IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘‘තුනෙන් දෙකේ බලය ලැබුණොත් 19 ඉවත් කරනවා‘‘

දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අසමත්කමක් යැයි ද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලැබුණහොත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කරන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද හින්දුපුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් පවසා ඇත.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ නොහැකි බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී පවසා තිබේ.

එම සම්මුඛ සාකච්ඡාවේදී එම කරුණු සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ද පවසා ඇත.

“19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් අසමත්.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලැබුණොත් අපි එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කරනවා. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සාර්ථකව කළ හැක්කේ සහෝදරවරුන් දෙදෙනකුට පමණයි (සිනාසෙයි). රටක් සාර්ථකව පාලනය කරන්න නම් ස්ථාවරත්වය අවශ්‍යයි. සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව කාලයේදී එහෙම වුණේ නැහැ. ඔවුන් හැම තිස්සෙම ගැටුම් ඇති කරගත්තා. කිසිදු සංවර්ධනයක් වුණේ නැහැ. ස්ථාවරත්වය නැති නම් ආයෝජකයන් එන්නේ නැහැ.  

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පොරොන්දු වූ පූර්ණ බලතල ක්‍රියාත්මක කරන්න බැහැ. එය බහුතර ප්‍රජාවගේ, සිංහල ජනතාවගේ කැමැත්තට, ඔවුන්ගේ හැඟීම්වලට විරුද්ධයි. උතුර සංවර්ධනය කරන්න කිසිදු සිංහලයෙක් විරුද්ධ වෙන්නේ නැහැ. රැකියා දෙනවාට විරුද්ධ නැහැ. එහෙත් දේශපාලන ප්‍රශ්න වෙනස්.

පොලිස් බලතල වගේ ඒවා හැරෙන්න 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් කොටස් දැනටමත් ක්‍රියාත්මකයි. පොලිස් බලතල වගේ ඒවා අපට ක්‍රියාත්මක කරන්න බැහැ. ඒවාට තිබෙන විකල්ප ගැන කතා කරන්න මම කැමැතියි.” යැයි ද ජනාධිපතිවරයා පවසා ඇත.

055  

 



අදහස් (63)

‘‘තුනෙන් දෙකේ බලය ලැබුණොත් 19 ඉවත් කරනවා‘‘

Nandalal DE SILVA - France Sunday, 01 December 2019 07:12 PM

(තුනෙන් දෙකේ බලය ලැබුණොත්) ... 19 ඉවත් කරනවා කියන ප්‍රකාශය ඡන්ද වේදිකාවලදී එකම අපේක්ෂකයෙක්වත් කියපු බව අපට මතක නැත. එහෙම එකක් 16 වැනිදාට පෙර ප්‍රකාශ කළා නම් සමහරවිට පොහොට්ටුවේ ඡන්ද ගණන මීට වඩා අඩුවෙන බව සහතිකයි..! දිව්රුම් දෙන විටවත් අනුරපුර උතුම් පුදබිමේ සිට මේ ප්‍රකාශය නොකිරීමට තරම් ගෝඨාභය පරෙස්සම් වුණු බව දැන් අපට පැහැදිලි වෙනවා. මේවගේ රටට වැදගත් වන ප්‍රකාශයක් කරන්න ගෝඨාභය ඉන්දියාවට යනකම්ම හිටියේ මොන මගුලකටද කියා මගේ සීයා අහනවා. අගමැති රනිල් මැතිතුමාගේ දේශපාලන පළපුරුදුකම් ප්‍රයෝජනයට ගෙන රටට විධිමත් සේවයක් කිරීමට, ඔවුන් විසින්ම රටේ ඉහළම තනතුරට පත්කළ පොළොන්නරුවේ දේශපාලකයා ඉඩ දුන්නා නම්, අද අපේ ශ්‍රී ලංකාව මෙවැනි අසරණ තත්වයකට නොවැටෙන්නට තිබුණා...! "ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවාගන්න බැහැ", කියා අපේ පැරැන්නන් කිවුවේ කට කහනවට නොවෙයි. [19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සාර්ථකව කළ හැක්කේ සහෝදරවරුන් දෙදෙනකුට පමණයි (සිනාසෙයි).] ඒ විතරක් නෙවේ... රටට (හිතකර මෙන්ම) අහිතකර දේවලුත් කිරීමට පවුල් සංස්ථාව ඉදිරියේදී පියවර ගන්නා බව නැගෙනහිරෙන් හිරු පායන්නාක් මෙන් පැහැදිලියි.

