(රංජන් කස්තුරි)
කිසියම් පුද්ගලයකුගේ අයුතු ක්‍රියාවක් හෝ අතපසු වීමක් වැනි කරුණු හේතුවෙන් තවත් පුද්ගලයකුගේ මරණය සිදුවුවහොත් මියගිය පුද්ගලයාගේ යැපෙන්නන්ට අලාභ අයකර ගැනීම සඳහා නීති ඇතුළත් නව පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමට රජය පියවර ගෙන තිබේ.
එම නව පනත් කෙටුම්පත ‘2019 අංක 2 දරන යම් තැනැත්තකුගේ මරණය සම්බන්ධයෙන් අලාභ අය කර ගැනීමේ පනත’ යනුවෙන් නම්කර තිබෙන අතර එය මේ වන විට රජයේ ගැසට් පත්‍රයේ පළ කර තිබේ.
යම් තැනැත්තකුගේ අයුතු ක්‍රියාවක් නොකර හැරීමක් , අතපසු කිරීමක් හෝ පැහැර හැරීමක් හේතුවෙන් යම් තැනැත්තකුගේ මරණය සිදුවීම සම්බන්ධයෙන් අලාභ අයකර ගැනීම සඳහා සහ ඒ හා සම්බන්ධ සහ ඊට අනුශාංශික කරුණු සඳහා මෙම පනත් කෙටුම්පතකින් විධිවිධාන සලස්වා ඇත.
මියගිය තැනැත්තාගේ කලත්‍රයා දෙමාපියන්, ළමයි, සහෝදරයින්, සීයා, ආච්චි සහ බාරකරු ආදීන්ට නඩු පවරා අලාභ අයකර ගත හැකි බවද පනතේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පනත ඉතාම හොඳ එකක්. වාහන අනතුරු සම්බන්දයෙන්ද මෙහි කොටසක් ඇතුල් කලානම් තවත් කාලෝචිතයි. වහාම අනතුරු අඩුකළ හැකියි
හොඳ දෙයක්. හැමෝටම සාධාරණය ඉටු වෙයි අධිකරණය ප්‍රමාද නැත්නම්.
බොහෝම වටිනා පනතක්. දියුනු රටවල මේ විදියට වන්දි ගෙවන්න වෙන නිසා මිනිස්සු තවත් කෙනෙකුට කරදර කරන්න බයයි. මරනයට පත් නොවුනත් මානසික සහ ශාරීරික පීඩා වලටත් වන්දි ලබා ගත හැකි පරිදි සංශෝධනය වූවොත් වඩා හොදයි. විශේෂයෙන් රිය අනතුරු වලින් වෙන තුවාල ජීවිත අනතුරු වලටද විශාල ලෙස වන්දි ලබා දිය යුතුය .
සෞඛ්‍ය වර්ජනයක් අත ළඟ. සුදානමෙන් සිටින්න.
මේ අවුරුද්දේ තුල සිදු කල විපත් ඇතුලත් කරගන්නවානම් ලොකු සාධාරණයක් ඉටුවෙනවා
හදිසියේ මේ පනත ඉදිරිපත් කිරීමේ යටි අරමුණු තිබිය හැක. ඉතා හොඳින් පුළුල් සාකච්ඡාවකට භාජනය කර අඩුපාඩු සකසා සම්මත කළයුතුය.
වැඩිපුරම අදාල වෘත්තිය වන්නේ වෛද්‍ය වෘත්තියයි.
හොඳම හොඳයි... දොස්තරලගෙන් වෙන අතපසුවලට වන්දි ගන්න පුලුවන් නම්..