( නාලක සංජීව දහනායක)
මිළ සූත‍්‍රය අනුව මසකට වරක් ඉන්ධන මිළ ඉහළ දමන්නේනම් එයට සරිලන ලෙස සියළුම සේවක සේවිකාවන්ගේ වැටුප් ඉහළ දැමීම සඳහාද වැටුප් සූත‍්‍රයක් හඳුන්වා දිය යුතු බව ඒකාබද්ධ විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (12) පැවසීය.
ඉන්ධන මිළ ඉහළ දැමීමට සමානව වැටුප් වැඩි නොවීම නිස ජනතාවගේ ආර්ථිකය ඉතාම වේගයෙන් අගාධය කරා ගමන්කරමින් තිබෙන බවද ඔහු කීය.
මන්ත‍්‍රීවරයා මෙසේද කීය.
ඉන්ධන මිළ සූත‍්‍රයට අනුව සති තුනක කාලයක් ඇතුළතදී තුන්වැනි වරටත් ඉන්ධන මිළ ඉහළ ගිහිල්ලා. ඛණිජතෙල් මිළ ඉහළ යෑමත් සමඟම අනෙක් සියළුම භාණ්ඩ හා සේවාවල මිළ වැඩිවෙනවා. මේ ඉන්ධන මිළ සූත‍්‍රය කුමක්ද, මිළ වැඩිවෙන්නේ කුමන ප‍්‍රතිශතයකින්ද කියන්න ජනාධිපතිවරයා දන්නේ නැහැ.
මේ ඉන්ධන මිළ සුත‍්‍රය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව විෂයභාර අමාත්‍යවරයා හා ඛණිජතෙල් සංස්ථාවේ වෘත්තීය සමිති සඳහන් කරනවා. මුදල් ඇමතිවරයා හැර ආණ්ඩුවේ කිසිම ඇමතිවරයෙක් මේ මිළ සූත‍්‍රය ගැන දන්නේ නැහැ. තොරතුරු දැනගැනීමේ පනත යටතේවත් මේ සූත‍්‍රය ගැන කිසිම තොරතුරක් දෙන්නේ නැහැ. මෙය මායාකාර ගුප්ත මිළ සුත‍්‍රය මොකද්ද?.
මේ මිළසූත‍්‍රය අනුව රටේ ආර්ථිකය කොතැනටද ගමන් කරන්නේ කියන ප‍්‍රශ්නය අපිට ඇතිවෙනවා. 2008 වසරේදි බොරතෙල් බැරලයක මිළ ඇමරිකානු ඩොලර් 140 දක්වා ඉහළ ගියා. වත්මන් ආණ්ඩුව යටතේ එවැනි තත්ත්වයක් නිර්මාණය වුනොත් අපේ රටේ පෙට්ට‍්‍රල් ලීටරයක් රුපියල් 295 ක මුදලකට විකුණන්න වෙනවා. ඒ නිසා මේ මිළසූත‍්‍රය කොයිතරම් විනාශකාරීද කියලා පේනවා. මසකට වරක් ඉන්ධන මිළ ඉහළ දමනවානම් එයට සරිලන ලෙසට සියළුම සේවක සේවිකාවන්ගේ වැටුප් ඉහළ දැමීමේ සූත‍්‍රයක් නිර්මාණය කළ යුතුයි. එහෙම නොවුනොත් ජනතාවගේ ආර්ථිකය ඉතාම වේගයෙන් අගාධය කරා ගමන් කරන බවක් පෙනෙන්න තිබෙනවා යැයිද කීය.
ඒකාබද්ධ විපක්‍ෂය බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
දිවයිනේ බොහෝ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගල්පිට්ටනිය තුළදී එම විශ්වවිද්‍යාලයේ සහ කැලණි විශ්ව විද්‍යාලයේ සිසුන් තිදෙනකුට පහර දුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වව
මෝදර, බ්ලූ මැන්ඩල්, මිහි ජය සෙවන, කොටහේන, මහභාගේ , රාගම යන ප්‍රදේශවල සිදු කළ අපරාධවලට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවෙක් මත්කුඩු ග්‍රෑම් 12ක් සහ මිලිග්‍රෑ
මරදන්කේනි තලෙයිඅඩි ප්‍රදේශයේ කාන්තාවක දූෂණය කර ගෙල සිරකර ඝාතනය කර ඇතැයි මරදන්කේනි පොලිසිය පවසයි .
දූෂණ චෝදනා සම්බන්ධයෙන්, මාසයකට වැඩි කාලයක් අත්අඩංගුවේ සිටි දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට ඇප නියම කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.
ඉන්දීයාවට වඩා දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහමඩ් මුයිසු ඉන්දීය සංචාරයකට කැමැත්තෙන් පසුවන බව පැවැසෙයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘ඉන්ධන මිල සුත්‍රය මෙන් සේවක වැටුප් වැඩි කරවීමටද වැටුප් සූත්‍රයක් තිබිය යුතුයි‘
පිටිගල මිලානෝ Wednesday, 12 September 2018 12:05 PM
බලන්න පොඩ්ඩක් සූත්තරේ තියෙනවද කියලා...?
sena Wednesday, 12 September 2018 12:10 PM
අම්මේ, දැන්නේ මන්ත්‍රීතුමාට හොඳ හොඳ අදහස් පහළවෙන්නේ.. තව සෑහෙන කාලයක් විපක්ෂයේ තියන්න වෙනවා මීටත් වඩා හොඳ අදහස් ලබාගන්න.
ගාල්ලේ පාල Wednesday, 12 September 2018 12:30 PM
සේන කියූ පරිදි මෙතුමන්ලගේ කාලෙ බන්දුල ගුණවර්ධනත් සූත්තර හැදුවනේ.. අන්න ඒ කාලෙයි වැටුප් සූත්තරෙත් හදන්න කිව්වේ..
ajith Wednesday, 12 September 2018 12:47 PM
මේ ගොල්ලන්ගේ කාලේ උසාවි නියෝගයටවත් අැහුන්කන් නොදී දැන් වැටුප් සූත්තර ගැන කතා කරනවා. ලැජ්ජයි.
Pradeep Wednesday, 12 September 2018 01:28 PM
මේක හැදුවේ මෙයාගේ මහරජා...
OMG Wednesday, 12 September 2018 01:00 PM
චක්කරේ පාඩම්ද දන්නේ නැහැ.
rocky Wednesday, 12 September 2018 02:02 PM
දැන් සූත්තර පුන්චාට අර කිරි පැකට් බිව්වට පස්සේ අමුතු අදහස් පහල වෙනවා වගේ!