
(ඩයනා උදයංගනී)
මෙරට අධ්‍යාපනයේ සහ උසස් අධ්‍යාපනයේ සිදුවිය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් පෞද්ගලික අංශයේ අදහස් හා යෝජනා ලබාගැනීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.
මෙරට අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ රැකියා වෙළඳපොළ අතර පවතින නොගැළපීම තුරන්කිරීම සඳහා විෂයමාලා යාවත්කාලීන කිරීම්, සැකසීම් සහ සංශෝධනයන් සඳහා පෞද්ගලික අංශයේ ද අදහස් හා යෝජනා පිළිබඳ සලකා බැලීම වැදගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ සඳහා වන යෝජනා සහ අදහස් ලිඛිතව ලබාදෙන ලෙස පෞද්ගලික අංශය වෙත දන්වා ඇතැයි ද ඇමති ජී.එල් පීරිස් මහතා කීවේය.
විශේෂයෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය, මෘදු කුසලතා සංවර්ධනය කළයුතු ආකාරය පිළිබඳ යෝජනා මෙහිදී ඉතා වැදගත් බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසූයේ කොළඹ, සුසමයවර්ධන විද්‍යාලයේ පැවති සුහුරු පන්ති කාමරය අද (24) නිරීක්ෂණයෙන් අනතුරුවය.
සිසු සිසුවියන්ගේ වර්ධනය විය යුතු මෘදු හා භාෂා කුසලතා පිළිබඳව පෞද්ගලික අංශයෙන් යෝජනා ලබාගත් විට ඔවුන්ගේ අවශ්‍යතාවට ගැළපෙන මානව සම්පත් මෙරට රාජ්‍ය හා පෞද්ගලික අංශ වෙත ද ලබා හැකිවන බව ද ඇමතිවරයා කීවේය.
COMMENTS
මොනවා කලත් පංතිකාමර අධ්‍යාපනය වෙනුවට අන්තර්ජාලයෙන් දුරස්ථ අධ්‍යාපනයට නම් මාරු වෙන්න එපා. එකේ වටිනාකමක් නැති බව දියුණු රටවල් වලත් පිලිගන්නවා.
ඒ කියන්නේ අධ්‍යාපනය රජයේ වගකීමෙන් නිදහස් කරන්න සූදානම් කියන එකද? ඒකට නම් සූදානම් වෙන්න එපා පුතෝ. වැඩේ දරුණු වෙයි.
අන්තරේ ඉන්න මෝඩ තකතීරුවන්ට දවස් 365ම දියව්, දියව්, නවත්වව්, නවත්වව් කියමින් මහජන දේපළ විනාශ කිරීමට මහඟු අවස්ථාවක් උදාකර ඇති බවට කළු කුමාරයා ප්‍රමුඛ රතු හැට්ටකාරයින්ට ඉතා සතුටෙන් දන්වන්නෙමු.
සෑම දේශපාලකයෙකුම කරන්නේ තමන්ට පැවරෙන ආමාත්‍යාංශ කාර්ය තුළ, එම කාර්යයට අලුත් ප්‍රශ්නයක් හදා එය කුරුවල් කර වසර 5කට පසු ගෙදර යාමයි..!!! - රටේ ජාතික අධ්‍යාපන කාර්යය මීට හොඳම උදාහරණයයි.
