IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඉන්ධන මිල පහළ නොදැම්මොත් ධීවරයින් වර්ජනයකට සුදානම්


( ජුඩ් සමන්ත)


ඉන්ධන මිළ ඉහළ දැමීම නිසා රට පුරා සිටින ධීවරයින් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටින බවත්,මෙම තත්ත්වයට සාධාරණයක් ඉටු නොවන්නේ නම් රට පුරා දැවැන්ත විරෝධතාවයන් පැවැත්වීමට තමන්ට සිදුවන බව සමස්ථ ලංකා බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති සුජිත් සමන්ත මහතා පැවසීය.


තව දුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද කියා සිටියේය.


‘රට පුරා බහු දින යාත්‍රා 4650 ක් පමණ තියනවා.ඉන්ධන මිළ ඉහළ දැමීම නිසා මේ බහු දින යාත්‍රා හිමියන් අද ලොකු පීඩාවකට පත් වෙලා ඉන්නේ.රජය කිවේවේ ධීවරයින්ට ඉන්ධන සහනයක් ලබා දෙනවා කියලයි.අපේ සමහර බහු දින යාත්‍රා හිමියන් තමන්ගේ යාත්‍රා  වලට අඩු මිළට ඉන්ධන මිළදී ගන්න බලා ගෙන හිටියා.ඒත් රජය එක පාරටම කළේ ඉන්ධන මිළ කිසිවෙකුත් නොසිතූ ආකාරයට ඉහළ දැමීමයි.මේක අපිට ලොකු ප්‍රශ්ණයක්. එක වෙලාවකට වැඩි කරනවා.තවත් වෙලාවකට අඩු කරනවා.මේක විහිළුවක් නෙමෙයිද කියලා මම අහන්න කැමතියි.‘



අදහස් (15)

ඉන්ධන මිල පහළ නොදැම්මොත් ධීවරයින් වර්ජනයකට සුදානම්

d.upul Sunday, 15 July 2018 06:13 AM

අපිට පාඩු වෙයි එහෙනම්....

:       33       58

සතයපාල Sunday, 15 July 2018 06:28 AM

ලෝකයේ ඉන්ධන මිල අඩු වැඩි වෙනවා. ඒ අනූව ලංකාවේ ඉන්ධන මිලත් අඩු වැඩි වෙනවා. ආණ්ඩුව ඉන්ධන වලට සහනාධාර දුන්නත් ඒ වෙන පාඩුව වෙන තැනකින් අය කරගත යුතුයී. මොකද ආණ්ඩුව යැපෙන්නේ ජනතාවගේ දඩ මුදල් වලින් හා බදු මුදල් වලින් නිසා. ඒ නිසා කරන්න තියන එකම දෙය තමයි හැකි තරම් වෙන විකල්පයන් ක්‍රියාමාර්ග භාවිතාකරමින් ඉන්ධන භාවිතය අවම කිරිමයී.

:       80       74

Shan Sunday, 15 July 2018 07:10 AM

හා, වර්ජනය කරන්න. කයිවාරු ගහන්නේ නැතුව.

:       60       138

nishantha Sunday, 15 July 2018 07:30 AM

කවද්ද දැන් ඔය වර්ජනේ ? කියවා කියවා ඉන්නැතුව ඉක්මනින් පටන් ගන්නකෝ. අපි ෆුල් සපෝර්ට් එක දෙන්නම්. මිට එක්සත් කුකුල් මස් හා උරු මස් සංගමය සහ එළු හරක් මස් සංගමය.

:       0       12

ගස්පේ Sunday, 15 July 2018 07:43 AM

අපි අවුරුද්දක් දුක් විදලා හම්බකරන ගාන මේගොල්ලන් එක මාසෙන් හොයනවා.

:       100       40

Lakmal Sunday, 15 July 2018 08:04 AM

මේ රට හදන්න බෑ

:       0       3

jaseem Sunday, 15 July 2018 08:18 AM

අනේ මහත්වරුනේ වහාම ක්‍රියාත්මක කරන්න.

:       0       26

Mahee Sunday, 15 July 2018 11:28 AM

මහත්වරුනි, පටලව ගන්න එපා. මේ ගොල්ල කියන්නේ වර්ජනයක් ගැන නෙමයි. විරෝධතාවක් ගැනයි. ඒ කියන්නේ පාරවල් වහල අපට වදදෙන්න ඕන කියන එකයි. විරෝධය කියන එකට විග්‍රහය තමයි 'පාරවල් අවහිර කර ජනතාවට වද දීම'.

