(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම අටුලුගම ග්‍රාම සේවා වසම අටක් හුදකලා කිරීමත් සමගම එම ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි යුද හමුදා සහ පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත පොලිස් මුර කපොලු 10 ක් ස්ථාපිත කළ බව පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී සංජය ඉරසිංහ මහතා පැවසීය.
අටලුගම නැගනහිර ,අටලුගම බටහිර ,කොරාවල ,ගල්ගේ මණ්ඩිය ,බෝගහවත්ත , බමුණුමුල්ල 659 සි ,බමුණුමුල්ල 659 ඩි ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි පොලිස් මුර කපොලු ස්ථාපිත කර ඇත .
එම ග්‍රාම සේවා වසම් වලට ඇතුළුවීමට නොහැකි ලෙස හා එම ගම් ග්‍රාම සේවා වසම් වලින් පිටතට පැමිණීමට නොහැකි ලෙස ආරක්ෂාව තර කර ඇති බව ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා කීය .
ඊට අමතරව අටලුගම ගම්මානයට පිවිසීමට තිබෙන කිම්මන්තුඩාව ප්‍රදේශයේ ඇළ මාර්ගයට ද පොලිස් නාවික කොට්ඨාසයේ බෝට්ටුව යොදවා තවදුරටත් ආරක්ෂාව තර කිරීමට කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවසීය .
සෞඛ්‍යය අංශ වලින් සහ පොලිසියෙන් ලබා දී තිබෙන නති රීති වලට මෙන්ම නිරෝධායන නීති වලට ගරු කර කොරෝනා වෛරසය මැඩ පැවැත්වීම සඳහා සහය දක්වන ලෙස අටුලුගම ප්‍රමුඛ බණ්ඩාරගම ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජ්‍යෙෂ්ඨ අධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය
2025 දෙසැම්බර් මස 18
290
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අටලුගමට පොලිස් මුරකාපොලු 10 ක්