IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘පැලවත්ත-සෙවණගල සීනි කම්හල් දයා ගමගේට පැවරීමේ සූදානමක්’

(නිමල කොඩිතුවක්කු)

පැලවත්ත සහ සෙවණගල  සීනි කර්මාන්ත ශාලා යළි අමාත්‍ය දයා ගමගේ මහතාට පැවරීමේ සූදානමක් ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා කොළඹදී පැවැසීය.
 
ඒ සදහා ඌන ක‍්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීම(ඉවත් කිරීම) පනත් කෙටුම්පත  ලබන බ‍්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කිරිමට සූදානමක් පවතින බවත් පැවසූ  මහලේකම්වරයා ආණ්ඩුවේ මෙම උත්සාහයට එරෙහිව දැවැන්ත ජනබලයක් ගොඩනගන බවත්  සදහන් කළේය.
 
කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද(18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා මෙසේද කීය.

‘‘ඌන ක‍්‍රීයාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීම(ඉවත් කිරීම) පනත් කෙටුම්පත  ලබන බ‍්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැලසුම් කරලා තියෙනවා. 2011 දි මේ වගේ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා පාඩු ලබන ආයතන රජයට පවරා ගැනීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කළා.  එතෙන්දී ආයතන 36ක් පමණ රජයට පවරා ගත්තා. 

මේ පවරගත්ත ආයතනවලින් බොහෝමයක් අද වනවිට ලාබ ලබමින් සිටිනවා. උදාහරණයක් විදියට ගත්තොත් පැලවත්ත සහ සෙවනගල  සීනි කර්මාණ්ත ශාලා ඉදිරියෙන් සිටිනවා. ලංකා සීනි සමාගම 2002 වසරේදි  එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ පෞද්ගලීකරණයට ලක් වුණා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ එදා  දයා ගමගේ මහතාගේ සමාගමක් විසින් මෙම ආයතන මිලදී ගනු ලැබුවා.
 
මේ නිසා උක් ගොවින් විශාල පිරිසකට ආදායම් මාර්ග  අහිමි වුණා. එම ආයතන මගින් 2000 වසර  වනවිට සීනි මෙටි‍්‍රක් ටොන් විසිදහසක් නිෂ්පාදනය කළා. 2011 දී යලි මෙය පවරා ගැනීමේදී එය මෙටි‍්‍රක් ටොන් 6000 දක්වා පහත වැටිලා  තිබුණා.  නමුත් 2018 වසර වන විට යළි සීනි මෙටි‍්‍රක්  ටොන් 14700ක් නිෂ්පාදනය කරලා තියෙනවා.
 
2002 වසර වනවිට රුපියල්  මිලියන 985ක් මේ ආයතනය සතුව තිබුණා.  සීනි  ආයතනයේ ස්ථාවර තැන්පතු අද වනවිට රුපියල් මිලියන 781ක් තියෙනවා. ඒ වගේම පැලවත්ත ආයතනයෙන්  සෙවනගල ආයතනයට ලැබිමට රුපියල් මිලියන 476ක්  තියෙනවා. ඒ අනුව රුපියල් මිලියන  1257ක  මූල්‍ය වත්කමක් අද වනවිට මේ ආයතනයට තියෙනවා. 
 
ඒ වගේම 2011 වසරේ සිට  මහා භාණ්ඩාගාරයෙන් සත පහක මුදලක් මේ ආයතනය ලබාගෙන නැහැ.  ඒ වෙනුවට වාර්ෂිකව රුපියල් මිලියන  700ක මුදලක් මේ ආයතනයෙන් මහා භාන්ඩාගාරයට ලැබෙනවා.
 
මේ පනත මගින් නැවත මේ සමාගම දයාගමගේ  මහතාට ලබා දීම තුළින්  මේ ආදායම අහිමි කිරීමට යනවා.  මේ මගින් රටේ සීනි නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. නැවත  ස්ප‍්‍රීතු නිෂ්පාදනය වැඩිවෙයි. ඒ වගේම මේ ගොවීන්ට රැකියා හිමිවීමේ අවදානම තියෙනවා.
 
මේ ආයතනයේ  සේවකයන් දහසක් පමණ සිටිනවා. ඒ වගේම මේ කර්මාන්තයෙන් යැපෙන පිරිස පහලොස් දහසක් විසිදහසක් පමණ වනවා. මේ සමාගම් පෞද්ගලික අංශයට පැවරීමට සේවකයන් දැනටමත් විරෝධය පළ කර තිබෙනවා. 
 
අපි විශේෂයෙන්ම ආණ්ඩුවට කියනවා පැලවත්ත සහ සෙවනගල  සමාගම් දෙක පිළිබඳ මෙයට වඩා සැලකිලිමත් වෙන්න කියලා.  මේ  ආයතන පෞද්ගලිකරණයට විරුද්ධව අපිට කරන්න පුලුවන් උපරීම කාර්යභාර්යය අපි කරනවා. අපි මේ සේවකයන් සමඟ ඉදිරියේදී දැවැන්ත ජනබලයක් ගොඩනගනවා‘ යැයිද දයාසිරි ජයසේකර මහතා එහිදී පැවැසීය.



අදහස් (2)

‘පැලවත්ත-සෙවණගල සීනි කම්හල් දයා ගමගේට පැවරීමේ සූදානමක්’

de silva berlin Tuesday, 18 June 2019 10:11 AM

දයා ගමගේ කියන්නේ දේශපාලකයෙක් මෙන්ම දක්ෂ ශ්‍රී ලංකික ව්‍යාපාරිකයෙක්. සෙවනගල සීනි කර්මාන්තය ලංකාවේ අභාවයට ගිහින් තිබෙන්නේ නිසි කළමනාකරණයක් නොමැති නිසා, මෙම සමගම විනිවිධභාවයක් ඇතුව සාධාරණ මුදලක කොන්දේසි සහිතව දයා ගමගෙට බදු දුන්නොත් ඔහු මේවා දියුණු කරලා ගනීවි එතකොට සීනි ගෙන්වන්න පිට රටවලට යන මුදල මෙහෙම නවතීවි මෙම වැඩේට දයා ගමගේ පමණක් නොව, දම්මික පෙරේරා, හරි ජයවර්ධන වැනි අනෙකුත් ශ්‍රී ලංකික ව්‍යාපාරිකයන්ගෙන්ද ටෙන්ඩර් කැදවිය හැක .

:       0       31

jayath Wednesday, 19 June 2019 02:41 AM

දේශපාලනය මොනවා උනත් ගමගේ හොඳ ව්‍යවසායකයෙක් පැලවත්ත ගැන මේ ගහන්නේ පච මීට වසර 30 කට කලින් එහාට ගිය කෙනෙක් අද ගිහින් බැලුවොතින් ඇස්වලටම පෙනේවි දියුණුව ! ගොඩනැගිලිවල තීන්ත ටිකක්වත් නැහැ .දේශපාලනය හින්ද මේක විනාශ මුඛයට යනවා රටේ අනිකුත් රාජ්‍ය ආයතන වගේම . කියන්න බලන්න මොන රාජ්‍ය ආයතනයද ලාභ කියල

:       0       54

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 320 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 196 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 333 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 767 1

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1436 1

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 244 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site