:       3669       4430

janahitha Monday, 02 December 2019 03:52 AM

ප්‍රංශයේ සිට මේ ගැන කතා කරන්න අමරුය විදිමත් ලෙස පාලනය කලේ මහා බැංකු වංචාව දෙවරක් 2105 සහ 2016 සහ වරයා ඇතුළු සම්පත් විකුණා දැමීම ආදිය සිදුකිරීමය බලය ලබාගැනීම සඳහා ඕනෑම දෙයක් කරන්න පසුබට නොවුන එතුමා බළලුන් ලවා කොස් ඇට බෑවීමට යාමෙන් ද 19 ව්‍යවස්ථාව තුලින් ද රටේම ආරක්ෂාව අනතුරට පත් විය තමාට අණදෙන විධායකය කුමක් දැයි නිලධාරීන් නොදැන සිටීම නිසා රට අසරණ වී ජනතාව 400 පමණ අමු අමුවේ මියගොස් තවත් 1000 පමණ ආබාදිත වී ඇත මේ ගැන දැන ගන්න කටුවපිටිය ගමට පැමිණෙන්න. තවද ඡන්ද ප්‍රතිපල බැලීමෙන් තහවුරු වෙනවා.

:       1435       1198

bandaMonday, 02 December 2019 08:31 AM

ජනහිත, කරුණාකර බැංකු හොරු අල්ලන ලෙස ඔබගේ ජනාධිපතිතුමාත් බල කරන්න.

:       0       221

almeida Sunday, 01 December 2019 07:26 PM

19 ඔයාලට ඕන නැති උනාට අපට අවශ්‍යයයි.

:       871       851

විනිවිද Washington Sunday, 01 December 2019 08:22 PM

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අසමත්කමක් නොව එය පසුගිය වර්තමාන ජනාධිපතිවරයාගේ සහෝදරයා වූ මහින්ද රාජපක්ෂ 17 වැනි සංශෝධනය නැතිකොට 18 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන ලද්දේ "life time president" වීමට සිතාගෙනයි. 17 වැනි සංශෝධනයේ තිබූ සියලු ස්වාධීන කොමිසම් 18 වැනි සංශෝධනය මගින් බල රහිත කළේය. නැවත ජාතික රජය මගින් 17 වැනි සංශෝධනයේ වටිනාකම දන්නා සහ ප්‍රජාතන්ත්‍රය අගයන සියලුදෙනා 19 සංශෝධනය පාර්ලිමේන්තුවේ 2/3 සම්මත කොට බලාත්මක කරන ලද්දේය. සියලු ස්වධීන කොමිසම් යළිත් බල ගැන්වූයේය. යළිත් 19ය නැති කිරීමට රාජපක්ෂවරුන් උත්සාහ කරන්නේ නම් ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගසා ප්‍රජාතන්ත්‍රවාදය වචනයට සහ ව්‍යවස්ථාවට පමණක් සීමාකොට ඉතාම සූක්ෂමව ලංකාව මිලිටරිකරණය හෝ රාජපක්ෂකරණය කිරීමට ගන්නා උත්සාහයකි. වත්මන් ජනාධිපතිවරයාට 69 ලක්ෂයක් ඡන්දය ලබාදී තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පවත්වාගෙන යාම සඳහා මිස ජනාධිපතිවරයාට වුවමනා ආකාරයට රට ගෙනයාම කියා සිතා සිටිනවා නම් එය වැරදි වටහා ගැනීමකි ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු පක්ෂ සහ දේශපාලකයන් 19 වන සංශෝධනය නැතිකර ගැනීමට යළිත් පාර්ලිමේන්තුව තුළදී අවස්ථාවක් ලබා නොදෙනු ඇත...

:       668       1693

padminiMonday, 02 December 2019 06:42 AM

මොන උප්පරවැට්ටියක් හරි දාලා නාග ලෝකෙන් ධාතු වඩම්මලා හරි 2/3 නොගත්තොත් මේ දෙන්නා බෙන්තර ගඟෙන් එහා වෙන්න බැහැ. ඔන්න කිව්වා.

:       31       310

Km Sunday, 01 December 2019 08:24 PM

බලය ලැබුණට පස්සේ කියපු බොරු පොරොන්දු ඉෂ්ඨ කරන්න බැරිබව දැනුණාම දැන් ව්‍යවස්ථාවේ ඇදකුද හොයනවා. අයියත් කලේ ව්‍යවස්ථාවේ තිබ්බ ප්‍රජාතාන්ත්‍රික දේවල් අතුගාලා දාලා මැරෙනකම් බලයේ ඉන්න විදියට වෙනස් කරගත්ත එක තමයි. 19 තිබ්බ නැත්නම් මේ පාරත් ජනාධිපති අයියම තමයි කියලා මතක තියා ගත්තොත් හොඳයි...

:       218       1241

Chandananda Sunday, 01 December 2019 11:30 PM

හරි ඔය එන්නේ එළියට. මුළු පවුලටම ජීවිත අන්තය දක්වා රජ කරන්න පුළුවන්. ස්වාධීන කොමිෂන් ටික ඔක්කොම අහෝසිවෙන එකත් හොඳයිනේ... ඇමැතිවරු තව පත් කරන්න පුළුවන්. නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගේ කරන්න පුළුවන්. අගමැතිව එක පාරෙන් අයින් කරන්න පුළුවන්... අයියා හින්දා එ්ක නම් කරන එකක් නැහැ.