අධ්‍යාපනය, නවීකරණය වෙන්න ඕන විදිහ අහන්න ඕන පෞද්ගලික අංශයෙන් තමයි. රාජ්‍ය අංශෙන් අහන්න තියෙන්නේ ඉටි ගෙඩියද? ඇයි මේ කමෙන්ට් දාන පණ්ඩිතයින් පෞද්ගලික කියන වචනේ කියනකොටම භූමිතෙල් ගෑවිච්ච ගැරඬි වගේ හැසිරෙන්නේ. මතක තියාගන්න රාජ්‍ය සේවකයින්ගේ පඩි ගෙවන්නේ පෞද්ගලික අංශයෙන් කියලා. තියෙන මහන්තත්වෙට රාජ්‍ය ව්‍යවසාය කර තියාගෙන බොරු භක්තියකින් ඒක රැක්කට දැන් හැම උත්තමයෙකුටම තේරිලා තියෙන්නේ මේ සුදු අලි රාජ්‍ය සේවය තමයි ලංකාවට හැදිලා තියෙන ලොකුම පිළිකාව කියලා. ආර්ථිකය පෞද්ගලික අංශයට විවෘත කළාම රට බටහිර ගැති වෙනවාය කියන ඔල්මොරොන්දම් පොරවල් එක්ක තමයි අපිට ජීවත්වෙන්න වෙලා තියෙන්නේ. හැම වෙලේම ජාත්‍යන්තරෙත් එක්ක ඇරගත්තම ඇමරිකාවට පලු යන්න බණින තරමටලු රට ස්වයංපෝෂිත වෙන්නේ. මේවා හදාගන්නේ නැතුව අධ්‍යාපනේ කොච්චර දියුණු කරත් රට දියුණු කරන්න බෑ.
වහල් ආණ්ඩුවත් අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න හැදුවා. මේකට මුදල් දෙන්නේ ඇමරිකාව. මුලින්ම විශ්ව විද්‍යාලවල සිංහල, බෞද්ධ අධ්‍යයනය, ඉතිහාසය, සංස්කෘතිය සහ උරුමය, ඉගැන්වීම නතර කරනවා. ඊට පස්සේ ඊළඟ පරම්පරාව ඒ මොකවත් දන්නේ නැති නිසා, පාසල්වලත් ඒ විෂයන් ඉගැන්වීම ක්‍රමයෙන් නතර වෙනවා. කලා විෂයන් වැඩක් නැහැ කිව්ව ඇමරිකන් පුරවැසියා දන්නේ නැති වුණාට ලෝකයේ සිංහල කතා කරන එකම රට ලංකාව..! නිර්මල බුදු දහම තියෙන එකම රට ලංකාව..! අවුරුදු 2500කට එහා ගිය ලිඛිත ඉතිහාසයක් තියෙන එකම රට ලංකාව! සිහි බුද්ධියක් තියෙන කිසිවෙක් මේ විෂයන් එපා කියන්නේ නැහැ. බටහිරයන්ට අපිට වගේ දීර්ඝ, වර්ණවත් ඉතිහාසයක් නැහැ. සුවිශේෂී භාෂාවක් නැහැ. ආගමක් තිබුණාට ඒකෙ ධර්මය කියලා කොටසක් නැහැ. ආගම හා සම්බන්ධ සංස්කෘතියක් හෝ සභ්‍යත්වයක් නැහැ. ඒ හින්දා ඔවුන්ට අපේ විෂයන් ආගන්තුකයි. හරි නම් අපි කරන්න ඕනේ මේ විෂයන් විදේශිකයින්ටත් ඉගැන්වීම. වහල් ආණ්ඩුව කාලේ බෞද්ධ ශිෂ්ඨාචාරය සම්බන්ධ විෂයක් ඉවත් කළා. හැබැයි එතනම ඉස්ලාම් සහ ශිෂ්ඨාචාරය උගන්වනවා. ජනාධිපතිවරයාට කේවට්ට සභාවකුත් තියෙනවා. වාරියපොළ සිරි සුමංගල හිමි, කුඩාපොළ උන්නාන්සේ වැනි අභීත හාමුදුරුවරු උන්නු රටකට ගිය කලක්..
ඒ වගේම ජාත්‍යන්තර අන්තර්ජාල පෙළපොත් ප්‍රකාශකයින්ගේ වුවමනාවල් ඉටුකිරීම වෙනුවෙන් පමණක්ම කටයුතු කරන්නත් එපා. අන්තර්ජාල අධ්‍යාපනය තිබිය යුතුමයි. පන්ති කාමර අධ්‍යාපනයට ආදේශකයක් නොවිය යුතුයි.
