IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ෆ්ලොයිඩ්ගේ ඝාතනයට ඒරෙහිව බ්‍රිතාන්‍යයෙත් විරෝධතා

ඇමරිකාවේ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට ඒරෙහිව අද (06) බ්‍රිතාන්‍යයේ නගර කිහිපයකම දහස් ගනනකගේ සහභාගීත්වයෙන් විරෝධතා  පැවැත්විණි.

ලන්ඩන්, මැන්චෙස්ටර්, කාඩිෆ්, ලීර් සහ ෂෙෆීල්ඩ් ඇතුළු නගර ගනනාවකම මෙම විරෝධතා පැවැත්වුණු බව වාර්තා වේ.

"යුක්තිය නැත, සාමය නැත සහ කළු ජීවිත වැදගත් යනුවෙන් හඬ නගමින් ඔවුහු විරෝධතාවයේ යෙදුනහ.

"කොවිඩ් - 19ට වඩා විශාල වයිරසයක් ඇති අතර ඒය වර්ගවාදය ලෙස හැඳින්වේ." යනුවෙන් සඳහන් පුවරු ඔසවාගෙන විරෝධතාකරුවෝ ගමන් කළහ.

කොරෝනා හේතුවෙන් මහජන රැස්වීම් වලට ඒරෙහිව පනවන ලද නීති නොතකමින් විරෝධතා සංවිධානය කර තිබිණි.

ලන්ඩනයේ පාර්ලිමේන්තු චතුරස්‍රයේ රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනතාවගෙන් වැඩි දෙනකු මුහුණු ආවරණ හා අත්වැසුම් පැළඳ සිටිනු දක්නට ලැබිණි.

බ්‍රිතාන්‍යයේ ලෝක හෙවිවේට් ශූර බොන්සිං ක්‍රීඩක ඇන්තනි ජොශුවා ඔහුගේ උපන්ගම වන වොට්ෆෝර්ඩ් හි විරෝධතාකරුවන් සමග ඒක්විය.

ඉරිදා දිනයේ ග්ලාස්ගෝ, ඒඩින්බර්ග් සහ ඇබර්ඩීන් හි උද්ඝෝෂණ පැවැත්වීමට නියමිතය.

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (3)

ෆ්ලොයිඩ්ගේ ඝාතනයට ඒරෙහිව බ්‍රිතාන්‍යයෙත් විරෝධතා

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 07 June 2020 03:31 AM

සපත්තුවට ගෙළ සිරවී මියගියත්, ජෝර්ජ් ලොයිඩ් වීරයෙකු වුණා. පොලිස් නිලධාරීන්ට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක වෙනවා. ට්‍රම්ප්ට් ට නඩු. දැන් සටන වැදගත් විදිහට නැවත්තුවා නම් නේද වඩා හොඳ. කළු සුදු හෝ වර්ණ භේදය, ජාති හා අාගම් භේදය, කුල භේදය ආදිය නිසා මොනතරම් හානියක් මනුෂ්‍ය සමාජයට සිදුවෙනවාද? සෑම ජාතියකම, සෑම කුලයකම, සෑම ආගමකම මොනතරම් හොඳ මිනිසුන් සිටිනවාද? එසේම නොහික්මුණු අන්තවාදීන්ද සිටිනවා. උද්ඝෝෂණ වලට සුදු ජාතිකයන්ද සහභාගී වුණා. ඔබාමා කළු ජාතික සම්භවයක් ඇති කෙනෙක්. ඒත්, ඔහුව පත්කළේ ඇමරිකානු ජනතාව. ඒ අනුව බලනවිට ඔවුන් අප සිතන ආකාරයේම අය නොවෙයි. මේවාට මා සතුව මාගේම මා ලැබූ අත්දැකීම් තිබෙනවා. ලොව පුරාම අන්තවාදී නායකයන් මෙන්ම අන්තවාදී මිනිසුන්ද සිටිනවා. මෙය සියළු ජාතීන්ට, සියලු ආගම්වලට පොදුයි. අද අප භුක්ති විඳින සෑම සියළු දේම පොදුවේ බුද්ධිමතුන්ගේ ප්‍රඥාවේ මහිමයයි. ඒ සඳහා වර්ණ, ජාති, ආගම් භේද නැහැ. මේ ලියන සන්නිවේදන උපකරණයත්, එහෙමයි. ඒනිසා ලෝකයේ තිබිය යුත්තේ කුළ හෝ ජාති දෙකයි. ඒවා නම් හොඳ හා නරක යනුවෙනි. "කම්මනෝ වසලෝ හෝති .. කම්මනො හෝති බ්‍රාහ්මනෝ " යනුවෙන් දේශනා කළේ එහෙයිනි.

:       420       448

Kamal Koyrala Sunday, 07 June 2020 08:11 AM

අපිත් බලාගෙන ඉන්නවා විරෝධය ප්‍රකාශ කරන්න විමල් වීරවංශ මහතා සමග...

:       165       77

Pathum Sunday, 07 June 2020 08:56 AM

කව්ද කිව්වේ වීරවංශ සහ ගම්මන්පිලත් උද්ඝෝෂණයට උදව් කරන්න කියලා ඇමෙරිකා සහ එක්සත් රාජධානියට ගෙනිහිල්ලා කියලා...?

:       23       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 112 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 418 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 334 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 254 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 645 1

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 1294 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1716 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site