:       136       1052

Mahee Monday, 02 December 2019 12:44 AM

එතකොට ස්වාධීන කොමිෂන් සභා අහෝසියිද? නැවතත් විනිසුරන් පත්කිරීම ඇතුළු බලතල ජනාධිපතිට පැවරෙනවද? හැබැයි, අපේ පරමාධිකාරී බලය වෙනස් කරන්න බැහැ කියලයි අපි හිතන්නේ. ඒකට ඔතන ඉන්න අය 225 දෙනාගේ තුනෙන් දෙක මදි. ඒ අය ඕන දේකට අත් උස්සන අය නිසා ඒක නම් නිසැකවම ලැබෙයි. නමුත් ව්‍යවස්ථාව වෙනස් කරන්න නම් ජනමත විචාරණයක් අවශ්‍යයි. එහෙම දෙයක් ගැන කතා කරන්නේ නැහැ වගේ. පොල් පැලේට හැරෙන්නයි යන්නේ.

:       548       1022

Rasika Monday, 02 December 2019 02:46 AM

එතකොට 19 ගෙනාවේ ජනමත විචාරණයක් තියලද ? මතක නැති නිසා අහන්නේ. ඇත්තටම 19 ව්‍යවස්ථාව අසාර්ථකයි. එය විශාල ව්‍යවස්ථා අර්බුද ඇති කර තිබේ. එය පෞද්ගලික පලිගැනීම් සහ යම් අයවලුන් ඉලක්ක කර හැදු නිසා අවුල් ගොඩකි. දැනටත් විනිසුරුවන් පත් කරන්නේ ජනාධිපතිගේ අභිමතයට බව ඔබ දන්නේ නැද්ද?

:       965       793

MaheeMonday, 02 December 2019 03:33 AM

ජනාධිපතිට වුවමනා විදිහට විනිසුරුවන් පත් කරගන්න පහුගිය ටිකේ බැරිවුණු බව දැක්කේ නැද්ද? මතක නැද්ද? පාර්ලිමේන්තු කමිටුවක් විසින් තමන්ට ජනාධිපති වෙතින් ලැබෙන නම් අනුව කෙනෙක් අනුමත කළයුතු බව සමහරවිට නොදන්නවා ඇති...

:       36       439

MO77 Monday, 02 December 2019 12:53 AM

පොලිස් බලයට වඩා මධ්‍යම රජයට ඉඩම් බලය වැදගත් ය.

:       18       40

කුසල් Monday, 02 December 2019 01:56 AM

19 ඉවත් කලොත් බලාත්මක වෙන්නෙ 18, ඒකෙදි ජනාධිපති තනි ඒකාධිපතියෙක් වෙනවා, අසීමිත වාර සංඛ්‍යාවක් ජනපති වෙන්න පුළුවන්, සියලුම කොමිෂන් සභා අහෝසි වෙනවා. වෙන එකක් තියා ඔබතුමාව බලයට ගේන්න සාධාරණ මැතිවරණයක් තිබ්බ මැතිවරණ කොමිෂන් සභාත් අහෝසි වෙනවා, ඒකට මේ රටේ බහුතර ජනතාව කැමති ඇති කියලා මම හිතන්නෙ නැහැ. දැනට සහෝදරයො දෙන්නා ඉන්න නිසා ලෝභ නැතුව 19 ට අනුව වැඩ කරන්න,

:       26       908

janahitha Monday, 02 December 2019 05:03 AM

ඒවා වෙනම සම්මත කරන්න පුළුවන් සමහර කොමිෂන් සභා නිසා රට අනාරක්ෂිත වෙනවා සේවය පැහැර හැර නිර්දය ලෙස ජනතාව අමුඅමුවේ මරා දමන්නට වගකිවයුතු පොලිස් නිලධාරියෙක් ඉවත් කිරීමට ජනපතිට බලය නැතිවීම ජනතා පරමාධිපත්‍යයට කැමැත්තට පටහැනිය...

:       419       49

sdeFriday, 06 December 2019 04:57 PM

ඔහෙට අමු කැවිලද? මිනිස්සුන්ව මරාගත්තේ පොලිස් නිලධාරියාද? සියලුම තොරතුරු ලැබිලත් නිසි පරිදි ක්‍රියාත්මක නොවුණු හිටපු මහ තැනද? ඔහේ දන්නේ නැති වුණාට ඇත්තටම මොකද වුනේ කියලා පාසල් යන ළමයි පවා දන්නවා..

:       0       0

සිතුම් Monday, 02 December 2019 01:58 AM

අරක නැතුව මේක බැහැ ඒක නැතුව මේක බැහැ කිය කියා ඉන්න හොඳ නැහැ. කවදාවත් මේ රටේ ඡන්දෙකින් තුනෙන් දෙකේ බලයක් ලැබෙන්නෙ නැහැ, ඒ නිසා තියෙන බලතල එක්ක අයියත් ඉන්න නිසා හොඳ පාලනයක් ඇතිකරන්න.

