IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


අචාර්ය වජිරාට - මහාචාර්ය ඉන්ද්‍රාට පද්ම ශ්‍රී සම්මාන

(රංජන් කස්තුරි)

ලාංකීය නර්තන කලාව ජාත්‍යන්තර තලයට ගෙනගිය අග්‍රගණ්‍ය නර්තන ශිල්පිනී වජිරා චිත්‍රසේන මහත්මියට සහ හින්දි භාෂාව ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කිරීමට මහඟු මෙහෙවරක් ඉටුකළ මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මියට ඉන්දියාවේ පද්ම ශ්‍රී සම්මානය පරිනැමීමට එරට රජය තීරණය කර ඇත.

ආචාර්ය වජිරා චිත්‍රසේන සහ නැසීගිය මහාචාර්ය ඉන්ද්‍රා දසනායක සිය ක්‍ෂේත්‍රයන් වෙනුවෙන් ලබාදුන් පුරෝගාමී දායකත්වය සහ ඉන්දීය ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් එම සම්මානය පිරිනැමීමට තීරණය කර ඇත.

පද්ම ශ්‍රී සම්මානය ඉන්දියා රජයෙන් එරට සිවිල් වැසියන්ට පිරිනැමෙන සිවුවැනි ඉහළම සම්මානය වන අතර ඒ සඳහා සුදුස්සන් තෝරා ගනු ලබන්නේ ඉන්දියා අග්‍රාමාත්‍යවරයා විසින් පත්කරනු ලබන කමිටුවක නිර්දේශ මතය.

වජිරා චිත්‍රසේන මහත්මිය ශ්‍රී ලාංකික නර්තන ක්‍ෂේත්‍රයේ ජීවමාන  පුරාවෘත්තයක් වන අතර ඇය ශ්‍රී ලංකාවේ ප්‍රථම බැලේ නර්තන ශිල්පිනිය ලෙස ද සැලකේ. ඇය උඩරට නර්තන ශිල්පය සිය පූර්ණ කාලීන වෘත්තිය කරගත් ප්‍රථම සිංහල කාන්තාව ද වේ. ආචාර්ය වජිරා චිත්‍රසේන  මහත්මියගේ කලා ක්‍ෂේත්‍රයේ ගමන දශක හයකට අධික වේ. මේ වන විට 87 වැනි වියෙහි පසුවන ඇය චිත්‍රසේන - වජිරා නර්තන පදනමේ විදුහල්පතිනිය ද වේ. ඇය අග්‍රගණ්‍ය මුද්‍රා නාට්‍ය ශිල්පියකු වූ අභාවප්‍රාප්ත චිත්‍රසේනයන්ගේ ආදරණීය  භාර්යාව වේ.

ඇය ඉන්දියාවේ, රුසියාවේ, එක්සත් ජනපදයේ සහ යුරෝපයේ නර්තන ඉගැනුම් ක්‍රමවේද පිළිබඳ පර්යේෂණ කරන ලද ගුරුවරියකි.

නැසීගිය මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මිය හින්දි භාෂාව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ආයතනයන් වෙත හඳුන්වා දීමට සහ ප්‍රවර්ධනය කිරීමට පුරෝගාමීව කටයුතු කළ අයෙකි. 1975 වසරේ දී නාග්පූර්හි පැවැති හින්දි සම්මේලනය සඳහා ද ඇය සහභාගි වූවාය.

1995 වසරේ දී කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දි දෙපාර්තමේන්තුව යළි පිහිටුවීම සඳහා ඇය පුරෝගාමීව කටයුතු කළාය. මූලික වශයෙන්ම ඇයගේ ප්‍රයත්නයන් හේතුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දි දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ හින්දි භාෂා අධ්‍යයනය සඳහා පවතින විශාලතම මධ්‍යස්ථානය බවට පත්ව තිබේ.

එම උත්සවය හේතුවෙන් ලංකාවේ ප්‍රධාන විශ්වවිද්‍යාල හයකට අමතරව විවිධ ආයතන සහ පාසල් 80කට අධික සංඛ්‍යාවක හින්දි භාෂාව උගන්වනු ලැබේ.

මහාචාර්ය දසනායක මහත්මිය 2007 වසරේ දෙසැම්බර් මස 18 වැනි දින නවදිල්ලියේ පැවති ලෝක හින්දි සම්මේලනයේ දී 2005 වසර සඳහා පිරිනමනු ලබන ආචාර්ය ජෝර්ජ් ග්‍රියසන් හින්දි සේවි සම්මානයෙන් ද පිදුම් ලැබුවාය. මහාචාර්ය දසනායක මහත්මිය ඉකුත් සැප්තැම්බර් මාසයේ දී අභාවප්‍රාප්ත වූවාය.

අග්‍රගණ්‍ය සංගීතවේදී පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් ද මීට ඉහත දී පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබීය.

(ඡායාරූප - අන්තර්ජාලයෙන්)

 

 



අදහස් (6)

අචාර්ය වජිරාට - මහාචාර්ය ඉන්ද්‍රාට පද්ම ශ්‍රී සම්මාන

Mahee Sunday, 26 January 2020 03:51 PM

රටේ කීර්තිය ලොව පුරා පැතිර වූ ලක් මාතාවගේ සැබෑ දියණියන් දෙදෙනාට මගේ ආචාරය...!

:       0       31

විජිත් Sunday, 26 January 2020 05:58 PM

ඔබ දෙදෙනාටම... සුබ පැතුම්...!!!

:       0       16

leel gunawardena Sunday, 26 January 2020 07:24 PM

ආඩම්බරයි, ඔබ දෙපලට මාගෙන් සුභාසිරි...

:       0       6

Gune Monday, 27 January 2020 03:17 AM

මේ ශ්‍රේෂ්ටයන් දෙපලට සුභාසින්ෂණය කරන ගමන් මං මේ සයිඩ් එකේ කතාවක් කියන්නේ. අපේ රටේ දෙමල භාෂාව ඉගැන්වීම තවදුරටත් විශාල වශයෙන් පුළුල් කල යුතුමයි. ආතර් සී ක්ලාක් කිව්වා එයා දුක්වෙනවා කියල කාරණා දෙකකට. එකක් පියානෝව වාදනය කල නොහැකිවීම. අනික ඉංග්‍රීසි හැර වෙනත් බසක් නොදැනීම. ඒ වගේ දෙමල බස නොදැනීම නිසා මම නම් දුක්වෙනවා. මට උතුරේ රාජකාරියට යන්න බැරිවුනා ඒ හින්ද. හැබැයි අපි කයියට කියනවා රටේ ඕනෑම තැනක ඉන්න පුළුවන් වෙන්න ඕන කියල. කොහොමද?

:       0       5

sarath perth Monday, 27 January 2020 04:15 AM

මේ උත්තමාවියන් දෙපළට මගේ උත්තමාචාරය සහ උණුසුම් සුබපැතුම්...!!! 

:       0       4

Udaya Monday, 27 January 2020 08:34 AM

රට වෙනුවෙන් යහපත් වැඩක්කොට කායිකව මියගියත් සදා නොමියන්නේය. ඔබ දෙපලට මාගේ උත්තමාචාරය...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1414 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1297 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site