
(අමදෝරු අමරජිව)
ත්‍රිකුණාමලය මොරවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සීමා මායිම් ඇති අඩියාගල හින්න රක්ෂිතයේ අක්කර 30ක ප්‍රමාණයක් එළි පෙහෙළි කර ගිනි තබා ඇතැයි ප්‍රදේශවාසිහු පවසති.
සංවිධානාත්මක කණ්ඩායම් කිහිපයක් තැනින් තැන මෙම වන විනාශය සිදුකර ඇති අතර ගස් කපා හෙළා කොළඅතු වියලුණු පසු ගිනි තබා විනාශ කර ඇති බව කියති.
2012 සැප්තැම්බර් 12 දිනැති අංක 1784/10 දරණ ගැසට් නිවේදනය මගින් ආඩියාගල හින්න රක්ෂිතයට අයත් හෙක්ටයාර් 3055 ක් ප්‍රකාශයට පත්කර තිබියදී මෙම වන විනාශය සිදුවී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය දිසා අඩවි වන නිලධාරි චන්දන අබේසේන මහතා පවසන්නේ සංවිධානාත්මක පිරිස් පිට ප්‍රදේශවලින් කුලියට පිරිස් ගෙන්වා ගස් කපා කැළෑ එළි පෙහෙළි කර ගිනි තබා ඇති බවයි.
හේන් වගා කිරිමේ අරමුණෙන් මෙම වන විනාශය සිදුකර ඇති බව කී එම නිලධාරියා සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව කීය.


COMMENTS
කොටි හිටියා නම් හොඳයි කියලා හිතෙන්නේ මට විතරද?
කෝ දේශප්‍රේමීන්ලා? විනයගරුක පාලනයක් තුළ කෙළින් වැඩකරන නායකයෙක් දැන් බලයේ ඉන්නකොට මෙවැනි දේවල් වෙන්න පුළුවන්ද?
කෝටි ගණන් ඒ ගොල්ලන්ගේ ඡන්ද ව්‍යාපාරයට සල්ලි වියදම් කරපු ව්‍යාපාරිකයින්ට මැතිවරණයට කලින් වෙච්චි පොරොන්දු ඉටු කරන්න ඕනේනේ.. ඒවා තමයි ඔය කැලෑ ටික බෙදලා දෙන්නේ..
එක රටක් එක නීතියක් හොඳේ... මරු නේද?
අනේ කැලෑවලට යන කල...
ගස් නැතිව කොහොමද පොහොට්ටු පිපෙන්නේ..?
කැලෑවල් කපන්නේ මැදපෙරදිග රටවල් වගේ ලංකාව සංවර්ධනය කරන්න. 69 ලක්ෂයට ඕවා තේරෙනවා. ටික දෙනාටයි ඕවා තේරෙන්නේ නැත්තේ...
ලංකාවට මාර වැඩේ වුණේ...
අනේ අපොයි...
හොඳ වැඩේ. මක්කැයි කියන්නේ දැන්?
මේ අය බලයට එන්න කළින් දේශප්‍රේමියෝ... දැන් දේශපාලුවෝ... ලංකාවේ ඉන්නේ බත්කන වහල්ලු.
දිනු ජය සාමකමීව සමරමු.
කෝ පරිසර ඇමති? පරිසරයට මුදා හරින බෝල්පොයින්ට් පෑනට අඬනවා. මෙහෙ රටපුරාම රක්ෂිතවල මහ ගස් කොළන් බිම හෙලනවා. ගිනි තියනවා.
මක්කෙයි ඔහෙලා කියන්නේ.. අපි හම්බ කළොත්, අපි කනවා.
අත්තනෝමතික ලෙස රජයේ ඉඩම් බලෙන් අල්ලගෙන ඉන්නවා නම් ඒ ඉඩම්වලට ඔප්පු ලබාදෙනවා කියලා ගහපු ගැසට් හින්දා වෙන වන විනාශය.. කොහොමත් අවුරුදු පහ ඉවරවෙනකොට රටේ පරිවාර වනාන්තර ටික ඔක්කොම ඉවරවෙලා තියේවි..
කොහොමත් සියලු කැලෑ කපන්න ඕනේ නරි ඉන්න නිසා.
කැලේ නිධන් හාරන ආරංචි එනවා. නිධන් හොරුන්ව පොලිසිය අල්ලගෙන එනවා.
මේවා සාධාරණීයකරණය කරන්න හොර පරිසර සංවිධානත් පිහිටුවාගෙන වොයිස් කට් දෙනවා වගෙයි පෙනෙන්නේ.
තාම වුනේ නැහැ මේවට වග කියන්න ඕන ලංකාවේ 69 ලක්ෂය
ලස්සන වැඩේ කියන්නේ කැලේ කපලා ගිනිතියලා ලී ටික මෝලෙ ඉරලා විකුණාගෙන සල්ලි බෙදාගත්තාට පසුව තමයි අදාළ නිලධාරීන් කැලේ කැපුවා කියලා දැනගන්නේ. ඊටපසු ලොකුවට දානවා. වගකිව යුතු හෝ දඬුවම් ලබන කෙනෙක් නැහැ. මේවා රජයේ නිලධාරීන්ගේ සම්බන්ධතා ඇතුව කෙරෙන බවට හොඳටම ශුවර්. ගමේ මිනිහෙක් පැලඉනි වැටට කෝටු ටිකක් කැපුවහොත් අනවසරයෙන් කැලේ කැපුවා කියා අල්ලාගෙන යනවා.
යහපලානේ කාලේ කැලේ කැපුවේ මුස්ලිම් අය දැන් කපන්නේ සිංහල අය ඒක තමයි වෙනස.