:       13       302

thunhelaya Monday, 02 December 2019 04:46 AM

සිංහල ජනතාව එක් වුණොත් පමණක් රට රැකේ 1815 වූ බේධ බින්න වීම නිසා අපේ උරුමය නැතිවිය. ඔබගේ මගේ දේශපාලනයෙන් ඇති වැඩක් නැත. නැති වුනොත් වසර 20කින් පමණ මේක ඉන්දුනීසියාව වගේ වසර 2500ක් පැරණි බෞද්ධ නටබුන් ඇති ඒවා තම අනන්‍යතාව ඇදහීම වෙනුවෙන් විනාශ කිරීමට පෙළඹෙන වෙනත් රජයක් වෙනවා නොඅනුමානය. පවතින ව්‍යවස්තා සහ අනුවණ සංශෝධන මගින් එය සිදුවීම වළකාලිය නොහැක.

:       12       41

wijebahuMonday, 02 December 2019 04:58 AM

මේ යන විදිහට එ් ගොල්ලන්ට 2/3ට කිට්ටුවට ලැබෙන්න ඉඩ තියනවා. ලංකාවේ ඡන්ද දායකයා ඔලුව පාචිච්චි කරලා නෙමේ ඡන්දෙ දෙන්නේ... දැනට ගෝඨා සරණං ගච්ඡාමි කියාගෙන තමයි ඉන්නේ... ලොකු හාමුදුරුවරුත් එහෙමමයි. 3/2කට කිට්ටු බලයක් ගත්තොත් ඉතුරු ටික වෙනත් ක්‍රමවලින් ගන්නවා. මහින්ද කරේ එ්ක තමයි...

:       54       467

padminiMonday, 02 December 2019 06:49 AM

අනිවාර්යයෙන් බයිලන්තය සියවස් ගණනාවකට රාජපක්ෂ බූදලයක් වනු නොඅනුමානයි.

:       43       150

Ramal Monday, 02 December 2019 02:11 AM

18 ට මොකද වෙන්නේ.

:       4       18

Anurudda Monday, 02 December 2019 02:24 AM

මම නම් හිතන්නේ 19 අහෝසි කරන්න ඕනේ නැහැ. මොකද ඔබතුමාගේ පවුලේ ඕනෑතරම් සහෝදරවරු ඉන්නවනේ.. ඔහොම යන්...

:       17       163

Anurudda Monday, 02 December 2019 02:24 AM

මමනම් හිතන්නේ 19 අහෝසි කරන්න ඕන නැහැ. මොකද ඔබතුමාගේ පවුලේ ඕන තරම් සහෝදරවරු ඉන්නවනේ. ඔහොම යමු.

:       34       20

Perera Monday, 02 December 2019 02:42 AM

ඕවා ඉතින් හැමෝම කියන කතානේ 2/3 ගන්න!!!

:       36       19

රත්නායක සෙනරත් Monday, 02 December 2019 02:55 AM

ඒ එක්කම 18 අහෝසි කළා නම් හුඟක් වටිනවා මැතිතුමනි .

:       32       54

Devinda Uduwara Monday, 02 December 2019 02:56 AM

රෑ සිහිනයකි.

:       84       120

Bamunuarachchi Monday, 02 December 2019 03:07 AM

ඔව් සර්, ජේ.ආර් ගෙනාපු ඔය ව්‍යවස්ථාව රටට හෙනයක්.. අපිට ඕනෑ රජ කෙනෙක්, අනේ කුහුඹියනේ තොපටත් රජෙක් සිටින්නේ කියලා අපි ඉගෙන ගත්ත රටට රජෙක් ඕනෑ කියලා, අපි ගැන බලාගන්න පියෙක් වගේ රජෙක් ඕනෑ. ඉතින් ඔය බම්බු ව්‍යවස්ථාව අහෝසිකරලා රාජාණ්ඩුවක් ගේන්න. අපි එක පයින් සපෝර්ට්...

:       1129       597

Anit-BamunaMonday, 02 December 2019 05:18 AM

ඔව්. ඔව්. පියෙක් වගේ බලාගයි මේන් කියලා.

:       19       610

Warnakulasuriya Monday, 02 December 2019 07:41 AM

තවමත් රජවරු ඉල්ලන වහල්ලු සිටීම පුදුමයට කරුණකි. රජකාලයේ වේල පිරිමසා ගැනීමට සේවයේ යෙදුණු බමුණන් ගැනද අපි අසා ඇත්තෙමු. ව්‍යවස්ථාවේ සංශෝධනය ගැන කතා කිරීමේදී රජවරු ඉල්ලන වන්දනාවට ගැති වහලුන්ද අප අතර නැතුවාම නොවේ.

