IMG-LOGO

ඉතිහාසයේ වූ දේ යළිත් සිදුවෙතැයි හැරී බියෙන්

ඉතිහාසයේ වූ දේ යළිත් සිදු වනු ඇතැයි තමා බියෙන් පසුවන බව බ්‍රිතාන්‍ය රාජකීය පවුලෙන් ඉවත් වූ, සසෙක්ස් ආදිපාද යුවළෙහි හැරී (කුමරු) පවසයි.

ප්‍රවීණ නිවේදිකාවක වන වින්ෆ්‍රි ඔපෙරා මහත්මිය සමග මෑතකදි පැවති සම්මුඛ සාකච්චාවකදී ඔහු මේ බව පැවසීය.

සීබීඑස් මාධ්‍ය ආයතනය විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්චාවේ සම්පූර්ණ වීඩියෝව මාර්තු 7 වැනිදා විකාශනය වීමට නියමිත අතර, ඒ වෙනුවෙන් ඔවුන් එහි කොටස් කෙටි වීඩීයෝ පට ලෙස විකාශනය කර තිබිණි.

"මම බොහොම සතුටු වෙනවා, මගෙ බිරිද පසෙකින් තබාගෙන ඔබ සමග මේ දේවල් කතාකරන්න ලැබීම ගැන" සසෙක්ස් ආදිපාදවරිය වන මේගන් සමග හිදිමින් හැරී පැවසීය. "මට හිතාගන්න බැහැ, මගෙ අම්මා අරතරම් අසීරු කාලයක් කොහොම පීඩාවකින් ගතකලාද කියලා. අපි දෙන්නට පවා ඒක දුෂ්කර කාලයක්. ඒත් අවම වශයෙන් මෙතැනදි අපිට අපි දෙන්නා හෝ ඉන්නවා" යැයි ඔහු සදහන් කළේ මේගන්ගෙ අත සිය අතෙහි රදවාගනිමිනි.

හැරීගේ මව වූ, ලෝක ජනාදරයට පත් ඩයනා කුමරිය මිය ගියේ  පැපරාසීන් විසින් හඹායන ලදුව, පැරිසියේදී රිය අනතුරකට ලක්වීමෙනි.

බ්‍රිතාන්‍ය මාධ්‍ය විසින් මේගන් සම්බන්ධයෙන් ද එවැනි ලුහුබැදීම් සිදුකෙරෙමින් ඔවුන්ගේ ජීවිතයට අනවශ්‍ය බලපෑම් කරමින් සිටියේය. මේ හේතුවෙන් හැරී-මේගන්‍ යුවළ එරට ටැබ්ලොයිඩ් පුවත්පතකට එරෙහිව නීති පියවර ද ගත්හ.  මේගන්ගේ මව සහ පියාගෙ ජාතිය වෙනස් බව සදහන් කරමින් ද, ඇය සහ පියා අතර හුවමාරු කෙරුණු ලිපි මාධ්‍යවල පළකරමින් ද එරට මාධ්‍ය ආයතන ඇයට පීඩා පැමිණවීය.

සසෙක්ස් ආදිපාද යුවළ  රාජකීය සේවයෙන් සහ තනතුරුවලින් මිදී, කැලිෆෝනියාවේ පදිංචියට ගොස් වසරකට වැඩි කාලයක් ගත වී ඇත. මේ පිළිබදව එලිසබෙත් රැජිණ ප්‍රමුඛ රාජකීය පවුලෙන් ලැබුණු ප්‍රතිචාරය යහපත් නොවීය. 

කෙසේවෙතත්, ඔවුහු මේ වනවිට ඔවුන්ගේ දෙවන දරු උපත බලාපොරොත්තුවෙන් සිටිති. ඔවුන්ට මේ වනවිට ආචී නමින්, අවුරුදු දෙකක් පමණ වයසැති පුතෙක් සිටී.

 

(රොයිටර් ඇසුරිනි)

6844



අදහස් (6)

ඉතිහාසයේ වූ දේ යළිත් සිදුවෙතැයි හැරී බියෙන්

sharm warn Monday, 01 March 2021 04:51 AM

ඩයනා කුමරියට, ඔබේ ආදරණීය මවට, මිනිස්සු බලවත් ලෙස ආදරය කළා සේම.. ඔබටත්, ඔබේ බිරිඳටත් ආදරය කරාවි. ඩයනා කුමරියගේ අභාවය ඔබට කෙතරම් දුකක් දැනෙන් ඇතියි කියා අපට වැටහෙනවා.

:       1       39

pakeer Monday, 01 March 2021 04:56 PM

මමත් රජ කුමාරයෙක් වුණා නම් මමත් ඇමෙරිකාවේ ගිහින් පදිංචි වෙනවා.

:       1       2

සිසිල් සුදේශ් Tuesday, 02 March 2021 01:38 AM

රාජකීය පවුලේ කියලා මේ ගොල්ලො පිනට කනවා බොනවා සුඛෝපභෝගී ජීවිත ගතකරනවා. එතකොට මාධ්‍යවල අවධානය බලාපොරොත්තු වෙන්න ඕනෑ. නැත්නම් සතයක්වත් ආණ්ඩුවෙන් නොගෙන රැකියාවක් කරලා ඉන්න ඕනෑ. දෙකම බෑ.

:       3       4

Bamunuarachchi Tuesday, 02 March 2021 01:09 PM

ඉතිහාසය රිපීට් වෙනවා හොඳම උදාහරණය ලංකාවේ 1915දී සිදුවුණු දෙයක් 2019 සිද්ද වුණා. පොත පිච්චුවේ නැතිනම් තවත් දරුණුවට 2050දී සිද්ද වෙනවා.

:       1       2

Bamunuarachchi Saturday, 06 March 2021 04:41 AM

රජ පවුලට එකතු වුණු ක්‍රැක් කේස් එකක් මේක... රජ ලෙවල් එකෙන් ජීවත් වෙන්න පුළුවන් මිනිස්සු නේද පිස්සු කෙලින්නේ...? අපේ රටින් වඩුගයෝ පන්නලා ජපනාගෙන් රට බේරා දුන්නට ස්තුතියි. සිංහලයින් මහ ලොකුවට කයිය ගැහැව්වාට1690න් පස්සේ සිංහලයෙක් රජකමට හොයා ගන්න බැරුව ඉන්දියානුවන්ට රටේ රජකම දීපු ගොබ්බ රැලක් නේද අපි...?

:       1       0

NuwanSaturday, 06 March 2021 06:46 AM

ඉතින් අදත් ගුවන් කරණම් ගහන්නේ ඉන්දියානු ගුවන් යානා නොවේද ගුවන් සංවත්සරයේ... අදත් ඉන්නේ වඩුගයෝම තමයි. වෙනසක් නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 317 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 800 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 145 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site