඟ එන බව...

:       6       234

BamunuarachchiSunday, 13 January 2019 05:24 PM

එ්ක තමයි අපිත් කියන්නේ. ඊයේ පෙරේදා දාපු බද්ද ඉවත් කර ගත්තා. පිටරටින් එවන මුදලට හෝ ඩොලර් වලින් උපයන පොලියට මීට කලින් බදු ගැසුවේ නැත. මොවුන් තමයි බදු ගැසුවේ. මහින්ද මහතා කලේ ඩොලර් තැන්පත් කිරීම උනන්දු කිරීමට ලැබෙන ඩොලර් පොලියට අමතරව පොලියෙන් 20% ක්‌ රුපියල් වලින් බෝනස් එකක් දුන්නා. අන්න එහෙමයි මහින්ද මහතා ඩොලර් ගිණුම් වැඩිකිරීම අනුබල දුන්නේ. එ්කට එජාපයෝ, ඒ මදිවට තව බදු ගැන කියලා දෙන්නත් එනවා. මෑතක් වෙනතුරු ලැබෙන පොලිය ඩොලර් වලින් ලබාගන්න පුළුවන්කම තිබුණා. දැන් එ්කත් බැහැ. ඔන්න බැංකු කොල්ලය අපිට බලපාන හැටි.

:       6       13

athuraMonday, 14 January 2019 04:21 AM

බැංකු කොල්ලය කිව්වෙ බිලියන නමසිය අසුනමයද බිලියන එකොලහද.

:       0       0

BamunuarachchiTuesday, 15 January 2019 03:10 PM

Athura දන්නා දෙයක් කතා කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 513 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 314 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site