:       0       258

BamunuarachchiMonday, 02 December 2019 08:44 AM

අපි වහල්ලු කියන උදවියට ගිය අවුරුදු 5ක් බලය ලැබුණා නේ, කෝ රට හැදුවද? යහපාලනේ ගෙනාවද? බැංකු කැඩුවා, බෝම්බ ගැහුවා, බදු පිට බදු ගැහුවා මිනිස්සු නොමරා මැරුවා, ඉතින් අපි ඔය බණ ගණන් ගන්නේ නෑ. අපේ නායක හාමුදුරුවොත් වදාරන්නේ රටට ඕන පියෙක් වගේ රජෙක් කියලා, ඉතින් අපේ වාසනාවට එහෙම රජෙක් ඉන්නවා. මේ පාලනේ අවුරුදු 50ක් වත් හොලවන්නේ නැතිව තිබ්බොත් රටත් හැදේවි...!

:       462       82

ජයන්ත Monday, 02 December 2019 03:08 AM

2/3 බලය ඉල්ලන්නේ 19 අහෝසිකර 18 බලාත්මකකර ‌ගෙන ඒකාධිපති පාලනයක් වෙත යාමටයි. 19 ‌වෙනි සං‌ශෝධනය රටට හිතැති වුනෙත් ඒ නිසාමයි. මෙතෙක් ජනාධිපතිලා විදිහට ආපු අය කලේ, තම බලය අනිසි ‌ලෙස වැඩිකර ගන්න කරන කූට උපක්‍රමයන්. ඒ අතින්, ‌මෛත්‍රී ‌හොඳයි. අඩුම 19 සංශෝධනය ‌හෝ ‌ගේන්න පුලුවන් වුණා. මෙවර සාධාරණ සහ ගැටුම් අඩුම මැතිවරණයක් පැවතුණේත් 19වැනි සං‌ශෝධනයට පිං සිද්ධ ‌වෙන්න. ජනතාව ‌මෝඩයාට අන්දන්න ලෑස්ති ‌වෙන්න එපා. ඔයාට ජනවරම දුන්නේ 19 අහෝසි කරන්න ‌නෙමේ.

:       541       1088

katuva pitiye apiMonday, 02 December 2019 03:55 AM

ඒකාධිපති නොවන පාලනයෙන් මොකද උනේ අපි පවුල් පිටින් මැරුණා සහෝදරයා එන්න ඇවිත් බලන්න රදගුරු තුමන් ඕනෑම වෙලාවක හමුවන්න පුළුවන් දැනගන්න සත්‍ය අවබොධ කරගන්න.

:       179       50

saliyaMonday, 02 December 2019 04:56 AM

සමාජගත කිරීමට හදන තියරිය "නිදහස කුමටද? බෝම්බ කන්නද?" යන්නයි. ත්‍රස්තවාදීන්ගේ දුෂ්ඨ ක්‍රියාව, තවත් සමාජ පරිහානියකට පාදක කර නොගන්න. අපි යම් තාක් විඳින ප්‍රජාතන්තවාදී නිදහස මතු පරපුරට ද ලබා දෙන්න. නිදහස නැති වූ විට ලබා ගැනීමට ඔයිට වඩා ජීවිත පරිත්‍යාග කරන්න සිදු වේවි. මේ නිදහස ද ලැබී ඇත්තේ අතීතයේ සිට කම්කරුවන් , ක්‍රියාකාරීන්,අති දුෂ්කර හා ජීවිත කැපකිරීම් වල හේතුවෙනි.

:       74       151

hudsonMonday, 02 December 2019 05:21 AM

මහත්තයෝ, අතේ තුවාලයක් තියනවනම් අත සනිප කරගන්න ඕන. නැත්නම් අත කපනවද? නෑ නේද?

:       133       188

janathava Monday, 02 December 2019 04:01 AM

ඒක ඔයාගේ තීරණය, ඡන්දෙ දුන්නේ යුඑන්පියට නිසා අපි ඡන්දේ දුන්නේ පොහොට්ටුවට 19 සම්පුර්ණයෙන් අහෝසි කරන්න එය පුළුස්සා දමන්න. පුද්ගල උවමනාවන් වෙනුවෙන් බළලුන් ලවා කොස් ඇට බාවා බලය ගත් පසු එම බලය බලලගෙන් යටි කරගන්න ගහපු ගැටය නිසා ජාතික ආරක්ෂාව අකර්මන්‍ය වී ජනතාව මිය ගොස් ආර්ථිකයද අඩපන උනා ජයවේවා ඔබ තුමා ඇතුළු පක්ෂයට වසර 5 අවලාද කියමින් ඉන්න පුළුවන්.