:       0       7

kap Sunday, 15 July 2018 11:40 AM

මුහුදු යනකොට අරන් යන අරක්කු, කසිප්පු, කුඩු, ගංජා වගේ දේවල් නැවැත්තුවා නම් ගාන යහමින් ඉතුරු කර ගන්න තිබ්බා.. පාරට බහින්නකෝ... මේ පාර දෙයි අලුතෙන්ම ගෙන්නපු කදුලු ගෑස් වලින්... වැඩිකලේ රුපියල් 8 ලීටරයකට.. ඔයාලගේ බෝට්ටු තෙල් බොනවද?

:       0       22

sanath Sunday, 15 July 2018 06:15 PM

ධීවර බෝට්ටු 90%ක් ම දුවන්නේ භූමිතෙල් වලින් ඉතින් ඒකෙ ලීටරේ 70 ට අඩු කරලනේ තියෙන්නේ. මේ ගොල්ල විකුණන මාළුවල ගණන් කොහොමද? තෝරා කිලෝ එකක් 1800/- තලපත් 1100/- කෙලවල්ල- 800/- මෙයාලගේ එක්කෙනෙකුගේ දවසේ ආදායම 5000/- ට වැඩියි.

:       0       0

Kumara Sunday, 15 July 2018 08:18 PM

ගැටළුව තමන්ගේ නොවෙනතාක් කල් තමා ප්‍රේක්ෂකයෙකු පමණි. ධීවර වෘත්තිය නොකර වර්ජනය කරලා, මාළු නෑ කියලා ර‍ටේ ජනතාව කුපිත වෙලා, තියෙන ආණ්ඩුවට බලකරයි කියලා මේ අය බලාපොරොත්තු වෙන්නේ නෑ. මේ අය කරන්නේ තෙල් මිල වැඩිකිරීමට විරෝධය දැක්වීම විතරයි. ඉහළ අදහස් ප්‍රකාශ කරපු හැමෝම මනස්ගාත ඔළුවට අරන් ඔහේ ටයිප් කරපු එකයි කළේ. අපි හැමෝම දන්නවා රාජ්‍ය ආදායමෙන් අනවශ්‍ය වියදම් සිදුවන බව. ඇමති මණ්ඩලය නඩත්තුවට යන පිරිවැය හිතාගන්න අපිට පුළුවන්. මුහුදු යද්දි අරන් යන අරක්කු, කසිප්පු, කුඩු, ගංජා මතක් උනු අපිට අධික බදු බරක් පටවා සුර සැප විඳින පාළකයෝ මතක් නොවුනේ ඇයි.? කල්පනා කරලා බලන්න ඔබ එක අසාධාරණයකටවත් විරුද්ධව නැඟී සිටියාද?

:       0       0

sathyapalaMonday, 16 July 2018 06:03 AM

ලෝක වෙළද පොලේ තෙල් මිල ඉහල යනකොට අපේ රටෙත් තෙල් මිල ඉහල දැමීමත් පහල යනකොට පහල දැමීමේත් යම් සාධාරණත්වයක් තියනවා. හැබැයි පසුගිය ආණ්ඩුවක කාලේ ලෝක වෙලදපොලේ තෙල් මිල පහල ගියාමත් මේ තෙල් මිල වැඩි කළා. එතකොට ඔය කව්රුවත් පාරට බැස්සේ නැහැ .එතනයි මේකේ තියන අසාධාරණය.

:       0       0

dhamneth Monday, 16 July 2018 12:58 AM

2014 දී මීට වඩා වැඩි මිලට ඉන්ධන ලබාගත් බව අමතකද.?

:       0       0

rohana Monday, 16 July 2018 02:52 AM

2015 පැට්‍රොල් ඩිසල් තිබුන ගානට වඩා තාමත් අඩුයි. එතකොට 2015 එක සැරේ අඩුකලාම ඔයගොල්ලෝ මාළු මිල අඩුකලාද? නැත්නම් පැට්‍රොල් ඩිසල් මිල අඩු කරන්න එපා කියලා උද්ගෝෂණය කලාද?

:       0       0

Sapumal. Monday, 16 July 2018 04:28 AM

රටක මත්ස්‍ය සම්පත එම රටේ සියලුම ජනයාට අයිති දෙයක්.ඒත් අපේ රටේ එය අයිතිව තියෙන්නේ ධීවර ජනතාවට විතරයි.තෙල් වැඩි උනාම මොරදෙන මේ අය මිල අඩු උනාම මාළු මිළ අඩුකරනවා වගෙයි කතා කරන්නේ.මේගොල්ලෝ මාළු විකුනන්නේ මාළුන්ට කන්න බොන්න දීලා ඉස්කෝලේ යවලා උගන්නලා වගෙයි.මත්ෂ්‍ය සම්පත රජය විසින් හරිහැටි කළමනාකරණය කරන්නේ නම්,ජනතාවට වඩා හොඳ ප්‍රතිලාභ ලැබිය හැකියි.

:       0       78

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 40 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 94 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 88 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 96 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 792 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 722 1

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site