IMG-LOGO

අයියාට පිහියෙන් ඇන මල්ලී වාහනයකට පැන දිවි නසා ගනී:මවත් ඇද යට මිය ගිහින්

 

(බන්දු තඹවිට)

මල්ලී විසින් තම අයියාට පිහියෙන් ඇන අනතුරුව අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබු ලොරියකට පැන දිවි නසාගෙන ඇති බවත් එම සිදුවීම පිළිබඳව පරීක්ෂණය සිදු කිරීමේදී  ඔවුන් දෙදෙනාගේ මවද නිවසේ ඇඳක් යට මිය ගොස් සිටිනු සොයා ගත් බවත් මතුගම පොලිසිය පවසයි.

මතුගම පොලිස් වසමේ නවුත්තුඩුව අලුත්ගම්ගොඩ ප්‍රදේශයෙන් පසුගිය 27 වනදා රාත්‍රී 11.00 ට පමණ මෙම සිදුවීම වාර්තාවී ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 39/4 කිලෝමීටර් කණුව ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියයාම පිළිබඳව අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාශයේ නිලධාරීන් විසින් සිදුකල පරීක්ෂණයෙදී මේ බව හෙළිවී ඇත.

රිය අනතුරට ලක්වූ පුද්ගලයා අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබු ලොරි රථයකට පැනීම නිසා සිදුවූ අනතුරෙන් මියගොස් ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ නවුත්තුඩුව ,අලුත්ගම්ගොඩ ,පදිංචි ගම්මන්පිල ඉමිටියාගේ උපුල් කුමාර නමැති 35 හැවිරිදි අයෙකි.

මෙම මියගිය පුද්ගලයා විසින් නිවස තුලදීම පිහියකින් ඇනීම නිසා බරපතල තුවාල ලබා සිටි ඔහුගේ වැඩිමහල් සොහොයුරාව අසල්වැසියන් විසින් නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුව ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ රඳවා ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසන අතර ගම්මන්පිල ඉමිටියාගේ ගයාන් පුෂ්පික නමැති 37 හැවිරිදි අයෙකු මෙසේ තුවාල ලබා ඇත..

අධිවේගී මාර්ගයේ අනතුරින් මියගිය පුද්ගලයා සතුව තිබු හැඳුනුම් පත අනුව පොලිස් නිලධාරීන් ඔහුගේ නිවසට පැමිණ  පරීක්ෂා කිරීමේදී එම දෙදෙනාගේ මව නිවසේ ඇඳක් යට මියගොස් සිටියදී සොයාගෙන ඇත. යට්ටෝවිට විතානගේ ගුණවතී හෙවත් රමණි නමැති 58 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් ඇත.

මෙම මරණ පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබු අතර මතුගම මුලස්ථාන පොලිස් පරීක්‍ෂක පරාක්‍රම උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (6)

අයියාට පිහියෙන් ඇන මල්ලී වාහනයකට පැන දිවි නසා ගනී:මවත් ඇද යට මිය ගිහින්

අර්ජුන Wednesday, 28 October 2020 04:54 AM

මේ කාලයේ අපි හැමෝටම අමාරු කාළයක්.. ඒක නිසා බඩට දෙයක් දාගෙන අනික් දේවල් පස්සේ නොගිහින් ඉන්න තරමට ඇගට ගුණයි. අනිවාර්යයෙන් ඉඩම් ප්‍රශ්නයක් වෙන්න ඇති... අපරාදේ ජීවිත...

:       1       31

nova Wednesday, 28 October 2020 05:17 AM

අනේ මම දන්නේ නැහැ. ඔලුවෙ කැක්කුමයි මෙවට...

:       0       2

NASA Wednesday, 28 October 2020 07:50 AM

ගම්මන්පිල ලිව්වම මම හිතුවේ වෙන ගම්මන්පිල කෙනෙක් කියලා.

:       6       19

Raveendra Wednesday, 28 October 2020 09:22 AM

ඉතාම අවාසනාවන්ත සිදුවීමක්... අප සමාජය මොනතරම් අගාදයකට වැටි ඇද්ද යන්න මෙයත් හොද උදාහරණයකි.. පව් ඒ අහිංසක අම්මා සහ දරුවන්....

:       2       18

Mr Don Wednesday, 28 October 2020 09:33 AM

අපේ සිංහලේ...

:       7       12

SISIRA Wednesday, 28 October 2020 05:39 PM

අපි හදමු හන්දියක් හන්දියක් ගානේ බුදු පිලිම ,කියමු පිරිත් .

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 245 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 773 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1195 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site