:       264       35

samMonday, 02 December 2019 05:31 AM

පාස්කු ප්‍රහාරයේ සියලු බුද්ධි තොරතුරු සති 2 කට පමණ පෙර ලැබී තිබියදී ඒ අනුව ක්‍රියාත්මක නොවීම පිටුපස තිබු බලගතු හස්තය කුමක්ද කියා පැහැදිලිව පෙනෙන්නේ මට විතරද?

:       45       68

janahithaMonday, 02 December 2019 04:57 AM

මෙතුමා 19 කියවා නැත. රාජපක්ෂ පවුලට එරෙහි වගන්ති හැර අනෙක්වා සම්පූර්ණයෙන්ම රට අනාරක්ෂිත වන ඒවාය. උදාහරණ 21 වැනි දින ප්‍රහාරයන්ය... කටුවා පිටිය ජනතාව, අපේ රට බලන්නට පැමිණි මියගිය විදේශිකයන්ගේ පවුල් වල සාමාජිකයන් එය දනී. පාරම්පරික දේශපාලනය කරන අපේ රටේ මිනිසුන් පුවත්පත් සන්නිවේදන ආයතන මේවා නොදනී.. දැක්කත් නොදකින සේ ක්‍රියාකිරීමයි. මිනිසා සත්‍යයට වඩා තම විශ්වාසය තහවුරු කරන බැවිනි.

:       175       111

janabala Monday, 02 December 2019 04:03 AM

ඔය ව්‍යවස්ථාව අහෝසි කරලා රාජාණ්ඩුවක් ගේන්න. අපි එක පයින් සපෝර්ට්......පාරම්පරික දේශපාලනයට කොළ පාට කණ්නාඩියෙන් සත්‍ය පෙනෙන්නේ නෑ.

:       135       20

saliya Monday, 02 December 2019 04:07 AM

මෙයා රට බේරා ගැනීමට අවශ්‍යයි කියලා කිව්වම ගිහින් 2/3 අරන් දෙනවා. නිදහස මොනවට ද? තමන්ගේ හිස ගහලා දැම්මත් කමක් නැහැ. ඒ තරමටම ප්‍රාථමිකයි. ජනතාවගේ ඔලු විකෘති කරලා අවසානයි .

:       21       249

katuvapitiye api Monday, 02 December 2019 04:08 AM

19 ට අත උස්සපු අය දේශද්‍රෝහීන්. අදූරදර්ශී, ආත්මාර්ථකාමීන් රටමත්, අපිත් ඝාතනය කළා. බැංකු කොල්ලකරුවන්ට, සිංහල බෞද්ධයට නිගරු කරපු අයට අනුග්‍රහය දෙන්න එපා.

:       327       111

naushi Monday, 02 December 2019 04:36 AM

ඕක අහෝසි කරොත් තමා ගිය පාර නටපු කෙලි ටික ආයෙත් නටන්ඩ පුළුවන් වෙන්නේ. ඕකට තමා දැන් වලිකන්නේ

:       45       250

anura Monday, 02 December 2019 04:51 AM

19 අහෝසි නොකර 18 බලාත්මක කර රට පාවාදෙන්න පුළුවන් මේ සංශෝධන ඕනෑම කෙනකුට කියවා තේරුම් ගත හැකිය. කියවන්න. දැනුවත් වෙන්න. අන්තර්ජාලයේ ඇත. නැතිනම් ගැසට් පත්‍රිකා හෝ බලන්න. පාරම්පරික දේශපාලනය පැත්තක දමමු. එඩිතර හරි නායකත්වයක් පෙරට ගෙනෙමු.

:       16       35

Gayan Monday, 02 December 2019 04:59 AM

19 වැනි සං‌ශෝධනය නිසා ජනාධිපතිගේ බලතල සීමා කළා. රටේ මහා ඡන්දයෙන් බහුතරයේ කැමැත්තට එන පුද්ගලයෙකුට මීට වැඩ බලතල දෙන්න ඕනෑ. ස්වාධීන කොමිෂන් සභා තියෙද්දී අනික් බලතල ආපසු ජනාධිපතිට දිය යුතුයි...

:       388       115

Rata Perata Monday, 02 December 2019 07:21 AM

වහල්ලුන්ගෙන් අහන්න වෙන්නේ දැන් සැපද කියලා තමයි. මේ මනුස්සයා ව්‍යවස්ථාවවත් දන්නේ නැතුව බොරු පොරොන්දු දී ඡන්දෙ ඉල්ලලා තියෙන්නේ බැලුවම. ඒකනේ දැන් කියන්නේ වැඩක් කරන්න බෑ 19 එක්ක කියලා.

:       45       92

ravinMonday, 02 December 2019 09:05 AM

ගෝත්‍රිකයින්ට දැන් සැපයි නේද..? ඡන්දෙ දුන්න වහල්ලුන්ට.......

:       0       78

YapaMonday, 02 December 2019 01:28 PM

අපි ඡන්දෙ දුන්නේ මේක මෙහෙම වෙන්න ඕනෑ නිසා තමයි. පහුගිය පාර හිවලුන්ට ඡන්දෙ දීලා රටක් ඉතුරු වෙන්නෙත් නෑ... තව ගියා නම්..

