IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘භාරත ඝාතන නඩුව ගැන ආණ්ඩුවේ අභ්‍යන්තර සාකච්ඡාවක් නෑ‘

(බිඟුන් මේනක ගමගේ )

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ වැරැදිකරුවන්ට සහනයක් ලබාදීමක් සම්බන්ධයෙන් ආණ්ඩුව නිල වශයෙන් කිසිදු සාකච්ඡාවක් කර නැතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා ‘ලංකාදීප’ යට අද(13) පැවැසීය.

එහෙත් වැරැදි තොරතුරු හා උපකල්පන මත සාධාරණ නොවන ක්‍රමවේදයකින් කිසිවෙකුට හෝ දඬුවමක් ලැබී තිබේ නම් එමගින් අදාළ තැනැත්තන් වින්ධිතයන් වී ඇතැයි ද එනිසා එවැනි සිදුවීම් වී තිබේදැයි සොයාබැලිය යුතු යැයි ද ගුණවර්ධන මහතා කීවේය.

රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම අදහස පළ කළේ රංජන් රාමනායක මහතාගේ භාරයේ තිබී පොලිස් විමර්ශන සඳහා ලබාගත් හඬ පට පදනම් කරගෙන භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ වැරැදිකරුවන්ට සහනයක් දීම ගැන රජයේ අවධානය යොමු වී තිබේදැයි කළ විමසුමට පිළිතුරු දෙමිනි.

වැරැදි ක්‍රමවේද මගින් කිසිවෙකුට හෝ දඬුවම් දී ඇතිනම් ඔවුන්ට දෙවියන්ගේ පිහිට හැර අන් සරණක් නැතැයි කී හෙතෙම ඒ ගැන අගවිනිසුරුවරයා යම් පියවරක් ගනු ඇතැයි අවධාරණය කර කීය.

සාක්ෂි නොමැතිව පවා නඩු ගොනු කරන්නැයි පැවැති රජයේ බලවත් දේශපාලකයන් උපදෙස් දී ඇති බවට දිල්රුක්ෂි ඩයස් හා සුහද ගම්ලත් යන සොලිස්ටර් ජනරාල්වරුන්ම හෙළිදරව් කිරීම් කර ඇතැයි ද පැවැති රජයේ දින 100 පාලන කාලයේ ක්‍රියාත්මක වූ විධායක සභාව මේ සියල්ලේ මුල යැයි ද  බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා පැවැසීය.

භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට වරදකරු වී මරණ දණ්ඩනය ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දී නිදහස් කරන ලෙස ඇතැම් බෞද්ධ හිමිවරුන් මෙන්ම ආණ්ඩුවේ අමාත්‍යවරුන් ද ඉල්ලා සිටින අතර නව සිංහල රාවය සහ නව සිංහලේ ජාතික රාවය යන සංවිධාන පසුගියදා අධිකරණ කොමිෂන් සේවා සභාව වෙත පැමිණිලි ඉදිරිපත් කරමින් ඉල්ලා තිබුණේ දුමින්ද සිල්වා වරදකරු කරමින් දෙන ලද නඩු තීන්දුව ශුන්‍ය කරන ලෙසය.

 
 
 



අදහස් (18)

‘භාරත ඝාතන නඩුව ගැන ආණ්ඩුවේ අභ්‍යන්තර සාකච්ඡාවක් නෑ‘

Indhika Monday, 13 January 2020 06:51 AM

ලංකාවේම තරුණ පරපුර විනාශ කරන කුඩු ජාවාරම් කාරයෙක් ට සමාව දෙන්න කියන්න තරම් ලංකාවේ සමාජය නීච වෙලා.

:       653       2344

රංගMonday, 13 January 2020 07:57 AM

සිර ගතව සිටින්නේ කුඩු ප්‍රශ්නයක් නිසාද?

:       123       8

MenikeMonday, 13 January 2020 12:30 PM

දුමින්ද සිල්වාගේ චරිතය කෙසේ වුවද, නඩුවක තීන්දු දෙන්නේ ඉදිරිපත් කරන සාක්ෂි අනුවය. මහාධිකරණය කරන්නේ ඉදිරිපත්වූ සාක්ෂි නැවත සලකා බැලීම පමණයි. පොලීසිය පක්ශග්‍රාහීනම් පැමිණිල්ලට හෝ විත්තියට සාධාරණයක් බලාපොරොත්තුවිය නොහැකියි.

:       0       6

දිමුත්Monday, 13 January 2020 09:27 AM

එහෙම ඉල්ලන මිනිස්සුන්ටම ඕක සාපයක් වෙනවා!

:       9       85

mahinda Monday, 13 January 2020 07:25 AM

මතක හැටියට එම නඩුව අබියාචනය පංචපුද්ගල ශ්‍රේෂ්ටාදිකර ණ විනුෂුරු මඩ්ල්ලක ඒකමතික තීරණ්‍රයකින් අනුමතවූවක් අධිකරණ දැනුමක් නොමැති අයගේ ඉල්ලූම මත නිදහස් කරයි නම් මේ රටට අධිකරණ අවශ්‍ය නැත එම අයට නඩු අසා තීන්දු දීමට බලය පවරමු.

