IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘ව්‍යවස්ථාව ඉක්මණින් වෙනස් කරන්න අවශ්‍යයි’

 

(විනීතා එම් ගමගේ)

         

රටට ගැලපෙන ව්‍යවස්ථාවක් සකස් කිරීම ඉදිරි ආණ්ඩුවේ ප්‍රධාන කාර්යයක් සේ සළකා කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම, විධායකයේ බලතල මෙන්ම ව්‍යවස්ථාදායකයේ බලතල පිළිබඳව පවතින ගැටළු ඉවත් කෙරෙන අන්දමේ ව්‍යවස්ථාවක අවශ්‍යතාව මතුවී පවතින්නේ යැයි ද හෙතෙම කියා සිටියේය.

19 වන ව්‍යවස්ථා සංශෝධනයේ බොහෝ ප්‍රශ්න පවතින්නේ යැයි කී ඔහු හොඳ උදාහරණය ලෙස පෙන්වා දිය හැක්කේ 30 දෙනෙකුගෙන් යුත් ඇමැති මණ්ඩලයක් පත්කළ යුතු යැයි කියවෙන අතරම එහි තවත් වගන්තියකින් එය උල්ලංඝනය වීම යැයි ද ඔහු පෙන්වා දුන්නේය.

මේ වනවිට පිහිටුවා ඇති කොමිෂන් සභා සැබෑ වශයෙන්ම ස්වාධීන කොමිෂන් සභා බවට පත් කරන්නේ යැයි ද රාජපක්ෂ මහතා කීය.

මේ සඳහා වෙනත් කණ්ඩායම්වල බලපෑම් වලින් තොරව පාර්ලිමේන්තුවේ කටයුතු කිරීම සඳහා ශක්තිමත් ආණ්ඩුවක් සකස් කළ යුතුව ඇතැයි ද ඒ සඳහා තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් ඇති කිරීමට ජනතා සහ අවශ්‍ය යැයි ද රාජපක්ෂ මහා කියා සිටියේය.

එමෙන්ම ශක්තිමත් විපක්ෂයක අවශ්‍යතාවය ගැන කථා කළ ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා, ජනතා විමුක්ති පෙරමුණටත් ඡන්ද ටිකක් වැඩිවන්නේ නම් යහපත් යැයි ද විහිලු සපයන විපක්ෂයක් ද බොළඳ විපක්ෂයක් ද යන්න ගැන ද ජනතාව අවදියෙන් සිටිය යුතු යැයි ද සඳහන් කළේය.

බැසිල් රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ කොළඹ කිංස්බරි හෝටලයේ අද (2) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. 

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (28)

‘ව්‍යවස්ථාව ඉක්මණින් වෙනස් කරන්න අවශ්‍යයි’

upul udawaththa Sunday, 02 August 2020 09:16 AM

මේ පුද්ගලයා ඇමෙරිකන් පුරවැසියෙක්.... ලංකාවේ ව්‍යවස්ථාව ගැන කතාකරන්න තියන අයිතිය කුමක්ද? ගියසැරේ පරාදවෙලා අකුලගෙන යන්න ගියා. මේ පාර මොන මගුලකටද ලෑස්ති වෙන්න යන්නේ...?

:       0       2

විජිත් Sunday, 02 August 2020 09:37 AM

කොහෙවත් ඉන්න ඇමෙරිකන් කාරයෙක් කියනවා අපේ රටේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනෑ කියලා. වෙනරටක මේ වගේ ප්‍රකාශයක් "විදේශිකයෙක්" කිව්වොත් අල්ලලා කුඩුවේ දමනවා. ලංකාවේ ඉපදුණාට මෙයා පුර්ණ ඇමෙරිකානු ජාතිකත්වයක් තියෙන කෙනෙක්. 19 වෙනි සංශෝධනය අනුව විදේශිකයින්ට අපේ රටේ දේශපාලන නියෝජිතයෙක් වෙන්න තහනම්. ඉස්සෙල්ලම අහන්න ඕනෑ මෙයාගෙන්.. හමුදාවට බොරු කියලා හොරෙන් උස්සපු රත්තරන් කෝ..? ඒ නිලධාරීන් දෙදෙනාට මොකද වුනේ..?මොකද කලේ..? k p ගේ නැව් විකුණලා ගත්ත සල්ලි කෝ? 2015 ඡන්දෙ පැරදිලා රටින් පැනලා යද්දී හොරෙන් අරන්ගිය මැණික් විකුණුවේ හොංකොං වල කාටද..? මේවාට රටේ ජනතාවගෙන් පැහැදිලි පිළිතුරක් ලැබේවි...5 වෙනිදා.