:       13       52

beau Monday, 02 December 2019 08:06 AM

බොහොම හොඳ අදහස. නමුත් ප්‍රවේසමින්. ඔබතුමා ඉන්න කම් හොඳා. නමුත් වෙන කෙනෙක් ඔතෙන්ට අවොත් රටටම හෙන ගහනවා.

:       79       2

banda Monday, 02 December 2019 08:35 AM

අයිය මලෝට සැමදාම රජ වෙලා ඉන්න නම් 19 අහෝසි කරන්නම ඕන.

:       0       79

kavmudiMonday, 02 December 2019 10:39 AM

එ් නිසා අපි ඡන්දය දෙන්නේ වෙන කෙනෙකුට...

:       0       30

Bandu Monday, 02 December 2019 08:45 AM

ඔබට සතුටුයිද දැන්...!

:       0       60

Yakndandah Monday, 02 December 2019 09:56 AM

2/3 ගන්න නම් ඡන්දය දෙන්නේ නැහැ ඔය තියෙන ආණ්ඩු ක්‍රමය පවත්වා ගෙන යන්න. ​බලය වැඩි වුන ගමන් ආපු කාරණය අමතක වෙන්න පුලුවන්. ආණ්ඩු ක්‍රමය වෙනස් කරන්න කාලය නාස්ති කරන වෙලාවේ රටට යහපතක් කලා නම් හොඳයි. නැතිනම් පසුගිය ආණ්ඩු කරපු නාස්තිම කරයි.

:       0       48

sharm warn Monday, 02 December 2019 10:07 AM

19 ට අනුව ජනාධිපති කියන්නේ හරියට මේසේ උඩ තියෙන සැරසිල්ලක් වගේ.. නැතුවත් බැරි මෙලෝ දෙයක් කරන්නත් බැරි තනතුරක්.. දැන් බලමුකෝ අයියා මල්ලිට තුනෙන් දෙකක් ගන්න සහයෝගේ දෙයිද කියලා.. එතකොට නියම සහෝදරත්වය බලාගත්තැහැකි .. රනිල් ලොක්කට කියන තරම් මොලයක් තිබුණා නම් මෙච්චර ආච්චරුවක් කරගන්නේ නැහැනේ..

:       0       104

sumudu Monday, 02 December 2019 10:38 AM

අපිත් ඔබටයි මේ පාර ඡන්දය දැම්මේ... අපි හරිම මෝඩ වැඩක් කරගත්තේ... ගමේ මිනිස්සු අපිට ගෝත්‍රිකයෝ කියලා බනින එක වැරදි නැහැ....!!! මහ මැතිවරණයේදී අපි ඔක්කොම ඡන්දය දෙන්නේ එජාපයට.. ඔබලා පරණ තැටියම වාදනය කරන්න ගත්තා නේද..? සුදු වෑන්...19 වෙනස් කරන්න. චීනාට රට අායෙත් විකුණන්න. ඒවා බැහැ මේ සැරේ...

:       0       175

sharm warnMonday, 02 December 2019 11:39 AM

අනේ ඉතින් ඔබේ ගෝත්‍රික කමකුත් පෙන්වන්න එපා.. මාරුවෙන් මාරුවට එයා වැරදියි කියලා මෙයාටයි මෙයා වැරදියි කියලා එයාටයි පුදලා මොනවද මේ රටට කලේ? තවමත් අවබෝධයක් ලැබිලා නැතිද? මේ ක්‍රියාවෙන් රටටවත්, අපිටවත් හොඳක් නැහැ කියලා... කවද්ද නිවැරදි තීරණයක් ගන්නේ ...

:       0       21

isuru Monday, 02 December 2019 11:46 AM

කිසිම පක්ෂයකට තුනෙන් දෙක නොවේ 115කට වඩා දෙන්න හොඳ නෑ.. ඕනෑම රටක් තුළ හොඳ ප්‍රබල විරුද්ධ පක්ෂයක් සිටිය යුතුනිසා...

:       0       19

sandy Monday, 02 December 2019 12:43 PM

ඉස්සරහට අපි මේඩ් ඉන් චයිනාද? මේඩ් ඉන් ඉන්දියාද?

:       0       3

raviMonday, 02 December 2019 05:50 PM

ආරංචි විදිහට ඡන්දෙට කලින් ගෝඨා චීනය එක්ක මොකක්ද අත්සන් කරලාලු කච්චතිවු දුපත සම්බන්ධව. හැබැයි වැඩේ ඇත්ත වුනොත් ඉන්දියාව කෙලින්ම තර්ජනය කරනවා අපිට වහාම ඕක අයින් කරගන්න කියලා. අපි බලමුකෝ..

