(රංජන් කස්තුරි)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍යාංශය තබාගත හැකිද යන්න සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථනිරූපනයක් ලබා ගැනීමට සූදානමක් පවතින බවට ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
19 වැනි සංශෝධනයට අනුව ජනාධිපතිවරයා කිසිදු අමාත්‍යාංශයක් තබාගත නොහැකි නමුත් ඔහු විධායක ජනාධිපතිවරයා ලෙස ත්‍රිවිධ හමුදාවේ අණ දෙන්නා වන්නේය. මීට අමතරව යුද්ධය හා සාමය ප්‍රකාශයට පත් කිරීමේ බලතල පවතින්නේද විධායක ජනාධිපතිවරයාටය.
එවැනි ත්ත්වයක් පවතිද්දී ආරක්ෂක අමාත්‍යාංශය වෙනත් ඇමැතිවරයෙකුට පැවරීම ගැටළු සහගත හෙයින් හා 19 වැනි සංශෝධනයේ අපහැදිලි තත්වයක් පවතින හෙයින් ඒ සම්බන්ධයෙන් අර්ථනිරූපනයක් ලබාගැනීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වන බවද පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට ගරු කල යුතුය. ඒ අනුව කටයුතු කරමු. ආරක්ෂක අමාත්‍යංශය ආරක්ෂක අමාත්‍යවරයට දෙමු මෙතෙක් පැවති සම්ප්‍රදායට ගරු කරමු.
ඔන්න අපේ රටේ නූතන නීතිඥයෝ සංශෝධනයක් හැදුවා. හරියට ඒක නොදන්න මගුලට ගිහින් වරිගෙ නහ ගත්තා වගේ. පුංචි තිරේට ඇවිත් කෙසුත් පලයි. නොදන්න මගුලකුත් නෑ දන්න දේකුත් නෑ කිව්වා.
වැඩක්.... නෑ.... බෑ ....19 වන සංශෝධනයට අනුව 2019 යේ ජනාධිපතිවරණයෙන් පත්වන කාටවත් ඇමතිකම් දරන්න බෑ ..බෑ ..බෑ ..මයි.
තීරණය හිතා ගන්න පුළුවනි. හොඳයි...
ස්වාධින අධිකරණයක් නම් නොහැකිය එදාමෙන් පක්ෂක්ග්‍රාහී අධිකරනයක්නම් හැකිය.
19 හොඳට වඩා වින්නැහි වැඩියි
බලමු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දෙන අර්ථනිරූපනය. 19 වැනි සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍යාංශයක් තබාගත නොහැකි නම් ආරක්ෂක අමාත්‍යාංශය ජනපති යටතට ගැනීම ප්‍රශ්නයක්.
බළලුන්ට කොස් ඇට බාගන්න නම් ඉඩ තිබ්බොත් මේ රටට වෙන්න යන දේ හිතාගන්නවත් බැරියෝ.
19 සංශෝධනයේ එකම අරමුණ රාජපක්ෂලාට ගැහීම. දැන් එහෙම් පිටින්ම අච්චාරුවක් වෙලා. ඕක සම්පූර්ණයෙන් අයින් කරලා අවශ්‍ය කොමිෂන් සභා පිහිටුවීම වැනි දේවල් විතරක් නැවත ගේන්න. රනිල්ලා කරපු ඔක්කොම එක වගේ. රට විනාශම කළා.
උසාවිය තීන්දු කෙරුවොත් ආරක්ෂක අමාත්‍යංශය ජනාධිපතිට ගන්න බැහැ කීවොත් ප්‍රශ්නයක් නැහැ. මොකද අගමැතිට ගන්න බැහැ කියලා නීතියක් නැහැනේ. මහින්ද යුද්ධේ ඉවර කෙරුවේ ආරක්ෂක ඇමතිකම තියාගෙන ගෝඨා ලේකම් කරගෙනනේ.
