IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘කලණට‘ හිංසා කළැයි දෙවිනුවර විෂ්ණු දේවාලයේ නිලමේවරයාගේ ලේකම්-ඇත් ගොව්වා අත්අඩංගුවට

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)


දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ‘කලණ‘ හස්තියාට අවශ්‍ය පහසුකම් ලබා නොදී හිංසාවට පත් කිරීම සම්බන්ධයෙන් එම දේවාලයේ බස්නායක නිලමේවරයාගේ ලේකම් හා ඇත් ගොව්වා අද (28) සැක පිට අත් අඩංගුවට ගත් බව ගන්දර පොලීසිය පවසයි.


අදාල සත්වයා වසර තුනක පමණ කාලයක් තිස්සේ එක තැන ගැට ගසා අවශ්‍ය පහසුකම් නිසි පරිදි ලබා නොදී යකඩ දම්වැලද මාරු නොකර පාදය තුවාල වන තත්වයට පත් වන තෙක් භාරකරුවන් බලා සිට ඇති බවට වන ජීවී සංරක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු වන ජීවී නිලධාරීන් ඊයේ (27) පොලීසිය වෙත කළ පැමිණිල්ලකට අනුව මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කෙරිණි.


බස්නායක නිලමේවරයාගේ ලේකම් හා ඇත් ගොව්වා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.



අදහස් (9)

‘කලණට‘ හිංසා කළැයි දෙවිනුවර විෂ්ණු දේවාලයේ නිලමේවරයාගේ ලේකම්-ඇත් ගොව්වා අත්අඩංගුවට

ඇත්ත සත්‍යපාල Tuesday, 28 August 2018 09:02 AM

ඕක තමයි ලංකාවේ හැමදාම වෙන දේ. නිලමේ බේරිලා ඇත් ගොවුවයි කවුරුහරි හිරේ යන්න ලැස්ති දුප්පත් එකෙක් ලේකම් විදිහටයි අල්ලලා ලොකු කෙනා බේරෙනවා. හෝටලේක මුව මස් ගෝන මස් අහු වුනාම කෝකියා හිරේ යනවා. කුඩු මුදලාලි වෙනුවට වරායෙන් ඒවා නිදහස් කරගන්න යන ලිපිකරුවා හිරේ යනවා. අලියා උඩ උජාරුවෙන් යන්නෙත් අලියා වැඩට යවල හම්බවෙන සල්ලි ගන්නෙත්, අලියෙක් ඕනේ කියල බලපත්‍ර ගන්නෙත් නිලමේ.

:       0       131

ජේසුදාසන් Tuesday, 28 August 2018 09:04 AM

මොනවා උනත් මේ අලුත් වන ජීවී සංරක්ෂණ නියෝජ්‍ය අමාත්‍යවරයා තම කාර්යය හොඳින් කරන බව පේනවා. ආදරයෙන් කරුණාවෙන් සලකන තැනකට යවන්න. තුවාල වලට ප්‍රතිකාර කරන්න. සත්ව අහිංසාව සඳහා දඬුවම් ලබා දෙන්න.

:       1       115

nuwan Tuesday, 28 August 2018 09:27 AM

මේ වගේ වැඩ කරන මිනිස්සු නිසා තමයි පාරම්පරික පෙරහරකට අලියෙක් ගත්තාම අන්‍යාගමිකයෝ කිබුල් කදුළු හලන්නේ. ඇමති තුමාගේ හොද වැඩක්. ඔය මිනිස්සු දෙන්නව ගස් බැදලා තියන්න ඕනේ මාසයක්.

:       2       73

Samathasena A . Aluthgamage. Tuesday, 28 August 2018 09:53 AM

මිනිස් පරම්පරා ගණනක් ආයුෂ ඇති මේ අපුරු දැවැන්තයින් ගැන මීට වඩා කරුණාවක් දැක්වීමට අපේ රටේ මිනිස්සුන්ට සිත්වෙවා !

:       1       116

රවින් Tuesday, 28 August 2018 10:01 AM

මොන අධිකරණයද? මේ දෙන්නව දම්වැල්වලින් ගැට ගහලා ගස් බැන්දම ඉවරනේ. වැසිකිලි කැසිකිලි ඔක්කොම එතනම කරගෙන එක මාස තුනක් තිබ්බනම් ලෝකේ ඉන්න කවුරුත් ඔයවගේ සතුන්ට හිංසා කරන එකක් නැහැ.

:       0       18

රසික Tuesday, 28 August 2018 10:40 AM

ඕක තමයි බොහොමයක් හීලෑ අලි ඇතුන්ගෙ තත්වය. පට රෙද්දෙන් වහලා පෙරහැරේ අරන් යද්දි වැන්දට පෙරහැරෙන් පස්සෙ උන් අපා දුක් විඳිනවා.

:       22       168

Saj Tuesday, 28 August 2018 12:57 PM

මේ අලියා 2010 වගේ ඉදලා ඔතන බැදලා ඉන්නේ දැන් කට්ටිය ඔක්කොම කියන්නේ අවුරුදු 3 ක් කියලා ඒක බොරුවක්, මේ අලියා දරුණුයි කියලා තමා මෙහෙම බැදලා ඉන්නේ, එකේ විදේශීය ජාතිකයන් කරපු වීඩියෝ තියෙනවා 2013 ඉදලා, මේ අලියව පින්නවලට යවන්නම ඕනේ,

:       8       81

kalpa Sunday, 02 September 2018 06:20 AM

පේනවානේද ලංකාවේ දේශපාලනය පිරිහුණු තරම. මෙම අලියා කොළපාට රජයෙන් දුන් කෙනෙක් නිල් ආණ්ඩුවෙන් දුන් ඇතින්නට රජසැප. ලංකාවේ පවතින මෙම පක්ෂ ක්‍රමය වහාම වෙනස් නොකළොත් රටම විනාශයි...

:       1       7

Reality Check Sunday, 09 September 2018 02:46 PM

නීතිය සැමට එකසේ ක්‍රියාත්මක නොවන රටක ආණ්ඩුවක් හෝ පාලනයක් නොමැත. 2020 දීවත් මේ හොරු දෙගොල්ලන්ට ඔබේ ඡන්දය නොදෙන්න.

:       0       13

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 19 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 148 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 461 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 363 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 275 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 693 1

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1716 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site