:       0       1

Pamala anderson Tuesday, 03 December 2019 03:05 AM

17,18 හො 19 නෙමේ මහජනතවට උවමනා. අපිට උවමනා සැනසිල්ලෙ ජීවත්වන්න, ජීවන වියදමේ හැටියට දරුමල්ලන් හදාගෙන කරන රැකියවට සරිලන වැටුපක් ලැබෙන, සියලු ජාතීන්ට නිවි සැනසිල්ලෙ ඉන්න රටේ ආරක්ශාව තිබෙන රටක්. ඔය සංශෝදන වලින් කවමදාකවත් මහජනතාවට යහපතක් උනේ නැහැ ජනාධිපතිතුමනි. එවායින් සැමවිටම සෙත සැලසුනේ පාර්ලිමේන්තුවේ සිටින අයටයි. ඔබතුමාට බහුතරයක් ඡන්දය දුන්නේ මේ ක්‍රමය වෙනස් කරනනයි. රටට, රටේ සිටින මහජනතාවට ගැලපෙන ව්‍යවස්ථාවක් හදලා ඒක හරිනම් මහජනතාවගෙන් සම්මත කරගන්න ජනාධිපතිතුමනි. ජනමතයකින් ඒක සම්මත උනොත් ඒක තමා හරී. නැතිව පාර්ලිමේන්තුවෙ 2/3 කොහොමත් ඔබතුමාලට ලැබෙයි. මොකද දැනටම කිරිඇල්ල මහතා කොල එලිය ප්‍රකාශ කරලා තියෙන්නෙ. මේ විදියට පාර්ලිමේන්තුවේ 2/3 බලයට ව්‍යවස්ථාව වෙනස් උනොත් මහජනයා ඔබතුමා කෙරේ තබපු විශ්වාසයට මොකද වෙන්නෙ.

:       0       1

විතානගේ Tuesday, 03 December 2019 08:14 AM

19 සංශෝධනය සපුරා ඉවත් කර සුදුසු පියවර ගත යුතුයි. මේ තුළින් සිදුවූයේ ජනාධිපති හා පාර්ලිමේන්තු අතර උග්‍ර අර්බුද ඇති කිරීමක්. සමහර තීන්දු නිසා විධායකය සතු 3/2 රහිතව වෙනස් නොකළ හැකි නීති පවා වෙනස් වීම ඉදිරියේ අධිකරණය තුළ තීන්දු පවා ලැබීමට හේතු වේ. පළාත් සභා ඡන්දය අතර මැද සිර කිරීමට පහුගිය රජය කටයුතු කිරීම ජනතාවගේ අයිතියට කළ බලවත් අපහාසයකි.

:       0       0

sampath Tuesday, 03 December 2019 08:43 AM

19 තිබ්බා නැතා කියලා ලොකු වෙනස්කමක් නෑ. මොකද 19 තිබ්බා කියලා වෙලාවට ජන්දේ තිබ්බද ? නෑනේ.... එත් 13 නම් අහෝසි කළ යුතුමයි. 2/3 න් බැරිනම් ජනමත විචාරණයකින් හෝ..............

:       0       0

sampath Tuesday, 03 December 2019 10:51 AM

ලංකාවට විකල්ප දෙකයි තියෙන්නේ. එක්කෝ 13 තියාගෙනම විධායකය ශක්තිමත් කළ යුතුයි. නැත්නම් විධායකය ඉවත් කරලා 13 ඉවත් කළ යුතුයි.

:       0       2

Nandalal DE SILVA - France Thursday, 05 December 2019 01:23 AM

19 සංශෝධනය ඉවත් කලොත් හෝ වෙනස් කලොත් ""දේශපාලන අනාථයෙක්" බිහිවෙනවා. මහින්ද මාමා මහන්සිවෙලා, එයා නැති කාලෙක රටේ ජනාධිපති පරම්පරාව රාජපක්ෂ පවුලෙන් පිට යාම වලක්වාගැනීම සඳහා නාමල්ට කරපු උත්සාහය වතුරේ යනවා නියතයි. කවුදෝ කිවුවලු යමක රස දැනුනාම ඒක අතහැර යන්න හිතෙන්නේ නැහැ කියලා! ඉතින් අනේ, ඒක ගෝඨාභයටත් වලංගුයි නේද?

:       0       7

athula Thursday, 05 December 2019 03:28 AM

ඒක හරියට නැග්ග ඉන්මගට පයින් ගහනවා වගේ , 19 නිසා තමයි ඔබට ඔතනට එන්න පුළුවන් උනේ කිසිම ප්‍රශ්නයක් නැතිව ඔබලාගේ බලය මිසක් වෙන මුකුත් සැලැස්මක් නැතිද රට හදන්න ඕනේ නම් මේ ක්‍රමය හොදටම ඇති.

:       0       3

Nilmini Friday, 06 December 2019 09:54 AM

බමුණා නියමෙට කඩේයනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 52 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 184 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 362 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1611 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 241 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 454 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site