IMG-LOGO

අනියම් බිරියට පොරොවෙන් කොටා කෑලිකපා පුච්චා ඇටකටු මාඔයට දාලා


(*** පුෂ්පකුමාර ජයරත්න, ***කුරුණෑගල - චාන්දනී දිසානායක සහ ***පොල්ගහවෙල – ජනූර් කිචිලාන්)

දින34 කට පමණ පෙර අතුරුදන්ව සිටි බව කියන ඉබ්බාගමුව පල්ගොඩපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි කාන්තාවක පොල්ගහවෙල ප්‍රදේශයේදී පොරවකින් කපා කොටා ඝාතනය කර මළ සිරුරේ කොටස් පොහොර උරයක දමා මෝටර් රථයකින් අලව්ව ප්‍රදේශයට ගෙනැවිත් පුළුස්සා, ඉතිරි වූ සිරුරු කොටස් මා ඔයට දමා තිබියදී පෙරේදා (26) සොයාගත් බව කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය කියයි.

මෙම සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ කුරුණෑගල ම්ලේනියම් සිටි අංක 73 නිවසේ තාවකාලිකව පදිංචිව සිටි විජේකෝන් මුදියන්සේලාගේ දීපිකා විජේකෝන් නමැති 47 හැවිරිදි කාන්තාවක් බව පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ සහෝදරයාගේ බිරිඳ කුරුණෑගල මූලස්ථාන පොලිසියට අගෝස්තු මස22 වැනිදා කළ පැමිණිල්ලකට අනුව කුරුණෑගල, පොල්ගහවෙල සහ අලව්ව පොලිසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී ඝාතනය සම්බන්ධ සියලු තොරතුරු හෙළිවූ බව පොලිසිය කියයි.

මෙම සිද්ධියට සැකකෙරෙන පුද්ගලයා පසුගිය අගෝස්තු මස 18 වැනිදා මෙම කාන්තාව පොල්ගහවෙල ගොඩවෙල තම නිවසට කැඳවාගෙන විත් එහිදී ඇතිවූ බහින්බස් වීමකදී මෙම ඝාතනය සිදු කරන්නට ඇතැයි පොලිසිය කළ පරීක්ෂණවලදී හෙළිවී ඇත.

සැකකරු තම පියා සහ ඥාති සහෝදරයකු සමඟ සම්බන්ධවී මළ සිරුර පොහොර උරයක දමා මෝටර් රථයකින් අලව්ව කපුවරලට ගෙනගොස් කැබැලිවලට කපා සිය මහ ගෙදර පිටුපසදී පුළුස්සා එහි ඉතිරිවූ අස්ථි සහ අළු කොටස් මෙසේ මා ඔයට දමා ඇති බව පොලිසිය කළ පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මෙම කාන්තාව ඇසුරු කළ බව කියන ප්‍රධාන සැකකාර පුද්ගලයා පසුගිය 25 වැනිදා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කළ බව පොලිසිය කීය.

අගෝස්තු මස 18 වැනිදා සිට දීපිකා විජේකෝන් නමැති තැනැත්තිය පිළිබඳ තොරතුරක් නොලැබීමෙන් පසුව ඇයගේ සහෝදරයාගේ බිරිඳ විසින් පසුගිය අගෝස්තු විසි දෙවැනි දා (22) කරන ලද පැමිණිල්ලකට අනුව කුරුණෑගල පොලීසිය විසින් විමර්ශන කටයුතු සිදු කරනු ලැබීය.

 මියගිය තැනැත්තියගේ දුරකථන අංක හා සැසඳීමෙන් කරනු ලැබූ පරීක්ෂණයෙන් පසුව සිද්ධියට අදාළ සැක කටයුතු පුද්ගලයකු පොල්ගහවෙල, ගොඩවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන දීර්ඝ ලෙස විමර්ශන කටයුතු සිදුකර ඇත.

