IMG-LOGO

අයි.එස්.අයි.එස් සමඟ සබඳතා පැවැත්වූ ව්‍යාපාරිකයෙක් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

පාස්කු ප‍්‍රහාරය අයි එස් අයි එස් ත‍්‍රස්ත සංවිධානය සිදුකළ ප‍්‍රහාරයක් බවට දිරිගැන්වීමට අවශ්‍ය කටයුතු කරමින් එම ත‍්‍රස්ත සංවිධානය සමඟ සෘජුවම සම්බන්ධතා පැවැත්වූ බව කියන ව්‍යාපාරිකයකු ලබන 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (11) නියෝග කළේය.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප‍්‍රකාරව දින 30 ක කාලයක් රඳවා ප‍්‍රශ්න කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (11) මෙම සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විය.

ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මඩකලපුව කාත්තන්කුඩි ප‍්‍රදේශයේ පදිංචි අහමදු මොහම්මදු අර්සාද් නැමැති ව්‍යාපාරිකයෙකි.

කොළඹ කිංස්බරි හෝටලයේදී මරාගෙන මැරුණු බෝම්බකරුවන් සම්බන්ධ මහේස්ත‍්‍රාත් පරීක්ෂණයට අදාළව මෝෂන් පත‍්‍රයක් ගොනුකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණී.



අදහස් (8)

අයි.එස්.අයි.එස් සමඟ සබඳතා පැවැත්වූ ව්‍යාපාරිකයෙක් රිමාන්ඩ්

පිටිගල මිලානෝ Wednesday, 11 September 2019 06:02 PM

මේ ප්‍රහාරයට සම්බන්ධ සියලු දේශපාලකයෝ සුව නින්දක තබලා කතෝලික ඡන්ද ටික ගන්න හාල් කෑලි අල්ලනවා. අපි තවත් රැවටෙමුද? නාගානන්ද මහත්තයා අනේ අපිට රටක් හදා දෙන්න ගෞරවාන්විතව ලෝකයට මුහුණ දෙන්න.

:       653       543

chinthakaThursday, 12 September 2019 01:23 AM

රටේ මිනිසුන්ට දැනගන්නත් එක්ක පොඩි විස්තරයක් කියන්නම්. මේ ගමන ජනාධිපතිවරණයේදී "ගෝඨා"ගේ ජයග්‍රහණය ස්ථිරයි. රටට තියන ආදරේ වගේම වැඩ කරන්න පුළුවන් මනුස්සයෙකුත් බව ඔප්පු කරලා තියෙන්නේ. හැබැයි අගමැතිතුමා ගේම අතඇරලා නැහැ. එතුමා උත්සාහ දරන්නේ සිංහල ඡන්ද බෙදීම මගින් "ගෝඨා"ගේ ජයග්‍රහණය 50%ට අඩු ප්‍රමාණයකින් තබාගන්න. අපි හිතමු ගෝඨා 49% ප්‍රමාණයකුයි, අගමැතිතුමා 47% ප්‍රමාණයකුයි ඡන්ද ලබා ගත්තා කියලා. අන්න එවිට ඔය පොඩි පොඩි අපේක්ෂකයින්ට අවස්ථාවක් එනවා තමන්ගේ ඡන්ද ප්‍රමාණය තමා කැමති ප්‍රධාන අපේක්ෂකයෙකුට පිරිනමන්න. අන්න එදාට ඔය "නාගානන්දලා, ශිරාණි බණ්ඩාරනායකලා, මුස්ලිම් අපේක්ෂකයන් වගේම දෙමළ අපේක්ෂකයින් ටිකත් එක පයින්ම තමාගේ ගොඩ පිරිනමන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට.., එතුමා මේ අවුරුදු 5 කරා වගේම රටේ ඉතුරු ටිකත් ඊළඟ අවුරුදු පහේ කාලා දානවා. අන්න එ්ක නිසා ආපහු නොදන්නා වෙනසකට නොගිහින් සිංහල ඡන්ද නොබෙදා තියාගත්තොත් අපි කෙසේ වෙතත් අපේ අනාගත දරු මුණුබුරන් ගොඩයයි...

:       341       440

Anura u a eThursday, 12 September 2019 02:54 AM

හ්ම්...!!! ඔන්න ඕකයි තත්වේ.

:       1       5

Sugath PremalalThursday, 12 September 2019 04:41 AM

ජනතාව බුද්ධිමත්ව වැඩ කරන්න. යහපාලනයක් කියලා 2015 කරගත්ත හරිය හොඳටම ඇති.. නාගානන්ද කියන්නේ සිරිසේනගේ දෙවන කොටස.. වැඳලා කියන්නම්.. මේ සැරේ වැරැද්ද ගත්තොත් වෙන්නේ ලංකාව සිරියාව වගේ වෙනවා. අනිවා..!!! 

:       94       126

sanjeewaThursday, 12 September 2019 05:06 AM

මේ දවස්වල සමාජ ජාලවල යන කෝප් කමිටු වාර්තා පොඩ්ඩක් බලන්න.. නාගානන්දලා සහ එයාලගේ ගෝල බාලයින්ගේ වැඩ...

:       24       37

surath Thursday, 12 September 2019 12:44 AM

නාගානන්ද මහතාට කරලා පුරුදු දෙයක් බාරදෙන්න. කටයි, නඩුයි විතරයි අපි දැක්කේ... නඩුවක් දින්නා කියලා පත්තරේකවත් තිබුණාද?

:       33       87

dilan Thursday, 12 September 2019 01:25 AM

කවුද මේ "නාගානන්ද" කියන්නේ? මොනවද දැනට මෙයා සමාජයට දැනෙන්න කරලා තියෙන්නේ? එහෙම නැත්නම් අර 2015 වගේ රට කන්න සළකා බලන්න පත්කරගන්න පොදු අපේක්ෂකයාද?

:       54       102

thushara Thursday, 12 September 2019 05:18 AM

සිවිල් පුරවැසියෙක් විදියට දේශපාලකයින්ගේ දූෂණයට විරුද්ධව, විල්පත්තු විනාශයට එරෙහිව, කළ හැකි දේ එතුමා කළා.

:       0       108

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 244 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 767 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1189 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site