(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර දිස්ත්‍රික්කයට ඇති වී තිබෙන ගංවතුර තත්වය පාලනය කිරීම සඳහා නිල්වලා ගගේ ජලය මුහුදට වැටෙන මාතර කොටුව ප්‍රදේශයෙන් මෝය කට කපා පුළුල් කිරීමේ කටයුතු අද (23) ආරම්භ කළ බව මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රභාත් කළුබෝවිල මහතා පැවසීය.
එම කටයුතු නිරික්ෂණය කිරීම සදහා වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ සහකාර ඉංජිනේරු අනන්ති වික්‍රමසූරිය මහත්මිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ද නිල්වලා ගං මෝය කට ආසන්නයට පැමිණ සිටියහ.
සැඩ මුහුදු රළ හා දැඩි වර්ෂාපතනය මැද එම කටයුතු සිදු කරන අයුරු දැක ගත හැකි විය.
දෙනියාය අකුරැස්ස ප්‍රදේශයෙන් නිල්වලා ගගට එකතු වන විශාල ජල කද පහසුවෙන් මුහුදට ගලා යාමට සැලැස්වීමේ අරමුණින් බැකෝ යන්ත්‍ර යොදා ගෙන මෝය කට කපා පුලුල් කෙරිණි.
කෙසේ වෙතත් ඕනෑම හදිසි තත්වයකට මුහුණ දීම සදහා අවශ්‍ය සියලු කටයුතු දැනටමත් සූදානම් කර තිබෙන බව මේජර් කළුබෝවිල මහතා වැඩිදුරටත් කීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝය කට කපා දැම්මා වාගෙම අපහු වැසීමේ කටයුතු දැනටමත් සූදානම් කර තිබේද? ගංවතුර තත්වය පහව ගිය පසු මුහුදු වතුර රට තුළට ගලා එ්මෙන් වන හානියට මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රභාත් මහතාට ඉදිරි සැලැස්මක් තිබේද?
එහෙම නොවෙන්න මේ ඡන්ද කාලේ ඔය වැඩේ මංගල පස්පිඩැල්ල කපන්න හෙලිකොප්ටර් වලින් බැහැලා එන්නේ. කොහොමටත් අව්වට, වැස්සට, ඉඩෝරෙට පීන්නට බැටකන වාරිමාර්ග නිලධාරීන්ගේ වටිනාකම රටේ ජනතාව, විශේෂයෙන්ම ගොවි ජනතාව දන්නවා. මොකද පස් පිඩැල්ල කපන්නයි අන්තිමේ විවෘත කරන්නයි එනවා මිසක් පැත්ත පළාතේ එන්නේ නැහැනේ ඒ උත්තමයෝ...