IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඊශ්‍රායල් බන්ධනාගාරයේ සිටින ලාංකිකයින් 13 බේරා ගැනීමට අමාත්‍යංශය මැදිහත් වෙයි

( තිළිණි ද සිල්වා )


සංචාරක වීසා මත ඊශ‍්‍රායලයට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කෙරුණු ශ‍්‍රී ලාංකිකයන් 13 දෙනා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට විදේශ රැකියා අමාත්‍යාංශය මැදිහත්ව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.


ඒ අනුව ඊශ‍්‍රායලයේ පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මේ සතිය තුළ මොවුන් හමුවීමට යාමට නියමිත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.


මේ සම්බන්ධයෙන් කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙසට විදේශ රැකියා අමාත්‍ය ගාමීණී ලොකුගේ මහතා  එරට ශ්‍රී ලංකා  තානාපති කාර්යාලයට දැනුම්දී ඇති බවද සඳහන් වේ.


නීතිවිරෝධී ලෙස ඊශ‍්‍රායලයට පැමිණි ලාංකිකයින්  13 දෙනෙකු අධිකරණ විභාගයකින් තොරව එරට සිරගත කර ඇති අතර ,ඔවුන්ට සති දෙකක කාලයකට අයිතිවාසිකම් අහිමි කර ඇති බව ඊශ‍්‍රායලයේ පළවන ‘‘ ද ජෙරුසලම් පෝස්ට් ’’  වෙබ් අඩවිය විසින් ඉකුත් සතියේ වාර්තා කර තිබිණි.මෙලෙස සිරගත කොට ඇත්තේ පසුගිය ඔක්තෝබර් මාසයේ ලංකාවේ සිදුවු දේශපාලන වෙනසින් පසු මරණීය තර්ජන ඇති බව පවසමින් සංචාරක වීසා මත ඊශ‍්‍රායලය වෙත පලා ගොස් ඇති ලාංකිකයින් පිරිසකි.


අදාළ පුද්ගලයින්ට ටෙල්අවිව් නුවර බෙන්-ගුරියන් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී  ප‍්‍රශ්න කිරීම සඳහා පරිවර්තකයෙකු නොමැතිවීම හේතුවෙන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි එක් සාමාජිකයෙකු සමඟ 11 දෙනා සහ කාන්තාවන් දෙදෙනා ඊශ‍්‍රායලයේ රැඳවුම් ම්‍යස්ථානයක් වෙත ගෙන ගොස් ඇති බවට එරට පළවන ජෙරුසලම් පෝස්ට් පුවත්පත් වෙබ් අඩවි වාර්තාවේ වැඩිදුරටත් දැක්විණි. 


මේ අතර සතියක් පුරා අදාළ සැකරුවන්ගේ මූලික අයිතිවාසිකම් අහිමිකරමින් ඔවුන්ට දුරකථන ඇමතුම් ලබා ගැනීමට හෝ ඔවුන්ට ඇඳුම් මාරු කළ ගැනීමට පවා නොහැකි වූ බව අදාළ පුද්ගලයින්  සඳහන් කර තිබිණි.ඔවුන්ට ඖෂධ ලබාගැනීමට අවසර නොලැබුණ අතර වකුගඩු රෝගය හා දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයෙකු රෝග උත්සන්න වීම හේතුවෙන් වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත ඇතුළත් කර ඇති බවට වාර්තා වෙයි.
 
අදාළ සැකකරුවන් සිරගත කිරීමට ගෙන යන අවස්ථාවේදී එක් පුද්ගලයෙක් විසින් ඊශ‍්‍රායලයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයෙකු වෙත සිය ජංගම දුරකථනයෙන් පණිවුඩයක් ලබා දී ඇති අතර අදාළ එම ලාංකිකයා විසින් මෙම 13දෙනා නීතිඥයෙකු වෙත යොමු කර ඇත.පසුව අදාළ නීතිඥවරයා සමඟ පැවති සාකච්ඡුාවලින් අනතුරුව, 


 ඔවුන් එරට ආරක්ෂක අංශවෙත පවසතා ඇත්තේ  පසුගිය ඔක්තෝබර් මාසයේ සිදුවු දේශපාලන වෙනසින් පසු මරණීය තර්ජන හේතුවෙන් ඊශ‍්‍රායලය වෙත පැමිණි බවයි.


නමුත් අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඊශ‍්‍රායලය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත පවසා ඇත්තේ රැකියාවක් ලබා ගැනීම පිණිස  ඊශ‍්‍රායලට පැමිණි බවයි.කෙසේ වෙතත් සිරගත කර සිටින ලාංකිකයින් පිරිස තමන්ගේ අයිතිවාසිකම් අහිමි කිරීම හා සිරගත කිරීම සම්බන්ධයෙන් එරට දිසා අධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කිරීමටද කටයුතු කර ඇත.



අදහස් (4)

ඊශ්‍රායල් බන්ධනාගාරයේ සිටින ලාංකිකයින් 13 බේරා ගැනීමට අමාත්‍යංශය මැදිහත් වෙයි

නාමල් පෙරේරා Sunday, 18 November 2018 02:10 PM

ෂුවර් එකටම මේ අය කොටි තමයි ...

:       0       25

Sugandhi Sunday, 18 November 2018 03:10 PM

ලැජ්ජාවක් නැහැ...

:       0       15

rasika Sunday, 18 November 2018 09:55 PM

මොවුන් නිසා තමයි ලංකාවේ ප්‍රතිරූපේ විනාශ වෙන්නේ. මොවුන් බොරු ගොතල කියනවා සරණාගත වීසා ගන්න.

:       0       0

Nimal Monday, 19 November 2018 07:12 AM

යම්කිසි රටකට සංචාරකයින් හැටියට ඇතුළුවෙනවා නම් ඔවුන් තම විසා කොන්දේසි අනුව වැඩ කළයුතුයි. සංචාරක කාලය අවසන් වූ පසුව රටෙන් පිටවිය යුතුයි. ශ්‍රී ලංකාවේත් වීසා නීති කඩ කළොත් ඕනෑම සංචාරකයෙකුට ශ්‍රී ලංකාවේ නීති අනුව කටයුතු කරනවා. ඊශ්‍රායලයත් එසේයි. මොවුන් ශුද්ධවූ දේශයේ සංචාරයට කියා ඊශ්‍රායෙල් දේශයට විසා අරගෙන සංචාරය අතරතුර අතුරුදහන් වෙනවා.. අද ශ්‍රී ලාංකිකයින්ට ඊශ්‍රායෙල් රටින්, සීනයි අර්ධද්වීපය හරහා ගොඩබිමෙන් ඊජිප්තුවට යන්නට අවසර දෙන්නේ නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 10 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 732 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1347 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1551 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 853 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 801 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site