 ඒ අනුව විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ, අදාළ කාන්තාව පොල්ගහවෙල පදිංචි සැකකාර පුද්ගලයා සමග වසර දෙකක පමණ කාලයක් ඇසුරු කර ඇති බවත්, ඔහු පසුගිය අගෝස්තු 18 වැනිදා පොල්ගහවෙල එම නිවසේ දී පොරවකින් කොටා එම අනියම් බිරිඳ ඝාතනය කර පසුව, ඔහුගේ පියා සමග මළ සිරුරෙහි කොටස් බෑගයක දමාගෙන මෝටර් රථයකින් අලව්ව ප්‍රදේශයේ නිවසක පිටුපසට දමා ගිනි තබා ඇති බවත් විමර්ශනවල දී තහවුරු කරගෙන ඇති අතර පුළුස්සා ඉතුරු වූ සිරුරු කොටස් මා ඔයට දමා ඇතැයි පොලිසිය කළ මූලික පරීක්ෂණවලින් හෙළිවී තිබේ.

මෙම සැකකරු වසර ගණනාවක් කොරියාවේ සේවය කළ අයකු බවත්, ඔහු මෙරටට පැමිණ මුදල් පොලියට දෙමින් කටයුතු කළ බවට තහවුරු කර ගත් බවත් පොලිසිය පැවසීය.

 ප්‍රධාන සැකකරුගෙන් ලබාගත් තොරතුරු අනුව පොලීසිය විමර්ශන කළ අතර කිමිදුම් අංශයේ නිලධාරීවරයකු වන පොලිස් පරීක්ෂක යසන්ත බණ්ඩාර මහතා මා ඔයේ කිමිදෙමින් අදාළ සිරුරු කොටස් සොයාගත් බව පොලිසිය කීය.

 ඝාතනයට ලක් වූ කාන්තාව ද පිටරටක සේවය කර මෙහි පැමිණ පසුගිය මැයි මාසයේ සිට කුරුණෑගල මිලේනියම් සිටිහි ඥාති සොහොයුරකුගේ නිවසෙහි තනිවම වාසය කර ඇති බවට පොලිසිය කළ විමර්ශනවලින් තොරතුරු අනාවරණය වී ඇත.

 මෙසේ ඝාතනයට ලක්ව ඇති කාන්තාවගේ සහෝදරයා නිරන්තරයෙන්ම මරණකාරිය පිළිබඳව සොයා බලමින් සිටියදී අගෝස්තු මස 18 වනදා සිට ඇය පිළිබඳව තොරතුරක් නොමැති හෙයින් සහෝදරයාගේ බිරිය කුරුණෑගල පොලිසියට පැමිණිල්ල යොමු කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

 සිද්ධිය සම්බන්ධව සැක කටයුතු පුද්ගලයන් දෙදෙනකු සමඟ අදාළ මෝටර් රථය ඇතුළු සියල්ල පොලිස් භාරයට ගෙන තවදුරටත් විමර්ශන කටයුතු සිදු කෙරෙන අතර, අදාළ කාන්තාව කුරුණෑගල ප්‍රදේශයේදී අතුරුදන්වීම නිසා කුරුණෑගල පොලිසිය මගින් විමර්ශන කටයුතු සිදුකරන අතර, සිද්ධිය පොල්ගහවෙල පොලිස් බලප්‍රදේශයේ දී සිදුවී ඇති නිසා පොල්ගහවෙලදී මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළ බව පොලීසිය සඳහන් කරයි.

පොල්ගහවෙල වැඩ බලන මහේස්ත්‍රාත් ටී.එම්.ජේ. තෙන්නකෝන් මහතා ස්ථානීය පරීක්ෂණය සිදුකළ අතර කුරුණෑගල, පොල්ගහවෙල, අලව්ව යන පොලිසි ඉදිරි පරීක්ෂණ මෙහෙයවයි.



අදහස් (0)

අනියම් බිරියට පොරොවෙන් කොටා කෑලිකපා පුච්චා ඇටකටු මාඔයට දාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 234 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 758 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1179 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site