ඩලස්ව අයින් කරලා ජී.එල්ට අධ්‍යාපනය බාර දුන්නේ ජනාධිපතිවරයාගේ ඇමරිකන් පරගැති චින්තනය ක්‍රියාත්මක කරන්න. ජී.එල්. කියන්නේ රටේ සියයට 90ක බිම් මට්ටම ගැන අවබෝධයක් නැති කළු සුද්දෙක්. ජී.එල්. තමයි 2002 යූඑන්පී ආණ්ඩුවේ ඉඳගෙන, ධනවත් යුරෝපා සංගමයේ රටවල තිබ්බ වැට් බද්ද ලංකාවට හඳුන්වා දුන්නේ. ඒ රටවල අඩු ආදායම්ලාභින්ට ජීඑස්ටී බද්දෙන් කොටසක් නැවත දෙනවා. නමුත් ලංකාවේ එහෙම ක්‍රමයක් නැහැ. මෙහෙ ධනවතාත්, දුප්පතාත් එක හා සමානව ඒ බද්ද ගෙවනවා. ධනවතා තමන්ගේ ආදායමෙන් සොච්චමක්ද, දුප්පතා පෝෂ්‍යදායි ආහාර ටිකක් ගන්න තියෙන මුළු මුදලද වැට් බද්ද විදිහට ගෙවනවා. ජී.එල්. කියන්නේ යූඑන්පී චින්තනය තියෙන පුද්ගලයෙක්. ඔහුට අධ්‍යාපනය බාර දීම පිටිපස්සේ තියෙන්නේ ජනතාව ප්‍රතික්ෂේප කළ පරගැති චින්තනය නැවත මේ රටේ ක්‍රියාත්මක කිරීමයි...
අධ්‍යාපනය වෙනස් කරන්න කලින් විවිධ නම්වලින් තියෙන පාසල් සියල්ල එකම නමකට ගන්න. එක්කෝ සියලු පාසල් ජාතික පාසල් බවට පත්කරන්න. නැතිනම් ප්‍රාථමික, ද්විතීක සහ තෘතීක පාසල් නමින් නම් කරන්න. ව්‍යුහ කමිටු සංග්‍රහයෙත් ඒ බව සඳහන් වෙනවා. අවශ්‍ය නම් අම්බලන්ගොඩ කසල නඩුවේ වාර්තාව බලන්න. ද්විතීක සහිත කිසියම් හෝ පාසලක ප්‍රාථමිකයේ ළමයි සංඛ්‍යාව 500 ඉක්මවන විට එම පාසල වෙනත් විදුහල්පති කෙනෙක් යටතේ වෙන්ම පාසලක් ලෙස නම්කළ යුත බව තමයි ඒකේ සඳහන් වෙන්නේ. අවශ්‍ය කරන වෙනස්කම් අන්න ඒ ව්‍යුහ කමිටු සංග්‍රහයේ තියෙනවා. ඒවා හදලා තියෙන්නේ ලංකාවේ අධ්‍යාපනය ගැන දන්න මහා ඉහළ උගත් මහත්තුරු. එහෙම නැතිව දේශපාලකයින්ගේ කටු ලෙව කන නිලධාරින් හෝ 8 අපොස සා/පෙළවත් නැති දේශපාලකයින් නොවෙයි. තව තවත් විස්තර අවශ්‍යනම් ගමින් ගමට සාකච්ඡා පවත්වන්න. අම්බලන්ගොඩ පැවැත්වුවහොත් මමත් එන්නම් කරුණු කියන්න. පාසල් අධ්‍යාපනය හදන්නේ නැතිව මොනවා කළත් වැඩක් නැහැ. අපිට දැන් එඩිචර ජනාධිපතිවරයෙක් සහ උගත් අධ්‍යාපන ඇමති කෙනෙක් ඉන්නවනේ. මේ අවස්ථාවෙන් වැඩ ගන්න.