:       0       3

siri Sunday, 02 August 2020 09:41 AM

නැතුව, නැතුව... විදේශිකයන්ට රජකම කරන්නත් පුළුවන් කියලා... වෙනස් කරගත්තේ නැතිනම් අවුලක් වෙන්න බැරි නැහැනේ.

:       0       0

de silva Sunday, 02 August 2020 10:02 AM

ඔබලා වෙනස් කිරීමට බලාපොරොත්තු වෙන ව්‍යවස්ථා කෙටුම්පත ජනතාවට ඉදිරිපත් කරන්නේ නැහැ.

:       0       0

ජනක Sunday, 02 August 2020 10:07 AM

ව්‍යවස්ථාව වෙනස් කරන රටවල් ලෝකෙ කොහෙවත් දියුණු වෙලා නෑ. ඕනෙ කරන්නේ රටට වැඩදායී කාලෝචිත සම්පාදන විතරයි.

:       0       0

Tharindu Perera Sunday, 02 August 2020 10:20 AM

බලන්න මේ අනුර කුමාර 2/3 හදාගෙන අවශ්‍ය යටිකූට්ටු වැඩ ටික කරගන්න දෙන්නේම නෑනේ. මොකක් හරි කියලා ආණ්ඩුව අපහසුතාවයට පත්කරනවා.

:       0       0

Rata Perata Sunday, 02 August 2020 10:25 AM

පැරදුන ගමන් රට පැනපු මෙයාට දැන් තියෙන අයිතිය මොකක්ද.?

:       0       1

chandana Sunday, 02 August 2020 10:36 AM

රටේ ආර්ථිකයට දැරිය හැක්කේ 30 දෙනෙකුගෙන් යුත් ඇමති මණ්ඩලයක් නම්, එය කිරීමට ව්‍යවස්ථාව සංශෝධනය කල යුතුමද?

:       0       0

MOHAN Sunday, 02 August 2020 10:36 AM

ඔබ තුමාටත් පාර්ලිමේන්තු එන්න ඕක වෙනස් නොකර බැහැනේ නේද.?

:       0       0

සෑම් Sunday, 02 August 2020 10:44 AM

ව්‍යවස්ථාව වෙනස් කරන්නේ තියන නඩු ටිකයි පක්ෂේ ඉන්න අයයි බේරගන්නද?

:       0       0

K Perera Sunday, 02 August 2020 10:51 AM

රටට ගැලපෙන ව්‍යවස්ථාව කෙසේවුවත් රාජපක්ෂ පවුලට ගැලපෙන විදිහට ව්‍යවස්ථාව වෙනස් කරන්න අවශ්‍යයි කියලා නේද වහෙන් ඔරෝ කියන්නේ...?

:       0       0

Sarath silva Sunday, 02 August 2020 10:58 AM

තියෙන්නේම කපටි, හොර වැඩ විතරයි. 2/3 නම් දෙන්න එපා... ආදරයක් තියෙනවා නම්..

:       0       0

K Perera Sunday, 02 August 2020 11:03 AM

2/3ක බලයක් අවශ්‍යයි කියන ගමන්ම ශක්තිමත් විපක්ෂයකුත් අවශ්‍යයි කියනවා. 2/3ක් ලැබුණාම කොහොමද විපක්ෂය ශක්තිමත් වෙන්නේ? මොනවා කියනවාද මන්දා..?

:       0       0

Mahesh Sunday, 02 August 2020 11:08 AM

2010 - 2014 තුනෙන් දෙකක් තියන් පිස්සු කරපු හැටි මතකයිනේ. හමුදාපති හිරේ යැව්වා, අගවිනිසුරුතුමිය එලෙව්වා තමන්ට ඕනෑ විදියට තීරණ ලැබුනේ නැතිවුණාම, ඉන්ධන මිල අහස උසට වැඩි කරා, ණය ඕන ඕන විදියට ගත්තා අන්තිමට රටේ මිනිස්සු ඒවා ගෙවනවා.. අනික ඉතින් ඔය අලුත් ව්‍යවස්ථාව හොඳයි කියලා අත ඉස්සුවේත් ඔයලාගේම මිනිස්සුනේ. අත උස්සනකොට ඔලුව පාවිච්චි කරලා නෙමේද අත ඉස්සුවේ.. !

:       0       0

Nihal Sunday, 02 August 2020 11:40 AM

විජාතිකයෙක් තවත් රටක ව්‍යවස්ථාවෙන් වෙනස් කරන්න මහන්සි වෙන්නෙ කුමට ද කියලා රටේ ජනතාව.

:       0       0

Buddika Sunday, 02 August 2020 12:52 PM

අපොයි ඔව් කොහොමහරි වෙනස් කරලා කොහොමහරි පාලනය කරන්න මෙයාට දුන්නාම හරි.