:       40       1125

a.b. Srila Monday, 13 January 2020 07:51 AM

"ජනාධිපති සමාව දී නිදහස් කරන ලෙස ඇතැම් හිමිවරුන් මෙන්ම ආණ්ඩුවේ අමාත්‍යවරුන් ද ඉල්ලා සිටින " මටනම් මතකයි ජනාධිපති තුමා සදහන් කලා "2015 අපි පරාජය වෙන්න හේතු තේරුම්ගන්න ඕන" කියලා. මේක කලොත් 2025 පරදින හේතු හොයන්න ඕන වෙන එකක්ම නෑ...

:       0       170

Kumara Monday, 13 January 2020 07:58 AM

අපරාදේ නේද කඩේ ගියේ.

:       10       113

Mahee Monday, 13 January 2020 07:59 AM

කුමට මෙරට අධිකරණය නීතිය සහ විනිසුරන්? ගොනා පොල් පැලේට හැරෙමින් සිටී. එහෙත් ඌ කන්නේ පොල් පැලය නොව රටේ නීතියයි.

:       0       121

lalithm Monday, 13 January 2020 08:31 AM

බුදු සසුනට ගිය කලක්?

:       0       87

kamal Monday, 13 January 2020 08:37 AM

තවත් ඡන්ද ප්‍රතිපලයක් එන්න නේද හදන්නේ?

:       0       33

වසන්ත Monday, 13 January 2020 09:16 AM

මෙහෙම ගියොත් ඊළඟ ඡන්දෙන් ගෙදර. දැනටම දිපු ඡන්දය ගැන පසුතැවෙනවා.

:       0       184

Mahesh Monday, 13 January 2020 09:34 AM

ආවේ නම් රණවිරුවෝ නිදහස් කරනවා කියලා දැන් මේ කොහෙවත් ඉන්න අය නිදහස් කරන්න තමයි ආන්ඩුවේ බොහෝ දෙනා උත්සහ කරන්නේ ..

:       0       118

De Monday, 13 January 2020 09:48 AM

ලජ්ජා වෙන්න එපා අනේ ,වැරද්දක් කරලා නෑ වගේනම් එයාව එලියට දාන්න. අලුත් ෆිල්ම්ස් නැතුව හරි බොරින්. හඬ පට අහල දැන් එපා වෙලා.

:       0       141

Gune Monday, 13 January 2020 11:06 AM

"දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දී නිදහස් කරන ලෙස ඇතැම් හිමිවරුන් මෙන්ම ආණ්ඩුවේ අමාත්‍යවරුන් ද ඉල්ලා සිටින අතර". අපට කියනවද කරුණාකරලා ඒ ගෞරවනීය හිමි වරු සහ ගරු කටයුතු අමාත්‍යවරු කවුද කියලා?

:       0       50

Bamunuarachchi Monday, 13 January 2020 11:34 AM

භාරත ඝාතන නඩුව ගැන ආණ්ඩුවේ අභ්‍යන්තර සාකච්ඡාවක් මොකටද? බුද්ධිමත් මිනිසුන්ට නඩු තීන්දුව කියවා රන්ජන්ගේ හඬපටය පටය බැලුවාම සිදුවුනේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවනි. දැන් තිබෙන්නේ මේ සාක්ෂි සමග නැවත නඩුව අසන්න කියා නීතිඥයින් ඉදිරිපත් වීමයි. සිතාමතාම පක්ෂග්‍රාහී වූ විනිසුරුවන්ට විරුද්ධව මිනීමැරුම් චෝදනා ඉදිරිපත් කිරීමයි.

:       128       8

GuneMonday, 13 January 2020 12:32 PM

බමුණු, මං ඔයිට වඩා හොඳ විසදුමක් දෙන්නම්. සාමාජිකයෝ නිදහස් වෙද්දී අධීක්ෂණය කරපු කෙනා බමුණු, මං ඔයිට වඩා හොඳ විසදුමක් දෙන්නම්. සාමාජිකයෝ නිදහස් වෙද්දී අධීක්ෂණය කරපු කෙනා අනිවාර්යයෙන්ම කලින්ම එළියට දාන්න එපාය නේද? උත්සාහ කරලා බලන්න.

:       1       10

BamunuarachchiMonday, 13 January 2020 02:11 PM

ඔබට ඕන අදහසක් කියන්න. මම ඇමතුවේ රටේ බුද්ධිමතුන්ටයි. ඔබ බුද්ධිමතෙක් නම් නඩු තීන්දුව කියවන්න. එය ඒකමතික තීන්දුවක් නොවෙයි කියලා තේරේවි. ඊළගට රන්ජන්ගේ හඬපට කියවන්න. එවිට ඔබ බුද්ධිමතෙක් නොවුනත් මේ සම්බන්ධව උගතෙක් වේවි. අනම් මනම් අදාළ නැත. දුමින්ද සමග පුද්ගලික තරහක් නැතිනම් සාධාරණය ගැන හිතන්න.

:       4       0

කපුරුහාමි Monday, 13 January 2020 12:16 PM

භාරත ඇතුලු හතර දෙනෙක්ම වෙඩි කාලා මැරුණා. කවුද මේවට වගකියන්නෙ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 97 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 408 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 319 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 247 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 624 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 1269 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1715 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site