අධ්‍යාපනය කියන්නේ නොමිලේ කන්න දෙන එකයි. නොමිලේ ඇඳුමක් දෙන එකයි නොවෙයි. බොහොම හොඳ මාතෘකාවක්. මේකට පුද්ගලික අංශයේ අදහස් අවශ්‍ය නැහැ. ගමින් ගමට නගරයෙන් නගරයට සාකච්ඡා පවත්වන්න. අම්බලන්ගොඩ පාසල් වලට නම් තවත් පාසල් 25 ක් 30 පහු කරගෙන තමයි ළමයි පාසල් එන්නේ... ඇවිත් තියෙන්නේ විදුහල්පතිටයි එයාගෙ ගෝල බාලයින්ටයි අඩුම තරමින් ලක්ෂයක් දෙකක් දීලා... හැබැයි ප්‍රතිඵලේ තමයි විභාගය අසමත් වි කොල්ලා කඩු හෝ ගංජා කාරයෙක් විම. අපි දෙන්නම් ඕනෑතරම් උදාහරණ. අම්බලන්ගොඩ පාසල්වල නාම ලේඛන බලන්න. සමහර පන්තිවලට නාමලේඛන දෙක දෙක තියෙනවා... මේවා හිටපු ඇමතියි, අධ්‍යාපන ඇමතියි වහගෙන වැඩ කළා. ලේකම්ලා ඇතුලු හොර නඩයම මේවායින් ගසා කෑවා. කලාප අධ්‍යක්ෂකට මාරුවක් දුන්නාම එයා නව සේවා ස්ථානයට ගියේ පාසලට පත්වෙන කොට බයිසිකලෙන් ඉස්කෝලෙට ගිය විදුහල්පතිගේ කේඩීඑච් එකෙන්. ඕක තමයි අම්බලන්ගොඩ නම් තත්වය. අපි ලැහැස්තියි. එන්න කරුණු කියන්නම් හිටගෙන බුදු වෙන්න. කවුරුත් ඉස්සරහ අධ්‍යාපනය ගැන කථාකරමු. ජනාධිපතිතුමනි, ඔබට පුළුවනි. මේවා වෙනස් කරන්න. පළාත් සභාවෙන් පස්සේ ඉස්කොල ටික කෑවා...
කෙරෙන්න ඕනෙ.. අරයාගෙන්, මෙයාගෙන් අහන එක නෙවෙයි. නියමිත ජාතික ප්‍රතිපත්තියකට රැකියාවල් ඉල්ලන මිනිස්සු නෙවෙයි. තවත් කීප දෙනෙකුට රස්සාවල් දෙන්න පුළුවන්. නව නිර්මාණාත්මක හැකියාවන් ඇති මිනිස්සු බිහිකිරීම. ඊ ළඟට ඒ මිනිස්සුන්ගේ නිර්මාණවලට වෙළඳපළක් හදාදීම.
අධ්‍යාපන සැලසුම ජාතික, ආර්ථික සැලසුම්වලින් කොටසක් විය යුතුයි. එහෙම නැතිව එක එක්කෙනාට ඕනෙ විදිහට ජාතික අධ්‍යාපනය හදන්න හෝ විරැකියාව නැතිකරන්න බැහැ. එහෙම නැතිව පොල් මුදලාලි කෙනෙක්ගෙන් ඇහැව්වොත් එයා කියයි පොල් කඩන්න උපාධියක් පටන් ගත යුතුයි කියලා.
අපේ අධ්‍යාපනය බ්‍රිතාන්‍ය අධ්‍යාපන ක්‍රමයටම ගෙනෙන්න. එහෙම වුනොත් අපිට අධ්‍යාපනය පිටරැටියන්ට විකුනන්නත් පුළුවන්.