:       0       0

Banda Sunday, 02 August 2020 02:24 PM

කී පාරක් වෙනස් කළාද මහත්තයෝ ඕක?. ඕකෙ අවුල හින්දද මේ රට හදන්න බැරි. ඔලුවේ අමාරුවට කොට්ටේ මාරු කරනවා වගේ පත්වෙන හැම ආණ්ඩුවක්ම කරන්නේ ඕක වෙනස් කරන එක. ව්‍යවස්ථාවට කතා කරන්න පුළුවන් නම් අහයි "මේ වෙනස් කලා මදිද" කියලා...

:       0       0

විපරමා Sunday, 02 August 2020 02:51 PM

රටට කෙසේවෙතත් පවුල් පාලනේ උදවියට ඕනෑ විදියට නම් වෙනස් කරයි වගේ...

:       0       0

නිලන්ත Sunday, 02 August 2020 05:11 PM

බැසිල් මහත්තයෝ, 19 වෙනස් කරනවා කිය කියා නොඉඳ අලුතෙන් දාන ඒවා ගැන ජනතාවට කියලා ඡන්දෙ ඉල්ලන්නේ නැත්තේ ඇයි? ද්විත්ව පුරවැසිභාවය, ස්වාධීන කොමිෂන් සභා, රාජපක්ෂලාට හා ගෝල බාලයින්ට හානිකර දේවල් ඉවත් කර සදාකල් රාජපක්ෂලාට බලය තියාගන්න පුලුවන් ව්‍යවස්ථාවක් හදනවා කියන්න බයද? ලැජ්ජද? බයියන් කොහොමත් කතිරෙ ගහනවනේ.. නොබයියන්ට නායකයෙක් නෑනේ.

:       0       0

gunda Sunday, 02 August 2020 05:40 PM

ජවිපයත් එක්ක සක්කයක් ගහන්න වගේ බලාපොරොත්තුව.

:       0       0

Champa Sunday, 02 August 2020 06:32 PM

කඩා වැටිලා තියෙන්නේ රටේ ආර්ථිකය මිසක් දේශපාලනය නෙමෙයි. ප්‍රමුඛත්වය දෙන්න ඕනේ ආර්ථිකයට. ඒක කරන්න ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ නැහැ. ව්‍යවස්ථාව වෙනස් කිරීම මුලට ගන්න හදන්නේ අනිත් සියලු දේ එයින් යටපත් කරන්න. දේශපාලකයින් සහ මුස්ලිම්, දෙමල ජාතීන් මිසක් සිංහල මිනිස්සු කවදාවත් ව්‍යවස්ථාව වෙනස් කරන්න ඉල්ලුවේ නැහැ. ව්‍යවස්ථාවේ වෙනස් කරන්න ඕනේ කියලා ඔය කියලා තියෙන කිසි දෙයකින් රට හදන්න බලපෑමක් නැහැ. ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ වෙන්නේ රටේ සම්පත් විකුණමින් අත්තනෝමතික පාලනයක් ගෙනියන්න විතරයි.

:       0       0

jagath Sunday, 02 August 2020 11:39 PM

දිගමට බලය තියාගෙන ඉන්න පුළුවන් විදිහට වෙනස් කරන්න.

:       0       4

Dinesh Monday, 03 August 2020 03:15 AM

මෙයා නිසා තමා මේ පාරත් කෙලවාගන්නේ..

:       0       5

විජිත් Monday, 03 August 2020 04:47 AM

කොහෙවත් ඉන්න ඇමෙරිකන් කාරයෙක් කියනවා අපේ රටේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනා කියලා.

:       0       10

Nuwan Monday, 03 August 2020 05:31 AM

ඕකෙන් සීයට 20 හම්බ වෙයිද.?

:       0       10

අතුල Monday, 03 August 2020 01:56 PM

මහජන නියෝජිතයින්ට ඕනෑම හොරකමක් කිරීම සඳහා අවශ්‍ය විධියට වෙනස් කර ගන්න. එතකොට ඔබතුමාලට හිරේ ඉන්න ඕනෑ නැහැනේ

:       0       23

sharm warn Tuesday, 04 August 2020 05:30 AM

තව තුනෙන් දෙකක් දෙන්නකෝ...

:       0       5

Bamunuarachchi Wednesday, 05 August 2020 05:05 AM

අනාගතයේ වෙනස් නොකළ හැකි සිංහලයන්ට බෞද්ධයන්ට මුල් තැන ලැබෙන ව්‍යවස්ථාවක් හදන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 14 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 172 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 349 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1540 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 234 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 444 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site