(රංජන් කස්තුරි)
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබූ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා යටතට පත්කර තිබේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයට පවරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොද තීරනයක්.
ලොකුවට කියනවා. අරකට පවරා ගත්තා. මේ යටතට ගත්තා කියලා.... හරියට නරියට කුකුල්ලු බාර දුන්නා වගේ. පුලුවන්නම් කියන්නකෝ එකෙක් හරි ඉන්නවද රටට, ජනතාවට ආදරේ... ඇතිව අවංකව වැඩ කරන කෙනෙක්.. සේවකයින් ඕනෑතරම් ඉන්නවා අවංක කට්ටිය... බොස්ලා හොයාගන්න පුළුවන්ද? කිසිම ආයතනයක් කාගෙවත් යටතට පත් කරන්න අවශ්‍ය නැහැ. වරදට දඬුවම ලැබෙනවා නම් ලෝකේ අනිත් රටවල් දියුණුවෙලා තියෙන්නේ... තදින් නීතිය ක්‍රියාත්මක නිසා ලොකුපොඩි සැමට, ඒකට අපේ රටේ ලොක්කන් හොරාකෑවම අත්අඩංගුවට ගන්න බැහැ. ව්‍යවස්ථාවේ තහනම් නිසා.. එහෙම බැලුවාම... හොරුන්ට තමයි රට බාරදෙන්නේ අවුරුදු පහෙන් පහට, අලුත් ව්‍යවස්ථාවක් හදලා. 1942-02-04 ඉඳලා හොරෙන් කාපු රටේ දේපල මුදල්, මේ හැම කෙනාටම දඬුවම්... දෙන්න ඕනෑ. අනිත් එක හොරෙක් කියන දෙයක්... අවංක නිලධාරියෙක් අහන්න කැමති නැහැ. තමන් අවංක වෙන්න ඕනෑ. ජනතාව යහමගට ගන්න නම්...
මල්ලිගෙන් අයියට... මොකද්ද වෙනස?
රාජපක්ෂ පවුල යටතේ ඇති දෙපාර්තමේන්තු, සංස්ථා, අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන ලැයිස්තුවක් හැදුවොත් හරිම සනීපයක් දැනෙනවා හිතට... සුවයක් දැනෙනවා ගතට...
නොදන්නා හින්දයි අහන්නේ, අපේ රටේ ආරක්ෂක ඇමති කවුද හැබෑටම? දැන් ආරක්ෂක ලේකම් කෙනෙක් ඉන්නවනේ. ඉතින් ලේකම් කෙනෙක් ඉන්නේ අමාත්‍යාංශයක හින්දා කොහේ හරි මුල්ලක ඇමැති කෙනෙකුත් ඇති කියලයි මං නම් හිතන්නේ...
මොකක්ද මේක...අරහෙට මාරු කරනවා..මෙහෙට මාරුකරනවා..කිසිම වැඩක් නැහැ තවම වෙලා.ඕක දෙන්න රන්ජට..
ඒක නම් හොඳයි. නැත්තම් රටේ දෙවැනියා පිස්සු නටනවා..
මා නිතරම කිව්වේ ආගමන විගමනේ සහ රේගුවට පුහුණු කල හමුදා/බුද්ධි නිලධාරින් යොදවන්න කියලයි. ජීවිත කාලයක් පිටරට සිටින සහ වසරකට තුන් හතර වතාවක් ලංකාවට පැමිණෙන මම මේ අයගේ ක්‍රියා කලාපයත් විවිධ රටවල ගුවන්තොටුපොලවල අදාළ නිලධාරීන්ගේ සේවයත් හොඳින් දකිනවා. ගුවන්තොටුපොළේ සමහර ආරක්ෂක නිලධාරින් සමහර මගීන්ව පෝලිම ඉදිරියට කෙලින්ම ගෙන එනවා. මෙය දකින විදේශිකයින් අපේ රට ගැන වැරදි ආකල්පයක් ඇති කර ගන්නවා. ඉතාලියෙන් එවන කන්ටේනර් අස්සේ තවමත් වයින් සහ විස්කි, බ්‍රැන්ඩි එවනවා. රත්තරන් මාල පිලිබඳ ඇමති කෙනෙක් සමහර කන්ටේනර් එවන අයට පහසුකම් සපයනවලු.
මැදමුලන අමාත්‍යාංශය කියලා එකක් විතරක් තිබුනානම් ඇති වගේ.
ලංකාව මොන තරම් දේශපාලනීකරණය වෙලාද? මේවාට දැන්වත් විසඳුමක් දෙන්න.
රටේ තියෙන ඔක්කොම අමාත්‍යාංශ ටිකත් පවුල් පාලනේ අයටම බාර දුන්නානම් තමා හොඳ......
මේවට විසඳුම් දෙන්න 225 ඉන්න වෙලාවට සුනාමිය දියවන්නාවට එන්න ඕනේ...