එතකොට කලින් ජනපති තියාගෙන හිටියේ කොහොමද.? මතකනේ අන්තිම කාලේදී රූපවාහිනියත් ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගත්තා.. අනේ මන්දා මේ 19 මොකක්ද කියලා. ඒ දවස්වල පරිසර කලින් ජනපතිමනේ. අයියෝ මොකක් මේ 19...
19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ආරක්ශක අමාත්‍යාංශය ජනාධිපතිට තබාගත නොහැකි කියලා කියනවා. නමුත් ජනපති ව්‍යවස්ථාවෙන් සන්නද්ධ සේවා ත්‍රිව්ධ හමුදාවේ අන දෙන නිලදාරියා වන්නේය. යුද්ධය හා සාමය ප්‍රකාශ කරන්නාද වන්නේය. ආරක්ශක අමාත්‍යාංශය ජනපති සතුව නෑ කියලා 19 වන සංශෝධනයෙන් කියාවා නම් ව්‍යවස්ථාවේ ජනපති බලතල වලට ත්‍රිවිධ හමුදාව අයිති ජනාධිපතිටනේ... ආරක්ශක අමාත්‍යාංශය වෙන කෙනෙක් යටතේ නම්, ත්‍රිවිධ හමුදාවේ අන දෙන්නා ජනාධිපති නම් අනාගතයේ ඕනෑම විටක ජනපති හා ආරක්ශක ඇමති අතර ගට්ඨනයක් ඇතිවෙන්න ඉඩ තියෙනවා... 19 වන සංශෝධනය බොහෝ ස්තාන වල ව්‍යවස්තාපිත අර්බුද ඇති කරලා තියෙන්නේ. ඔක්කොම පටලවලා.
ආරක්ෂාව, නීතිය හා සාමය යන අමාත්‍යංශ අනිවාර්යෙන් විධායක ජනාධිපතිවරයා යටතේ තිබිය යුතුයි. නැතිනම් ජනාධිපතිවරයාගේ විධායක බලතල වලින් වැඩක් නැති වෙනවා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සෑම විටම යෝජනා වුනත් අප වැනි රටකට විධායක ජනාධිපති ධුරයක් අවශ්‍යයි. එමගින් රටට වැඩදායක දේවල් ගොඩක් වෙලා තියෙනවා. නමුත් එම ධුරය දැරීමට නුසුදුසු අය අතට එය පත් වුනාම අවුලක් නිර්මාණය වෙනවා.
ඒක අනුව ජනාධිපති අගමැති වෙන්න පුළුවන් අයියලට මල්ලිලට විතරයි. නැත්නම් රණ්ඩු වේවි ඉන්න පුළුවන්. මහින්ද ට ගහන්න ගිහින් අන්තිමේ උදව්වක් කරලා තියෙන්නේ.
රටක ආරක්ෂක, නීතිය හා සාමය විෂය භාරව කටයුතු කළ යුත්තෙ රටේ ජනතා ඡන්දයෙන් පත්කළ නීත්‍යනුකූල රාජ්‍ය නායකයායි. අප රටේ නම් විධායක ජනාධිපතිවරයා. මේ ගැන නො සලකා ඒදා පැවති රජයේ ඉදිරි පැවැත්ම ගැන පමණක් සලකා කළ ව්‍යවස්ථා සංශෝධනයක් තමා 19. ඉතින් දැන් කළ යුත්තේ රටේ හා ජනතාවගේ අවශ්‍යතාවන්ට අනුකූලව ව්‍යවස්ථාවේ මේ සහ අනිකුත් අත්‍යාවශ්‍ය ප්‍රතිසංශෝධන කිරීමයි. ශ්‍රේෂ්ඨාධිකරණයට අර්ථ නිරූපණයක් දිය හැක්කේ පවත්නා ව්‍යවස්ථාවට අනුකූලව පමණයි.
රන්ජන් විජේරත්න ආරක්ෂක ඇමතිවෙලා හිටියා. ජනාධිපති වෙනම හිටියා...